වැඩිහිටි වියේ හිටියත් තනියම වැඩක් කරගන්න බැරි, තමන්ගෙ දෙපයින් නැගිටින්න බැරි පුද්ගලයින් ඔබ දැක ඇති. එයාලා තීරණයක් ගන්න කලින් හතරවටේම ඉන්න අයගෙන් අහනවා. කොටින්ම සමාජයට යන්න බෑ. තනියම ඉන්ටවීව් එකකට මුහුණ දෙන්න බෑ. මෙහෙම අයට අපි කියනව Dependant Personality කියලා. ගහක් උසට වැඩිලා පෝෂණය වෙන්න නම් ඒ ගහ බීජයක් කාලෙ ඉඳන් පෝෂණය වුණ විදිහ හරිම වැදගත්. ඒ වගේම තමයි මනුස්සයෙක්ගේ පෞරුෂයක් ගොඩනැගෙන්න එයාගේ කුඩා කාලය ඉතාම වැදගත්.
හැම පුද්ගලයෙක් ගාවම චරිත තුනක් තියෙනවා. එකක් වැඩිහිටි චරිතය. අනික ළමා චරිතය. අන්තිම එක දෙමාපිය චරිතය. එක එක දෙමාපියන් තුළ විවිධාකාරයේ ප්‍රේන්ටින් ස්ටයිල්ස් තියෙනවා. මේ ස්ටයිල්ස්වලින් භයානකම ස්ටයිල් එක තමයි ටොක්සික් පේපේරන්ටින් කියන්නේ. මේ වගේ දෙමව්පියෝ දරුවට ස්වාධීන වෙන්න ඉඩ දෙන්නෙම නෑ. දරුවා ගැන පුදුමාකාර බයකින් ඉන්නේ. තමන්ගේ අපේක්ෂාවන් ළමයින් තුළින් මුදුන් පමුණවාගන්න ගොඩක් වෙලාවට මේ වර්ගයේ දෙමව්පියෝ උත්සාහ කරනවා. දරුවන්ව පරිස්සම් කරන්න ඕනේ තමයි.
නමුත් මේ වගේ අම්මලා තාත්තලා පමණට වඩා ළමයව ආරක්ෂා කරනවා. දරුවෙක් යොවුන් වියේ පසුවුණත් ඔහු හෝ ඇය කරන්න ඕන තමන් කියන දේ විතරයි කියලා හිතනවා. බීජයක් අපි සුදුසු පසක පැළ කරන්න ඕනේ. ඊටපස්සේ ඒක ලස්සනට ගහට ඕන විදිහට අතු ඉති දාල වැඩෙයි. අපිට කරන්න තියෙන්නෙ වෙලාවට පොහොර, වතුර දාන එක විතරයි. හැබැයි බීජය පැළ නොකර අපි ඒක අපි ළඟම තියාගෙන ඔහේ හිටියොත් බීජය වැඩෙන්නෙ නෑ නිකම්ම වේලිලා, කුණු වෙලා යනවා මිසක්.
දරුවන්ගේ තියෙන්නෙ වෙනස්ම පෞරුෂයක්. දරුවට ගොඩනැගෙන්න අවශ්‍ය වටපිටාව හැමතිස්සෙම දෙමව්පියන් හදලා දෙන්නේ. ඒත් ටොක්සික් දෙමව්පියන් කරන්නෙ දරුවො හැමතිස්සෙම තමන්ගේ රේඩාර් එක ඇතුලෙම තියාගන්න උත්සාහ කරන එක. මං මේ කියන්නෙ රේඩාර් එකේ තියාගන්න එක හොඳ නෑ කියලා නෙවෙයි. නමුත් ඕනවට වඩා අණසක යටතේ දරුවාව තියාගන්න ගියොත් පසුකාලීනව දරුවට පරාදීන පෞරුෂයක් ගොඩනැගෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා.
සමහර දරුවො මොනවාහරි දෙයක් කරපු ගමන් හිමීට අම්මා තාත්තා දිහා හැරිලා බලනවා මං කරපු දේ හරිද වැරදිද? අම්මයි තාත්තයි බලන් ඉන්නවද කියන සැකෙන්. මේ ඕවර් ප්‍රොටෙක්ටිව් රැහැන නොබින්දොත් දරුවට සමාජයට ගියාම ලොකු ප්‍රශ්නවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. පසුකාලීනව විවාහ ජීවිතයටත් ප්‍රශ්නයක් වෙන තරමට සමහර ටොක්සික් දෙමාපියන්ගෙ රැහැන ශක්තිමත්. අම්මලා දරුවන්ට සැටලිමක් වෙන්න ඕනි.
කොන්ක්‍රීට් බදාම දාලා, ලෑලි ගහලා, සැටලිම හයි වුණාට පස්සේ තවදුරටත් ඒ ලෑලි ටික තියාගෙන ඉඳල තේරුමක් නෑ. ලෑලිවලින් සැකිල්ල හදලා දෙනවා. සැකිල්ල හදලා දීලා හයි වුණාට පස්සේ ලෑලි ටික ගලවනවා. ඒ වගේ අපි දරුවාව අරන් යනවා එක ලෙවල් එකකට. එයාට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වටපිටාව හදලා දෙමින් එයාව ටික ටික තමයි සමාජයට නිරාවරණය කරන්නේ.
ළමා සංවර්ධනයේ අවදි කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි විශ්වාසය. දරුවෙක්ට ලෝකෙ ගැන විශ්වාසය තියන්න නම් දෙමව්පියෝ ඉන්න ඕනේ. එතනින් පස්සේ නායකත්වයක් ගන්න, කඩිසරව වැඩ කරන්නත් දෙමව්පියන් ඕනේ. ඒත් දෙමව්පියන් දරුවන්ව හැමපැත්තෙන්ම අවහිර කරන්න ගියොත් දරුවට ඒ දේවල් උපයෝගී කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
ඊටපස්සේ ටික කාලයක් ගියාම එනවා අනන්‍යතා අර්බුදයක්. ඒ කියන්නේ දරුවට තමන් කවුද කියලා හොයාගන්න බෑ. තමන් යන්න ඕන කොහෙටද කියල හිතාගන්න බෑ. මොකද හැමපැත්තෙම වහගෙන ඉන්න දෙමව්පියන්. පුංචි ගස් විශාල ගස්වලට වැහුණම ඒ පුංචි ගස් වැවෙන්නෙ නෑනේ. ඒ නිසා තමයි ස්වභාවධර්මයෙන් ස්පෝටනය වගේ තමන්ගෙන් ඈතට විසිවෙලා ගිහින් පැලවෙන්න ක්‍රමයක් මවලා තියෙන්නේ. හැබැයි මවු ශාකය අවටම තමයි මේ බීජය පැලවෙන්නෙ.
ප්‍රජාතන්ත්‍රවාදී පවුලක් ගත්තම ආදරය, පාලනය, විනෝදය මේ කරුණු තුනම සම සමව තියෙන්න ඕනේ. සමහර පවුල්වල ආදරය නිසාම පාලනයත් හරිම වැඩියි. එතකොට ස්වාධීනව තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගන්න අමාරු වෙනව දරුවට. ඒක දෙමව්පියන් දරුවන්ට කරන ලොකු අසාධාරණයක්. දෙමාපියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක්නෙ දරුවන් දඟ එක.
ඇත්තටම ළමයි දඟ අපේ නිර්වචනයට අනුව. හැබැයි දෙමව්පියන්ට අමතකයි ඔවුනුත් දඟ ළමයි විදිහට ළමා කාලයක් ගත කළා කියන එක. දෙමව්පියන් වුණාට පස්සේ එයාලට මුලින්ම මතක් වෙන්නෙ වගකීම් විතරයි. නමුත් තමන්ගේ ළමා කාලේ තමන්ට අමතක වුණාම අම්මල තාත්තලට බෑ දරුවන්ගේ සපත්තුවලට බැහැලා දරුවන්ගේ මානසිකත්වයෙන් දේවල් දකින්න.
මනෝ විද්‍යාඥ,
ආචාර්ය අශෝක් ප්‍රියදර්ශන
එරංදි කෞශල්‍යා ✍️