චිත්‍රයක් අඳිනවා කියන්නේ භාවනා කරනවා වගේ වැඩක්. හරි ඉවසීමෙන් තමයි චිත්‍රයක් අදින්න ඕන. කලබල වුණොත් චිත්‍ර අඳින්න බැහැ. මම චිත්‍ර අඳින්නේ විනෝදාංශයක් විදිහට…” මෙහෙම කියන්නේ ප්‍රබෝධා නයනමාලි. ඇය පොඩි කාලේ ඉඳන් චිත්‍ර අඳින්න ආස නිසාම තමන්ගේ ජීවන වෘත්තියත් චිත්‍ර කලාවම කරගත්තු ගැහැනු ළමයෙක්.
ප්‍රබෝධා ගැන කිව්වොත්…
මම ප්‍රබෝධා නයනමාලි. මගේ වයස 24 යි.මම පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර අඳින්න ආසයි. මම ඉඩක් ලැබෙන හැම වෙලාවේම කොළයක් අරන් හිතට එන චිත්‍ර අඳිනවා.ඒ ආසාව නිසාම ඉස්කෝලේ යද්දී සාමාන්‍ය පෙළටත් උසස්පෙළටත් චිත්‍ර විශයක් විදියට ඉගෙනගත්තා. ඒත් මට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වුණා. නමුත් හැකියාව තියෙන නිසා මම චිත්‍ර අඳින එක නතර කළේ නැහැ. බටලීය ජාතික අනුරූප ආයතනයෙන් චිත්‍ර, මූර්ති, කැටයම් වෙස්මුහුණු සහ සාම්ප්‍රදායික චිත්‍ර කලාව ගැන ඉගෙනගත්තා.
ප්‍රබෝධා මොනවද කරන නිර්මාණ?
මම මූලික වශයෙන් සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් තමයි චිත්‍ර අඳින්නේ. පීරිසි, පිඟන්වල ලීවල චිත්‍ර අඳිනවා ඒ වගේම වෙස්මුහුණු වර්ණ ගැන්වීම් කරනවා. ඊට අමතරව මම ඩිජිටල් ආර්ට් කරනවා. කස්ටර්මස්ල ඉල්ලන විදියටත් චිත්‍ර ඇඳල දෙනවා.
ප්‍රබෝධා ඇයි සාම්ප්‍රදායික සිතුවම් කලාවට වැඩියෙන් බර?
දැන් ගොඩක් අය චිත්‍ර අඳිනවනේ. හැමෝම කරන්නේ පෝට්රේට් චිත්‍ර අඳින එක. මට ඕන වුණේ ටිකක් වෙනස් දෙයක් කරන්න. මම පන්සලකට ගියාම විහාරගෙයි ඇදල තියෙන පරණ චිත්‍ර බලන්න ආසයි. ලස්සන පරණ චිත්‍ර දැක්කම ඒ දිහා බලන් ඉන්නවා. ඒ චිත්‍රවල ෆොටෝස් අරගෙන ඒ චිත්‍ර ඇඳල තියෙන්නේ කොහොමද කියල බලනවා.මගේ විදියට පරණ චිත්‍ර අඳින්න උත්සාහ කරනවා. සාම්ප්‍රදායික චිත්‍ර අඳින එක මගේ විනෝදාංශයක්.






සාම්ප්‍රදායික සිතුවම් අඳින්න කොහොමද අදහස් එන්නේ කොහොමද?
ඇත්තටම දැන් තාක්ෂණය දියුණුයිනේ. සෝෂල් මීඩියා ෆ්ලැට්ෆෝර්ම්ස්වලින් ඕන තරම් පරණ සිතුවම් ගැන ඉගෙනගන්න පුළුවන් මම කොහේ හරි යනකොට පරණ සිතුවමක් දැක්කොත් ඒ චිත්‍ර හොඳට අධ්‍යයනය කරන කෙනෙක්. හැබැයි දකින චිත්‍ර ඒ විදියටම සිතුවමට නගන්නෙ නැහැ. මගේ හිතට එන අලුත් අදහස් එකතු කරල තමයි සිතුවම අඳින්නේ.
පිටරටත් සිතුවම් ඇදල යවනවද?
ගොඩක්ම මම චිත්‍ර ඇඳලා දෙන්නේ ලංකාවේ අයට. ඊබේ හරහා පිටරටවල්වලටත් මම චිත්‍ර ඇදල දීල තියෙනවා.
කොහොමද ප්‍රබෝධාට ලැබෙන ප්‍රතිචාර?
මම අදින චිත්‍රවලට හොඳ ප්‍රතිචාර තමයි ගොඩක්ම ලැබෙන්නේ. සමහර වෙලාවට නරක ප්‍රතිචාර ලැබුණත් මම මගේ වැරදි අඩුපාඩු හදාගන්න ලැබෙන උපදේශ විදියටයි ඒ ප්‍රතිචාර සලකන්නේ.

සාම්ප්‍රදායික චිත්‍ර අඳින්න හොඳ ඉවසීමක් ඕන නේද?
ඔව්. හොඳ ඉවසීමක් ඕන. චිත්‍රයක් අඳිනවා කියන්නේ භාවනා කරනවා වගේ වැඩක්.හදිසි වෙලා කලබලේට චිත්‍රයක් අඳින්න බැහැ. කාලය අරගෙන ඉවසිමෙන් කරන්න ඕනේ. සාම්ප්‍රදායික චිත්‍ර අඳිද්දී සියුම් රේඛා අඳින්න වෙනවා වැඩියි. කලබල වුණොත් චිත්‍රය ලස්සනට අදින්න බැරි වෙනවා.
මොනවද ප්‍රබෝධා මේ වෙද්දී කරල තියෙන විශේෂ නිර්මාණ?
මම කස්ටමස්ලා මගෙන් ඉල්ලන විදියට ගොඩක් සිතුවම් ඇඳල දෙනවා. ෆෙස්බුක් ටික්ටොක්වල මම අඳින චිත්‍ර දකින අය මට ඕඩර් දෙනවා. ඒ අයගේ ඉල්ලීම් අනුව මගේ හිතට එන අයිඩියාස් එකතු කරල තමයි සිතුවම් අදින්නේ. ඒ විදියට කරපු සිතුවම් බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් ඕඩර්ස් ලැබෙන්නේ දේව රූප අඳින්න.ඒ වගේම වෙසක් උත්සවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙන් සංවිධානය කරපු වෙසක් කලාපයට මීටර් හතරක් පමණ උස තොරණක් නිර්මාණ කළා. ඒ තොරණට චිත්‍ර ඩිජිටල් ආර්ට් විදියට නිර්මාණය කරල යැව්වේ මම.
ප්‍රබෝධගේ අනාගත බලාපොරොත්තු මොනවද?
ඇත්තටම මම මගේ හැකියාවන් වැඩිදියුණු කරගෙන සාම්ප්‍රදායික චිත්‍ර කලාව පැත්තෙන් තවත් ඉස්සරහට යන්න හිතාගෙන ඉන්නවා. මම අපේ රටේ සාම්ප්‍රදායික චිත්‍ර කලාව විදේශීය රටවල්වලට ගෙනියන්න කැමතියි. තවත් ඩිජිටල් ආර්ට් පැත්තෙන් මගේ හැකියාවන් දියුණු කරගෙන අලුත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ප්‍රබෝධට මේ වැඩකටයුතු කරන්න ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
අම්මා තමයි මගේ පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ ඉන්නේ. ඒ වගේම මගේ යාළුවොත් මට ගොඩක් උදව් කරනවා.
ආපු අභියෝගය මොනවද?
සාම්ප්‍රදායික චිත්‍ර අඳිද්දී ඉල්ලන පමාවට චිත්‍ර අඳින්න බැහැ. ඉවසීමෙන් කරන්න ඕන. ඒ නිසා චිත්‍රයක් අඳින්න ටික කාලයක් යනවා. සමහර වෙලාවට කස්ටමස්ලට චිත්‍ර ඇඳල දෙන්න ගියාම ඉක්මනට ඇඳල දෙන්න බැරි වීම නිසා ගැටළු එනවා. මොන අභියෝග ආවත් දරාගෙන ඉස්සරහට යනවා. මම තවම චිත්‍ර කලාවට ආධුනිකයෙක්. ඒ නිසා සමහර නොදන්න තැන් තියෙනවා. ඒ දේවල් මට මම චිත්‍ර ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් අහල ඉගෙනගෙන වැරදීම් හදාගෙන තමයි මේ ගමන ආවේ.
තරුණ ගෑනු ළමයෙක් විදියට චිත්‍ර කලාවෙන් ඉස්සරහට යන්න පුළුවන් කියල හිතනවද?
මම තවම ආධුනිකයෙක්. චිත්‍ර කලාව වැඩිදුර හදාරන ගමන්නේ චිත්‍ර අඳින්නෙ. ඒ නිසා පටන් ගත්ත මුල අතෑරල දාන්න හිතුණ අවස්ථා තිබුණා. ඒත් අභියෝග ආවත් ඒ දේවල් දරාගෙන ඉස්සරහටම ආවා. චිත්‍ර කලාවෙන් ඉස්සරහට යන්න බැහැ කියල අද ගොඩක් දෙනා හිතනවා. ඒත් ඒක ඇත්ත නෙවෙයි.
අලුත් නිර්මාණ කළොත් ඉස්සරහට යන්න පුළුවන්. තමන්ටම ආවේණික චිත්‍ර කලාවක් ගොඩ නගාගන්න ඕන. අනික් අය කරන දේම අනුකරණය නොකර වැරදි වැරදි ඉගෙනගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. අපි මොන දේ කළත් කැපවීමෙන් කරන්න ඕන. එතකොට දිගු ගමනක් යන්න බැරි වෙන්නෙ නැහැ.
පවනි දිලේකා ✍️