නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හැමදාමත් ලස්සනට ඇන්දුවම ” ලස්සනයි කොල්ලෝ ” කිව්ව එයා එදා මොනවත් කිව්වේ නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හැමදාමත් ලස්සනට ඇන්දුවම ” ලස්සනයි කොල්ලෝ ” කිව්ව එයා එදා මොනවත් කිව්වේ නෑ

Published June 2, 2025

ධනුෂ්ක කුමාර් (Danushka of Shimmer )

24 වැනිදා උදෑසනම අපේ රටේ බොහෝ පිරිසක් අවදිවන්නට වුණේ සමාජ මාධ්‍යයේ සටහන් වූ මාලිනියගේ හුස්ම හැරයාමේ පුවතත් සමගය. ඇගේ රංගනය එක් වතාවක් හෝ රිදී තිරයෙන් ,පුංචි තිරයෙන්වත් බැලූ කෙනෙකුට මේ හුස්ම හැරයාම හදට දැනෙන පුවතක් වූ බව නොරහසක් විය.මාලිනියගේ අසහාය රංගනය නිසා මේ රටට කොපමණ මුදල් ප්‍රමාණයක් ගලා එන්නට ඇත්ද? ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය කොපමණ ප්‍රමාණයකින් ස්ථාවර වන්නට ඇත්ද? එපමණක් නොව ලෝකයා දැනගන්නට ඇත්ද? ඒ නිසා කර්මාන්තයේ නියැළුණු කී දෙනෙකුගේ ජීවිත සුරැකෙන්නට ඇත්ද? ඇගේ සුන්දරත්වය මෙන්ම රංගන කෞශල්‍ය බලා තරුණියන් කී දෙනෙක් ඇගේ ගමන් මාර්ගයේම ගමන් ගන්නට ඇත්ද ? එහෙව් මාලිනියකගේ සදාතනික හුස්ම හැරයාම අදට පමණක් නොව අනාගතයට ද හෙළ සිනමාවට මෙන්ම රටටද පාඩුවක්මයැ.ඇය එලෙස සුවසේ නිදා සිටියේ එදා මෙන්ම සුන්දරත්වයෙන්ය . එයටද බොහෝ දෙනෙක් නොදත් හේතුවක් තිබී ඇත.ඒ මේ කතාව‍යි.

ධනුෂ්ක ඔබ මාලිනීය කොපමණ කාලයක සිට හදුනනවාද?

අවුරුදු අටක විතර ඉදන් මම මාලිනී අක්කාව දන්නවා. ඒ කාලේ ඉඳන්ම මාලිනී අක්කගේ විශේෂ උත්සවවලට මේකප් වැඩ කළේ මම. ගොඩක් උත්සවවලට එයා අන්දෙත් මම එයා වෙනුවෙන් හදපු ඇඳුම්.

මොන වගේ ඇඳුම්ද නිතරම මාලිනීය ඔයාගෙන් අඳින්න ඉල්ලුවේ?

මම මුලින් කිව්වා වගේ එයා විශේෂ අවස්ථාවලදී තමයි මට කියල අන්දවගන්න ආවේ. එතකොට ඒ අවස්ථාවට ගැළපෙන විදියට මැච් කරල කලෆුල්, ෆැෂනබල් විදියට ඇඳුම් මාත් එකක් කතා කරලම තෝරගත්තා. ඒ බොහෝ අවස්ථාවලදී අක්කගේ අදහසත් මම ගත්තා. එයා කොහොමත් ලස්සනටම අඳින්න ආස කෙනෙක්.

එතකොට ධනුෂක කියන්න මාලිනීය මේකප් කරන්න බොහොම කැමති කෙනෙක්ද?

ඔව්. එයා මේකප් කරනවට කැමතියි. මම මාලිනීයට ගැළපෙන හොඳම විදිහට තමයි හැමදාම මේකප් කොණ්ඩය කළේ. හැමදාම මේකප් කළාට පස්සේ එයා කියන්නේ ලස්සනයි කොල්ලා කියල තමයි. ස්තූතියක් කරලම තමයි සැලෝන් එකෙන් පිටවෙලා ගියේ.

ධනුෂ්කට මාලිනීය සමඟ වෘත්තීය කටයුතුවලින් පස්සේ මොන වගේ බැඳීමක්ද තිබුණේ ?

අක්කා හරියට මගේ දෙවෙනි අම්මා වගේ. හැමදාම අපි දෙන්නේ හිටියේ යාළුවෝ වගේ. මගේ පෞද්ගලික ජීවිතේ ගොඩක් දේවල් මාලිනී අක්කා දැනගෙන හිටියා. එයාගේ පෞද්ගලික ජීවිතේ දේවල් එයා මාත් එක්ක කතා කළා.

ජීවිතේ කරදර ඇති වෙන වෙලාවල්වලදී මට අම්ම කෙනෙක් වගේ උදව් කළා. හොස්පිටල් එකේ ඉද්දී පවා මම නිතරම අක්කව බලන්න ගියා. හොස්පිටල් එකට එයාව බලන්න ගොඩක් අය එනව කියන දවසට එයා ලස්සනට හැඩවෙලා ඉන්න ආස කළා. ඒ හැම දවසකම එයාව හොස්පිට්ල් එකට ගිහිල්ලා හැඩ කළේ මම.

ඒ කියන්නේ මාලිනීය අසනීපයෙන් හිටි කාලයේත් ලස්සනට හැඩවෙලා ඉන්න කැමති වුණා කියන එක නේද?…

ඔව්. ඒක තමයි ඇත්ත. එයාට හැමදාම ඕන වුණේ එයාගේ රසික රසිකාවියන්ට රිදී තිරයේ හිටපු මාලිනීයව අසනීපයෙන් සිටියත් ඉන්නවා වගේ පෙන්වන්න.

එතකොට අප්‍රේල් 31 වැනිදා මාලිනීයගේ අවසන් උපන්දිනය වෙනුවෙන් කළ උත්සවයට ඇයව හැඩගැන්නුවේ ඔබමද?…

ඔව්. මේ දවස්වල සෝෂල් මීඩියාවල එහා මෙහා යන බර්ත්ඩේ විඩියෝ එකේ කහා පට ගවුම ඇදපු දවසෙත් එයාව ඇනුදුවෙත් මම. ඒ දවසේ එයාගේ ඇඳුම මං වගේම ඉස්සර ඉඳන්ම මාලිනී අක්කාට ආදරය කරන එයාගේ හොඳම යාළුවෙක් වුණ සැන්ඩි ජයසූරිය තමයි කළේ. ඒ ඇඳුමට ගැළපෙන්න මම ලස්සනට මේකප් එක කළා.

ජීවමාන මාලිනීය එක්ක මේ තරම් බැඳීමක් ඇති ඔබ එදා කොහොමද නිහඬ මාලිනීයගේ මුහුණ ලස්සන කළේ ?

ඇගේ පවුලේ අය තමයි මට එන්න කිව්වේ. මම ඒකට අවශ්‍ය සියලුම දේවල් මගේ අතින්ම කරන්න මම බාරගත්තා. සාරි එක, ජැකට් එක පවා මමම ගිහින් තෝරල තමයි ඇයට එදා ඇන්දුවේ.චාමරි ජයරත්න කියන්නෙත් මගේ හොඳම යාළුවෙක්. ඇයත් මට ඒ වැඩේ හොඳින්ම කරන්න අවසරය සහ පහසුකම හදලා දුන්නා. මට ඕන වුණේ අක්කව වෙනදාට කරනවා වගේම ලස්සනටම තියලා තියන්න.

එදා ජයරත්න එකේදී එයාව අන්දන කොටත් මට හිතුණේ එයා නිදාගෙන ඉන්නවා කියලා. ඒත් අන්දලා ඉවර වුණාට පස්සේ මට දැනුණා මම ආදරය කරපු මාලිනීයට ආයේ කිසිම දවසක මේකප් කරන්න, අන්දවන්න මගේ අත්දෙකට වාසනාවක් නැහැ කියලා. මේ තමයි මම ඇයව අන්දවන අන්තිම දවස කියලා. මේ කතාව අද කියනවා වගේ එදා දරාගන්න ලෙහෙසි වුණේ නැහැ.

ධනුෂ්ක ඔයාට පණ වගේ ආදරය කරපු කෙනෙකුට නිසොල්මනේ ඉඳිද්දි අන්දවන්න, මේක්අප් කරන්න පුදුම ආත්ම ශක්තියක් තියෙන්න ඇති නේද?

ඔව් ඒක ඇත්ත. මට හිතෙන්නේ ඇය කොහේහරි ඉඳන් ඒ මොහොතේදීත් අන්තිම වතාවටත් එයාව ලස්සනට අන්දවන්න මට ශක්තිය දෙන්න ඇති කියලයි. වෙනදට අන්දනකොට එක එක දේවල් මාත් එක්ක කතා කරන ඇය ලස්සන කරන්න ඔන තැන් පෙන්වන ඇය ඇසක් පියක් නොගසාම ඉන්න මොහොතක අන්දවනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි මට. මට ඕන වුණේම ඇයව අන්තිම පාරට දකින මිනිසුන්ට ලස්සනට බලන්න දෙන්න.

ඔයාට මාලිනීය දැනෙන්නේ කොහොමද?

මාලිනී ෆොන්සේකා කියන්නේ ජීවිතේ කොච්චර ප්‍රශ්නවලට මුහුණ දුන්නත් හැමදේම දරාගෙන සතුටින් හිටපු කෙනෙක් විදිහට. තමන්ගේ රසික රසිකාවියන්ට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ආදරේ පිරුණු කෙනෙක්.

හරින්දී ලියනගේ ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad1
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?