නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: තරුණයන්ටත් සතුට එපා වෙලාලු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

තරුණයන්ටත් සතුට එපා වෙලාලු

Published June 2, 2025

2024 සතුට පිළිබඳ ලෝක වාර්තාව (2024 World Happiness Report) මගින් තරුණයන් පිළිබඳ කනගාටුදායක පුවතක් හෙළිදරව් වේ. මෙම වාර්තාව UN Sustainable Development Solutions Network (SDSN) මඟින් නිකුත් කරන ලද එකක් වන අතර එය නිකුත් කරන්නේ ලෝකයේ විවිධ ප්‍රදේශවල මිනිසුන්ගේ ජීවන තෘප්තිය, සමාජ සහයෝගය, ආර්ථික ආරක්ෂාව, නිදහස, විශ්වාසය සහ පරිසරය වැනි සාධක මත පදනම්වය. තරුණයන්ගේ සතුට පහළ යෑම ගැන එය විශේෂ අවධානයක් යොමු කරයි.

ආර්ථික අභියෝග

පෙර තරුණ පරපුරට වඩා ආර්ථික අභියෝගවලට මුහුණ දීම වර්තමානයේදී දුෂ්කර වී ඇත’ ආයෝජනය, නිවසක් මිලදී හෝ කුලියට ගැනීම, පවුල් ජීවිතයක් ඇරඹීම ඔවුන්ට මානසික වදයකි. ඉහළ යන ජීවන වියදම, ශිෂ්‍ය ණය බර සහ අඩු වැටුප් ආදී ප්‍රශ්න, සංවර්ධනය වූ රටවලට පමණක් නොව බ්‍රසීලය හා ඉන්දියාව වැනි රටවලටද බලපායි. මීට අමතරව Gig Economy හෙවත් බෙදාගැනීමේ ආර්ථිකයද තරුණයන්ට ප්‍රශ්නකාරී ලෙස බලපායි. එහිදී පූර්ණකාලීන ස්ථිර සේවකයින්ට වඩා ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් සහ නොබැඳි (Freelancer ) සේවකයින් විසින් පිරවෙන තාවකාලික සහ අර්ධකාලීන තනතුරු ප්‍රමුඛ වෙයි.

තාක්ෂණය හා සමාජමාධ්‍ය

නව තාක්ෂණය භාවිතය හා සමාජ මාධ්‍ය තරුණ පරපුර එකිනෙකා මුණගස්වන වේදිකාවක් බවට පෙනෙන්නට තිබුණත් ඒ මගින් අසමානත්වය හා සංසන්දනය කිරීම ඉහළ නංවයි. 2022දී කෙරුණු අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය වැඩිහිටි තරුණයින් අතර තනිකම හා විෂාදය උත්සන්න කරන බවයි. එමෙන්ම ඔවුන් අතර මුහුණට මුහුණ හමුවීම් නොමැතිවීම චිත්තවේගීය බිඳවැටීම් හා සතුට හීනවීමට බලපයි.

අනාගතය පිළිබඳ අනියත බිය

අනාගතය පිළිබඳ අනියත බිය සහ කනස්සලු වීම තරුණ පරපුරු අතර වැඩිවෙමින් පවතී. පරිසර විනාශය, දේශපාලන ධ්‍රැවීකරණය (political polarization) හෙවත් පුද්ගලයින් තමුන්ගෙ ම වටිනාකම් සහ දේශපාලනික මත කෙරෙහි දෘශ්ටිවාදාත්මකව යොමුවී විවිධ දේශපාලනික මතවාදයන්ගෙන් බෙදී යෑම, සහ සමාජ අසහනය ඔවුන්ගේ මානසික යහපැවැත්මට හානි සිදුකරයි.

සුබවාදී බලාපොරොත්තුවක්

කොස්ටාරිකා සහ කුවේට් වැනි රටවල් ආරම්භකර ඇති සමාජ ආධාර පද්ධති (social support systems) මගින් තරුණයින් අතර අරමුණක් පිළිබඳ හැඟීමක් සහ සතුට වර්ධනය වෙමින් පැවතීම සතුටුදායක ආරංචියකි.

විශේෂිත යෝජනා

අර්බුදය නිරාකරණය කිරීම සඳහා විශේෂිත වූ යෝජනා ඉදිරිපත් කර ඇත. පාසැල් වල සහ ප්‍රජා මට්ටමින් මනෝ සෞඛ්‍ය සේවා ව්‍යප්ත කිරීම, කණ්ඩායම් හා දුරකථන උපදේශනය, ජාත්‍යන්තර හුවමාරු වැඩසටහන්, මාර්ගගත වැඩසටහන්, භාවනාමය ක්‍රියාකාරකම් සහ වෘත්තීය උපදේශන මගින් සජීවී සම්බන්ධතා වර්ධනය, නව නීති පනවමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පාලනය හා සීමා කිරීම, පාසල් මගින් වෘත්තීය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග අනාගත රැකියා හා බැඳුණු අධ්‍යාපනයක් ඇතිකිරීම ආදිය තුළින් තරුණ පරපුරේ සතුට පිළිබඳ මනෝභාවය යළි ඉහළ නැංවිය හැකි බවට නිර්දේශ වී තිබේ.

https://www.weforum.org/  ඇසුරිනි

සුනිල් අල්ගම ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සාම්ප්‍රදායික චිත්‍ර අඳින ප්‍රබෝධා

June 2, 2025

හැමදාමත් ලස්සනට ඇන්දුවම ” ලස්සනයි කොල්ලෝ ” කිව්ව එයා එදා මොනවත් කිව්වේ නෑ

June 2, 2025

රූකාන්තගෙන් CUSTOMIZED OCTAPAD

June 2, 2025

නිවසට සුබ වෙන්න ප්‍රධාන දොර තියන්න ඕන තැන

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?