අමු මිරිස් කල් තබා ගැනීමට විවිධ ක්‍රම තිබෙනවා
■ 1 වන ක්‍රමය
මුලින්ම කහ සහ විනාකිරි මිශ්‍ර ජලයේ බහා විනාඩි 15 ක් පමණ වේලාවක් තබන්න. දැන් එය ඇල්වතුරෙන් සෝදා ගන්න. මේ අමුමිරිස් හොඳින් තෙත මාත්තු කර ගෙන පවනේ වියලා ගන්න. ප්ලාස්ටික් කන්ටේනරයක යටම කොටසට පේපර් සර්වියට් එකක් හෝ කපු රෙදි ලේන්සුවක් වැනි රෙදි කැබැල්ලක් එලන්න දැන් ඉඩ පරතරය සහිතව දැන් හොඳින් වියලා ගත් අමුමිරිස් අතුරන්න. දැන් නැවත පේපර් සර්වියට් එක හෝ රෙදි කැබල්ල අතුරන්න. ඒ මත අමුමිරිස් තබන්න. මේ අන්දමින් තට්ටු කීපයක් ඔබ ගත් කන්ටේනරය පිරෙන තෙක් අමසුරා හොඳින් වසා ශීතකරණ කොටසේ තබන්න.
■ 2 වන ක්‍රමය
මුලින්ම කහ සහ විනාකිරි මිශ්‍ර ජලයේ බහා විනාඩි 15 ක් පමණ වේලාවක් තබන්න. දැන් එය ඇල්වතුරෙන් සෝදා ගන්න. දැන් මේ අමුමිරිස් හොඳින් තෙත මාත්තු කරගෙන පැතැලි ට්‍රේ එකක අතුරන්න. එය අධිශීතකරණ කොටස් තබා ගෙන හොඳින් freeze වුණ පසුව ට්‍රේ එක පිටතට ගන්න. එය සුළං නොවදින zipper lock බෑගයක දමා අධි ශීතකරණයේ තබන්න. බෑගයේ වාතය පිටතට ගැනීම අවශ්‍යයි. අමුමිරිස් පාවිච්චියට ගැනීමට පෙරාතුව ඇල් වතුර භාජනයක දමා විනාඩි 15 ක් පමණ කාලයක් තබන්න.
■ 3 වන ක්‍රමය
අමුමිරිස් නැටි කඩා ගෙන සෝදා ගන්න. මෙහි ජලය හොඳින් ඉවත් වන සේ පිසදාන්න. මෙය බ්ලෙන්ඩරයකින් අඹරා ගෙන ලුනු තෙල් සහ දෙහි ඇඹුල් ස්වල්පයක් මිහ්‍ර කරගෙන ඒ මිහ්‍රණය අයිස් කැට තබන බන්දේසියක් තුළට දමා අධි ශීතකරණයේ තබන්න. දැන් ඔබට අයිස් කැට හා සමාන අමුමිරිස් කැට දකින්න ලැබේවි.
ආහාර වෙනුවෙන් යොදා ගන්නා විට මේ අමුමිරිස් කැටයක් පිටතට ගන්න. අයිස් කැට තබන තැටියක වුණත් එක් වේලකට ප්‍රමාණවත් තරමින් අයිස් කැට අතුරන්නත
■ මෝරු මිරිස්
අමුමිරිස් නැටි පිටින්ම සෝදා ගෙන තුවායකින් පිසගෙන පවනේ වියළා ගන්න. අමුමිරිස් කරලේ පැල්මක් සාදා ගන්න. නමුත් අමුමිරිස් කරල දෙපලු වෙන සේ කැපුම් කරන්න එපා. දැන් මිකිරි හෝ යෝගට්, ලුනු සහ කහ එකතු කරන්න. දැන් වතුර එකතු කර ගෙන මෙය හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
දැන් මේ මෝරු මිශ්‍රණය මැටි හෝ ප්ලාස්ටික් ක්නටේනරයකට දමා ගන්න. නැටි සහිත අමුමරිස් මට්ටමට ජලය අවශ්‍යයි. හොඳින් මෝරු තැවරෙන සේ අමුමිරිස් ගිල්වා දින තුනක් කාමර උෂ්ණත්වයේ තබා ගන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා