නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා ගැනස් ඔබ දැනුවත්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා ගැනස් ඔබ දැනුවත්ද

Published June 9, 2025

මෙම වසරේ මුල් කාර්තුව අවසන් වන විට පමණක් සමාජ මාධ්‍ය සහ පරිඝණක ආශ්‍රිත අපරාධ 2,887 ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සඳහන් කරනවා. එයින් 364 ක් මූල්‍ය වංචා වන අතර ඇතැම් විට ඔබද මෙවැනි අපරාධයක වින්දිතයෙකු විය හැකියි.

Facebook,Tiktok සහ WhatsApp ආදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන වංචා සහ අපරාධ වැළක්වීමේ අරමුණෙන් 2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත හඳුන්වා දුන් අතර මෙහි දක්වා ඇති ඇතැම් වරදවල් සඳහා පරිඝණක අපරාධ පනත, දණ්ඩ නීති සංග්‍රහය ආදී තවත් නීතිවලද ආවරණය ලබා ගත හැකියි.

මෑතකදී හඳුන්වා දුන් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳව පනත පිළිබඳව සරල අවබෝධයක් ඔබට ලබා දීම මෙහි අරමුණයි.මෙම වසර ආරම්භ වනවිට මෙරට අන්තර්ජාලය භාවිත කරන පිරිස මිලියන 12.4 ක් වූ අතර එය සමස්තයෙන් 53.6% ක ප්‍රමාණයක්. එමෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරන ප්‍රමාණය මිලියන 8.2 ක් ව පැවති අතර එය මුළු ජනගණයෙන් 35.4% වැනි ආසන්න අගයක් ගනු ලබනවා.

KEPIOS දත්ත වාර්තාවලට අනුව 2024 වසරට සාපේක්ෂව මෙම වසරේදී සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ ප්‍රමාණය 9.3% කින් පමණ වර්ධනය වී ඇති අතර ඒ හා සමානවම සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපරාධ සහ වංචා ප්‍රමාණය මෙන්ම ඉන් පීඩාවට පත්වන සංඛ්‍යාවද වැඩි වෙන බව රහසක් නොවේ.එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙන අපරාධ සහ වංචා පිළිබඳව අවබෝධයක් ලබා සිටීම වැදගත් වෙනවා.

දැන හෝ නොදැන ඔබත් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදා හරිනවාද ?

වර්තමානය වන විට AI තාක්ෂණය ඉහළ තත්ත්වයක පවතින නිසා ඇතැම් විටෙක ඒ ඇසුරින් සකසන හෝ වෙනත් ආකාරයකට සංස්කරණය කරන ලද විවිධ අසත්‍ය වීඩියෝ පට, ඡායාරූප සහ ඇතැම් පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර හුවමාරු වෙනු දක්නට ලැබෙනවා. එවැනි අසත්‍ය තොරතුරු මෙරට ජන ජීවිතයටද බලපෑමක් එල්ල කළ හැකි අතර, මෙරට ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යට හෝ මහජන සාමයට යම් බලපෑමක් වන පරිදි අසත්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම මෙම පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා ගැන ඔබ දැනුවත්ද

එවන් වරදක් සිදු කරන අයෙකුට වසර පහක කාලයක් නොඉක්මවන පරිදි බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකියි. එමෙන්ම එලෙස හුවමාරු කරන අසත්‍ය තොරතුරු පදනම්ව යම් මහජන කැළඹීමක් සඳහා පෙළඹවීමක් ඇති වේ නම් එවැනි වරදක් සිදු කරන අයටද ඉහත කී දඬුවම් නියම කළ හැකි වෙනවා.

ඔන්ලයින් වංචාවලට ඔබත් ගොදුරු වුණාද ?

මේ දිනවල විවිධ පිරිස් විසින් අන්තර්ජාලය හරහා සිදු කරන මූල්‍ය වංචා ගැන අසන්නට ලැබෙනවා. ඒ සඳහාද මෙම පනතෙන් සහනයක් ලබා ගත හැකි අතර පනතේ 17 වෙනි වගන්තියට අනුව “මාර්ගගත වංචා කිරීම ” නම් එම වැරැද්ද සඳහා වසර හතක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්ෂ හතක් නොඉක්මවන දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වෙනවා.

Fake Profile වලින් අනිත් අයව රවටන අයට මොකද වෙන්නේ ?

ආසන්න වශයෙන් Facebook වෙබ් අඩවියේ පවතින ගිණුම්වලින් 4%-5% ක් පමණ ව්‍යාජ ඒවා වන අතර පසුගිය කාලයේදී Facebook වෙබ් අඩවිය හිමි Meta ආයතනය විසින් මෙම Fake Profile හෙවත් ව්‍යාජ ගිණුම් සඳහා දැඩි නීති මාලාවන් හඳුන්වා දෙනු ලැබුවා. එමඟින් ඔවුන්ද බලාපොරොත්තු වූයේ ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම අධෛර්යමත් කරවීමයි.

එලෙස සාදාගන්නා ව්‍යාජ ගිණුම් මගින් තමා වෙනත් අයෙකු ලෙස හඟවමින් හෝ වෙනත් අයෙකු ලෙස ආදේශ කරවීමෙන් සිදු කරන වංචා වැළක්වීම සඳහා ද මෙම පනත මගින් අධානය යොමු කොට ඇති අතර ඒ අනුව එලෙස සිදු කරන වංචා සඳහා යමෙකු වැරදිකරුවෙකු වුවහොත් වසර 03 ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්ෂ තුනක් දක්වා දඩයක් හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි වෙනවා.මෙම වරද හඳුන්වා ඇත්තේ “අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් මාර්ගගතව වංචා කිරීමේ වරද ” යනුවෙනුයි.

ඔබේ පුද්ගලික තොරතුරු ඡායාරූප හෝ වීඩියෝ පට යමෙකු සමාජ මාධ්‍ය වෙත මුදා හැරියොත් සිදු වන්නේ කුමක්ද ?

වර්තමානයේදී ඇතැම් අය අන් අයගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පුද්ගලික තොරතුරු, ඡායාරූප හෝ වීඩියෝ ආදිය සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරිනු දක්නට ලැබෙනවා. මෙම වරදේ බරපතළ බව බොහෝ දෙනෙකු නොදන්නා අතර ඒ සඳහා වසර 5 ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා දඩයක් පැනවීම හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකි අතර දෙවෙනි වරද එම වරද සිදු කරන්නේ නම් එවිට මෙකී දඬුවම් ප්‍රමාණය දෙගුණ කළ හැකියි.

බොහෝ විට කලින් පෙම්වතා/පෙම්වතිය විසින් ඔබව ඉලක්ක කොට ගෙන ඔබේ පුද්ගලික තොරතුරු මෙලෙස සමාජ මාධ්‍යයට මුදා හැර ඇත්නම් එයින් ඔබට යම් හිරි හැරයක් සිදුව ඇතිවිට ඒ සඳහා ඔබට මෙම නීතියේ රැකවරණය ලබා ගත හැකි වෙනවා.

ඉහත කී “හිරිහැර කිරීම” යන්නට, යම් තැනැත්තකුට තර්ජනය කිරීමේ, තැති ගැන්වීමේ හෝ පීඩාවට පත් කිරීමේ හෝ යම් තැනැත්තකුගේ අභිමානය උල්ලංඝනය කිරීමේ හෝ බියගන්වනසුළු, අවමන් සහගත, එදිරිවාදී, නින්දා සහගත හෝ වරදකාරී පරිසරයක් නිර්මාණය කිරීමේ බලපෑමක් ඇති හෝ ඒ සියලු බලපෑම් ඇති යම් ක්‍රියාවක් හෝ හැසිරීමක් අදහස් වෙනවා.

ඒ අනුව බලන කල පනතේ මෙම වගන්තිය ඉතා පුළුල් පරාසයක් දක්වා විහිදී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මෙම නීතියට අනුව යමෙකුට හිරිහැර කිරීමේ අදහසින් එකී පුද්ගලයාගේ විස්තරයක් සමඟ එම තැනැත්තාගේ ජංගම දුරකථන අංකය පවා අවසරයකින් තොරව සමාජ මාධ්‍යයට මුදා හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

ආගම්වලට අපහාස කිරීම සම්බන්ධයෙන් පවතින නීතිය ?

ඇතැම් අවස්ථාවල විවිධ ආගම් සහ එහි ශාස්තෘවරුන් ඉලක්කකොට ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ හුවමාරු වෙනු දක්නට ලැබෙනවා. මෙලෙස හුවමාරු වෙන ඇතැම් අසත්‍ය තොරතුරු නිසා යම් ආගමික රැස්වීමකට බාධාවක් හෝ යම් ආගමික කණ්ඩායමක හැඟීම් නිග්‍රහයට පාත්‍ර වේ නම් එම වරද සඳහා වසර තුනක් නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් ලක්ෂ තුනක් නොඉක්මවන දඩයකට හෝ එම දඬුවම් දෙකටම වැරදිකරු කළ හැකියි.

මේ නීති අදාළ වෙන්නේ ලංකාවේ ඇතුළේ සිට කරන වැරදිවලට විතරද ?

වර්තමානයේදී බොහෝ විට මෙලෙස අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචාවන් සහ පීඩාකාරී සිදුවීම් සිදු කරනුයේ මෙරට සිට පමණක් නොවේ. මෙරටින් පිට සිට වුවද එවැනි දේ සිදු කළ හැකි වෙනවා.එම නිසාවෙන් මෙම පනතේ 2 වෙනි වගන්තියට අනුව මෙරටදී පමණක් නොව ශ්‍රී ලංකාවෙන් පිටත කවර ස්ථානයක සිට හෝ මෙරට පුරවැසියන් සිදු කරන වැරදිවලට මෙම නීතිය යටතේ දඬුවම් කළ හැකියි.

නීතිඥ ලක්ෂිත මුදිත් දිල්රුක්ෂණ
arelaIKLL.B (Sri Lanka)
lakshithalaw@gmail.comfuu

 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?