නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ආගමකට ගැරහීම වසල ගතියක්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ආගමකට ගැරහීම වසල ගතියක්

Published July 3, 2023

ප්‍රාග් බෞද්ධ යුගයේ පටන් භාරතයේ දෙසැට මිථ්‍යා දෘෂ්ටින් පැවැති අතර බෝසතාණන්වහන්සේ “කිං දච්ච ගවේෂී” ලෙසින් සත්‍ය සොයා ගිය සේක. බෝසතාණන්වහ්නසේ ගිහිගෙයින් නික්ම බුද්ධත්වයට පත් වීමෙන් පසුවත් මිනිසා ජීවිතය ගත කළ යුතු ආකාරය පිළිබඳව විවිධ සුත්‍ර වල සඳහන් කළ සේක. බුද්ධ කාලයේ ජිවත් වුණ ෂඩ් ශාස්තෘන් වහන්සේලාගේ විවිධ ඉගැන්වීම්ද මේ අතර වූහ.

මරණින් පසු ආත්මයක් නැත. කර්මයක් පළදීම හෝ පුනර්භවයක් නොමැත. ඒ වගේම පිං පවු නැත. මිනිසා උඩ සිට පහළට මිනිස් ඝාතනයක් කළද පව් නැත. එපමණක් නොව උඩ සිට පහළට දන් දුන්නද ලැබෙන පිනක් නැත. ඒ අනුව ඔවුන්ගේ ඉගැන්වීම වූයේ කර්ම විපාක නැත යන්නයි. නමුත් බුදුරජාණන්වහන්සේ හේතුඵල සම්බන්ධතාවය සහ පුනර්භවය වැනි දාර්ශනික සංකල්ප මගින් මිනිසා ජීවත් විය යුතු ආාකරය පිළිබඳව ලෝකයාට පැහැදිලි කළ සේක. තමන්ගේ දෙලොව දියුණුව සඳහා තමාගේ ජීවන පැවැත්ම ධාර්මික ලෙසින් හැඩ ගසා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ සේක.

■ කිසිම ආගමකට ගැරහුවේ නැත

බුද්ධකාලීන භාරතයේ පවා දෙසැට මිසදුටු ආගම් පැවැතියත් බුදරජාණන්වහන්සේ ඒ කිසිඳු ආගමකට ගැරහුවේ නැත. බුදුන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන පුද්ගලයන් බුදුදහම වැළඳ ගත්තා මිසක කිසිඳු ලෙසකින් බලපෑම් ඇති කළේ නැත. තමන්ගේ විමංසා බුද්ධියෙන් ධර්මය අවබෝධ කර ගැනීමට නිදහස බුදුදහමේ පැවැත්ම වී තිබේ. ඒ වගේම වෙනත් අයෙකුට නින්දා පරිභව කිරීම බුදුන්වහන්සේ දැඩි සේ ප්‍රතික්ෂේප කළහ. වැරැද්දක් ඇති තැනදී එය කරුණාවෙන් පෙන්වා දීම අගය කළ සේක.

■ අසත්පුරුෂයා සම්‍යදෘෂ්ටියට ගරහයි

අපේ සාමාන්‍ය ජන ජීවිතයේදී වුවද යහපත් පුද්ගලයාට, යහපත් ඉගැන්වීම් දෙස ද්වේහයෙන් බැලීමේ රටාවක් පවතී. බුදුරජානන්වහන්සේ පරාභව සුත්‍රයේ සඳහන් කරන අන්දමට

අසන්තස්ස පියා හොන්ති-සන්තෙ ත කුරුතෙ පියං
අසතං ධම්ම රෝවෙති  පරාභවතෝ මුඛං…

මොහුට අන්‍ය ශාස්තෘන් ප්‍රිය වෙත්ද, බුද්ධාදි සත් පුරුෂයන් ප්‍රිය නොකෙරෙත්ද,  දෙසැටක් මිථ්‍යා දෘෂ්ටිනේ ඇති අසත්පුරුෂ ධර්මයන් ප්‍රිය වෙත්ද, එය පිරිහීමට හේතුවකි. එසේම පරාභව සුත්‍රයේ සඳහන් වන අන්දමට

යෝ බ්‍රහ්මණං වා සමනං වා අඤ්ඤංවාපි න වණිබ්බතං
මුසාවාදෙන වඤෙචති තං පරාභවතො මුඛං…

යම් පුද්ගලයෙක් බමුණෙක් වේවා… මහණෙකු වේවා… අන්කිසි යදිටයකු වේවා බොරුවෙන් රවටයි නම් එයද පිරිමීමේ ලක්ෂණයක් වේ.

■ වෛරී සහගත අදහස් පැතිරීම

වසල සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.

කොධනෝ උපනාහිච  පාපමත්තේච යෝ නරෝ
විපන්න දිට්ඨි මායාවි ු තං ජඤ්ඤා වසලෝ ඉති…

වෛරී සහගතව මිථ්‍යාදෘෂ්ටික අදහස් ආකර්ශනීය අන්දමින් ඉදිරිපත් කරනවා නම් ඔහු වසලයෙකි. මේ අනුව අද දවසේ බුදුදහම පිළිබඳව අංශු මාත්‍රයක දැනීමක් නොමැතිව බෞද්ධ සාහිත්‍යයේ ඇති ඇතැම් සිදුවීම් මුල් කරගෙන බුදුදහමට ගරහන්නා වසලයෙක් බැව් අමුතුවෙන් කිව යුතු නැත. මේ විවේචන පිටුපසින් ඇත්තේ ආත්ම ලාභය මුල් කර ගත් බලවේග බවද සඳහන් කළ යුතුම වේ. මෙවැනි පුද්ගලයන් මානුෂීය ගුණධර්ම නොමැති නින්දනීය චරිත වන්නේය. වසල සුත්‍රයේ දැක්වෙන තවත් ගාථාවක් සඳහන් කළොත් ඒ මෙසේය.

යො අත්ත හේතු පර හේතු
ධන හේතුච යෝ නරෝ
සක්ඛිපුට්ඨෝ මුසා බ්‍රැති
තං ජඤ්ඤා යසලෝ ඉති

මෙම ගාථාවට අනුව යමෙක් තමන්ගේ ආත්ම ලාභය සඳහා හෝ වෙනත් යමක් බලාපොරොත්තුවෙන් හෝ දහමට හෝ අන් අයට ගැරහීම මහත් වූ පාපකාරී වසල සිතුවිල්ලකි. වසල සුත්‍රයේ 19 වැනි ගාථා පාඨයට අනුව

යෝ බුද්ධං පරිභාසති අථ වා තස්ස සාවකා
පරිබ්‍රාජා ගහට්ඨං වා- තං ජඤ්ඤා වසලො ඉති

බුදුරජාණන්වහන්සේට හෝ බුදුදහම රක්ෂා කරන පැවිද්දන්ට හෝ ගිහියෙකුට නින්දා අපවාද කරනවාද හෙතෙම වසලයෙකි. එක්තරා අවස්ථාවක බුදුරජාණන්වහන්සේ වෙත පැමිණි නිගන්ඪනාථ පුත්තගේ ප්‍රධාන අනුගාමික උපාලි සිටුතුමා බුදුරජාණනවහන්සේ වෙත පැමිණියා.

ඔහු බුදුරජාණන්වහන්සේ ගැන පැහැදී බුදුදහම වැළඳ ගැනීමට අවසර ඉල්ලුවිට බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ඔබ නිගන්ඨනාථ පුත්තගේ අනුගාමිකයෙක් ඒ නිසා තව දුරටත් සිතන්න යැයි ඉල්ලා සිටියහ. තුන්වන වතාවටත් උපාලි සිටුතුමා තෙරුවන් සරණ යෑමට අවසර ඉල්ලා සිටි අතර බුදුරජාණන්වහන්සේ එහිදී පවා දේශනා කළේ ඔබ තෙරුවන් සරණ ගියත් නිගන්ඨනාථ පුත්තයන්ට මෙතෙක් ලබා දුන් දාන මාන සංග්‍රහ එසේම දෙන්න. ඔහුට නින්දා පරිභව නොකරන්න. යැයි අවවාද කළ සේක.

■ ලෞකික ලාභ අපේක්ෂාවන්

නමුත් අද බොහෝ පුද්ගලයන් තම තමන්ගේ ලෞකික ලාභ අපේක්ෂාවන් පදනම් කරගෙන බුදුදහමේ ඉගැන්වීම් පවා අතහැර දමන ප්‍රවණතාවයක් ගොඩ නැගී ඇත. බුදුදහම චින්තනයේ නිදහස ඇති ධර්මයකි. සිතා විමසා බලා ධර්මයේ අවබෝධය ලබන්නට නිදහස ලබා දී තිබේ. එහෙත් නිවසක් සාදා ගැනීමට දරුවා පාසලකට යවන්න රැකියාවක් ලබා ගැනීම. මේ වෙනුවෙන් බටහිර රටවල් විසින් මුදල් වැය කරමින් මතුපිටින් නොදැනෙන එමෙන්ම නොපෙනෙන කූට ව්‍යාපාරයන්ද ගොඩ නැගෙමින් පවතී.

මේ අනුව බලන විට බුදුදහම යනු පුද්ගලයාගේ නිදහසට, ස්වාධීනත්වයට බාධා කරන දහමක් නොවේ. තමාගේ හැසිරීම අනුව පින් පව් ලැබෙන තමාගේ ජීවිතය යහපත් ලෙසින් ගොඩනගා ගැනීමේ පුර්ණ අයිතියක් ඇති දහමකි.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ශාස්ත්‍රපති කපුගම
සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ශ්‍රි අභිනවාරාමය, කතරගම

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Insulting a religion, Karma, Wasala Suthraya, ආගමකට නින්දා කිරීම, වසල සුත්‍රය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බොන්සායි ගහ බබෙක් වගේ බලාගන්න

September 25, 2023

පිළිකා නසන ඉඟුරු තේ

September 25, 2023

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?