2025 ජූනි 05 වැනි දින යෙදී තිබුණේ ලෝක පරිසර දිනය සඳහායි. වසරක් පාසා කෙරෙන සැමරීම්වලදී එහි වැදගත්කම සිහිපත් කෙරෙන නොයෙකුත් වැඩසටහන් ලොවපුරා පැවැත්වෙයි. ලොව විශාලතම පාරිසරික සිදුවීම වන මෙය සඳහා මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වේ.
දිනයක් හැදුණේ කොහොමද?
ලෝක පරිසර දිනය ඇතිකරනු ලැබුවේ 1973 වසරේදීය. ඉන් වසරකට පසු 1973දී, “Only One Earth˜” යන තේමාව යටතේ ලොව පළමු පරිසර දිනය පැවැත්විණි. එහි අරමුණ වූයේ පරිසර සංරක්ෂණයේ අවශ්‍යතාවය සහ ගතයුතු ක්‍රියාමාර්ග ගැන දිරිමත් කිරීමයි.
මෙය ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැත්වුණු අතර ඒ සඳහා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. එතැන් සිට සෑම වසරකම තෝරාගත් රටෙක මෙම දිනය සැමරෙන අතර විශේෂිත පාරසරික ගැටලුවක් ගැන එහිදී අවධානය යොමු කෙරෙයි.
2025 ලෝක පරිසර දින තේමාව සහ සත්කාරක රට
මෙවර තේමාව වූයේ ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීමයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය පෘථිවියේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇත. සාගරවල සිට අප පරිභෝජනය කරන ආහාර දක්වා ඇතුළු වී ඇත. පරිසර ආරක්ෂණයේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබාඇති කොරියානු ජනරජයේ ජේජු පළාතේ මෙවර පරිසර දිනය සඳහා භාවිත විය. එසේ සිදුවූයේ දෙවන වරටය. කොරියාව, ප්ලාස්ටික් දූෂණයෙන් මිදීම මෙන්ම වාතයේ සහ ජලයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සහ පුළුල් අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළු පාරිසරක ආරක්ෂණයේ සැලකිය යුතු ප්‍රගතියක් මේ වනවිට අත්කරගෙන ඇත.
ප්ලාස්ටික් දූෂණය
වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 430 කට වඩා නිෂ්පාදනය කෙරේ. මින් තුනෙන් දෙකක් අපතේ යන සහ කෙටිකාලීන නිෂ්පාදන ගණයට වැටීම පරිසර පද්ධති දූෂණයට සහ මිනිස් ආහාර දාමයට ඇතුළුවීමට හේතු වේ. ගෝලීය වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 11 ක් ජලජ පරිසර පද්ධතිවලට කාන්දු වන අතර සමහර කෘෂි නිෂ්පාදනවලදී ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය මාර්ග සහ ගොඩකිරීම් තුළින් පසට කාන්දු වේ.
අපද්‍රව්‍ය කළමනාකරණය
නුසුදුසු අපද්‍රව්‍ය කළමනාකරණය හේතුවෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මගින් පරිසර හානිය, ජල පද්ධති දූෂණය සහ දේශගුණික විපර්යාසවලට මං සලසයි.
දේශගුණික විපර්යාස
මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන අතිරික්ත හරිතාගාර වායූන් වායුගෝලයට මුදාහැරීම නිසා පරිසර උෂ්ණත්වය වායුගෝලයෙන් පිට නොවී ඉහළ යයි.
එවිට ග්ලැසියර වේගයෙන් දියවන අතර මුහුදු මට්ටම ඉහළ ගොස් වෙරළබඩ ප්‍රදේශවල ජෛව විවිධත්වය නැතිවේ. ගංවතුරට හා නියඟයටද හේතුවනු ඇත. වන විනාශයද පාංශු ඛාදනය, ජල දූෂණය සහ දේශගුණික විපර්යාස ඇතිකරයි.
ලෝක පරිසර දිනයට අප දායකත්වය
ගස්සිටුවීම මගින්, පාංශු ඛාදනය වැළකී වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරාගෙන එය පිරිසිදු කිරීමටද සිදුවේ. ජල කාන්දුවීම නිවැරදි කිරීම, ජල කාර්යක්ෂම උපකරණ, හෝස් වෙනුවට වතුර මල් භාවිතය, ප්ලාස්ටික් අඩුවෙන් භාවිත කිරීම, කඩදාසි, ප්ලාස්ටික් සහ වීදුරු ප්‍රතිචක්‍රියකරණය වෙත භාරදීම විදුලි උපකරණ අනවශ්‍ය විට නිවාදැමීම සහ ප්‍රජා ශ්‍රමදාන වලට සහභාගී වීමද වැදගත්ය. ඉවතලන ආහාරවලින් කොම්පෝස්ට් සෑදීමද පස සාරවත් කිරීමට උපකාරී වෙයි.
https://hsecawareness.com/world-environment-day-2025 ඇසුරිනි
සුනිල් අල්ගම ✍️