නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: විශ්මිත සෛලවල අපූර්වත්වය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

විශ්මිත සෛලවල අපූර්වත්වය

Published July 3, 2023

අප අප ගැන දැන සිටීම ලෝකය ගවේශණයට වඩා සැබවින්ම වැදගත්ය.

■ පුදුමයි ඒත් ඇත්තයි

ඔබගේ මොළයේ ඇති ස්නායු සෛල ගණන් කිරීමට වසර 3,000ක් ගතවේ. වැඩිහිටියකුගේ සම කිලෝ ග්‍රෑම් 3.6 – 5 ක බරකින් යුක්ත වන අතර සමේ ක්ෂේත්‍රඵලය වර්ග මීටර් 1.7 – 2 අතර වේ. එය තනි පුද්ගලයකුගේ කූඩාරමක පොළොවේ ප්‍රමාණය හා සමානය. වැඩිහිටි සිරුරක දිගම අස්ථිය, සෙමී. 46 ක් දිග කලවා අස්ථියයි. කන තුළ පිහිටා ඇති කුඩාම අස්ථිය සෙමී 0. 25 ක දිගින් යුත් වී ඇටයකට වඩා කුඩා වූවකි. රාත්තල් 150 ක් බරැති වැඩිහිටියකුගේ ඇටසැකිල්ල පමණක් රාත්තල් 21 ක් බරය. සාමාන්‍ය මිනිසකු තම ජීවිතකාලය තුළ ඇවිදින මුළු දුර සමකයේ සිට සිවුවතාවක් ලොවවටා ඇවිදිය හැකි දුර එනම් සැතපුම් 100,000 කට සමානය.

මිනිස් සිරුර සෑදී ඇත්තේ පරමාණු ඔක්ටිලියන 7 ක ප්‍රමාණයකිනි. සිරුරේ වේගවත්ම පේශි චලනය ඇසිපිය හෙළීමයි. එම කාලය තත්පරයකින් සියයෙන් පංගුවකට වඩා අඩුවන අතර මිනිසකුට දිනකට වාර 11,500 කට වඩා ඇසිපිය හෙළිය හැකිය. ගැහැණු පිරිමි දෙපාර්ශවය අතරම සමහරවිට තම සිරුරේ එක්තරා අවයවයක් ගැන බියක් පවති. ඒ පෙකණියයි. එම රෝගය Omphalophobia නම් වන අතර ඔවූහු තමාගේ හෝ වෙනත් අයකුගේ පෙකණිය දැකීමට බියවෙති. නොඑසේ නම් දැකීමට පිළිකුල් කරති. ආහාර ගැනීම සඳහාම මිනිසුන් ජීවිත කාලයෙන් වසර පහක්ම වැය කරති. වැඩිහිටියකුගේ ආමාශයට ලොකු වතුර වීදුරු 4 ක ප්‍රමාණයක් රැඳවිය හැකිය.

වැඩිහිටියකු දිනකට අසූචි අවුන්ස 3 – 8 ක ප්‍රමාණයක් නිපදවයි. ආහාර ජීර්ණ පද්ධතිය තුළ රැඳී ඇති බැක්ටීරියා ප්‍රමාණය රාත්තල් 05 කි. මලබද්ධය ගැන බියවීමද රෝගයකි. එය Coprastasophobia නමින් හැඳින්වේ. දෛනිකව සිදුවන වැඩිහිටියකුගේ රුධිර සංසරණය වන දුර ප්‍රමාණය දිනකට කිලෝමීටර් 19,000 කි. එය නැගෙනහිර සිට බටහිර දෙසට පැසිෆික් සාගරයේ පළලතම කොටස තරණය කිරීම හා සමානය. මිනිසකුගේ ජීවිත කාලය තුළ සිදුවන හෘද ස්පන්දන වාර ගණන බිලියන 3 කට අධිකය. වැඩිහිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ පෙනහැලිවල බව රාත්තල් 2. 5 කි.

වැඩිහිටියකුගේ මොළය දිගහැරි විට එය කොට්ට උරයක ප්‍රමාණය ගනියි. වැඩිහිටියකු ජීවිත කාලයෙන් 33 % ක් පමණ නිදාගැනීම සඳහා වැයකරයි. බල්ලකුගේ එම කාලය 44 % කි. පුද්ගලයකු සිය ජීවිතකාලය තුළ දළ වශයෙන් ගන්නා ආහාර ප්‍රමාණය ටොන් 35 කි. මිනිස් ඇසකට ආසන්න වශයෙන් වෙනස් වර්ණ මිලියන 10 ක් හඳුනාගත හැකිය. මිනිසකු දිනකට 23,040 වාරයක් ශ්වසනයේ යෙදෙන අතර ජීවිත කාලය පුරාවටම එය වාර 672,768,00 කි. මිනිස් සිරුරේ පුනර්ජනනය කළ හැකි එකම ඉන්ද්‍රිය වන්නේ අක්මාවයි. මුල් අක්මාවේ සම්පූර්ණ ප්‍රමාණයට පුනර්ජනනය කිරීම සඳහා අක්මාවෙන් 25 % ක් ප්‍රමාණවත් වේ.

(https://www.factretriever.com/ ඇසුරෙන්)

සුනිල් අල්ගම

TAGGED: Cells, Human Cells, සෛල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Harry Potter ට පණ දුන්  J.K  රෝලින්

September 18, 2023

දුබල අස්ථිවලට ප්‍රතිකාර හරි හෙළ වෙදකමේ තියෙනවා

September 18, 2023

අහසට යන මුල්ම අම්මයි දුවයි

September 18, 2023

ෆෝන් එකක් ගත්තට මදි හරියට චාජ් කරන්න ඉගෙනගන්න

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?