නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිවසට සුබ වෙන්න ප්‍රධාන දොර තියන්න ඕන තැන
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිවසට සුබ වෙන්න ප්‍රධාන දොර තියන්න ඕන තැන

Published June 2, 2025

මිනිසා යනු ස්වභාවධර්මයාගෙනිර්මාණයකි. එම නිර්මාණයන්ට අවශ්‍ය අංග අවශ්‍ය පරිදි නිසි ලෙස යෙදීම ස්වභාවධර්මයෙන්ම සිදු කර ඇත. ලැබී ඇති ඇස්, කට, නාසය, කන් ආදී කොටස් මෙන්ම අත පය ආදීය මිනිසාට නිසි පරිදී යෙදී ඇත. මේ සියලු දේවල් එක් වූ විට මිනිසා යන හැඩතලය අපට හඳුනා ගත හැකිය. එසේ වුවද නාසය තිබෙන තැන කට යෙදී තිබුණොත් කුමක් වෙයිද? එසේ වුවහොත් එකී මනුෂ්‍යයාට සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුද්ගලයකු ලෙස පැවැතීමට ඇති හැකියාව අහිමි වී යයි. එම හැඩතලය විකෘති තත්ත්වයක් ලෙස ප්‍රතික්ෂේප වේ. මේ ආකාරයට සෑම ඉදිකිරීමක්ම ස්වභාවධර්මයට එකඟව ඉදිකරන්නේ කෙසේද යන්න පිළිබඳ කියා දීම වාස්තු ශිල්පය තුළින් සිදු කරනු ලබයි.

ද්වාරය හා උළුවස්ස නිවැරදියි ද බලන්න

ඔබ සාදන ඔබගේ සිහින නිවාසයේ ප්‍රධාන උළුවස්ස පිහිටුවීමේ දී අවධානය යොමු කළ යුතු විශේෂ ඇත. එනම් දොර තබන බිත්තියේ නියමිත ස්ථානයේ හෙවත් පාදයේ දොර පිහිටුවිය යුතුයි. එය පළමුවන කාරණයයි. දෙවැන්න නම් දොර ඉදිරිපිට නොතිබිය යුතු විවිධ දෝෂ සහගත පිහිටීම් වළක්වා ගැනීමයි. ඒවාට ද්වාර වේධ දෝෂ යෑයි කියනු ලැබේ. එවැනි දෝෂ දහ අටක් ගැන වාස්තු විද්‍යාවේ සඳහන් වේ.කෙසේ වුවත් නිවැරදි පරිදි ඔබගේ නිවසේ ප්‍රධාන ද්වාරය හා අනෙකුත් දොරවල් නිවැරදි පරිදි වාස්තු විද්‍යාවට අනුකූලව නිර්මාණය කර ඇත්නම් තවදුරටත් ඔබේ නිවසට සිරිකත මෙන්ම ශක්තිය කැඳවන ආකාරය පිළිබඳව දැනගැනීම බොහොම වැදගත්.

උතුරු දිශාවේ ද්වාරය ඇත්නම්

ඔබ නිවසේ සෑම දෙයක්ම වාස්තුවිද්‍යානුකූලව පිහිටා ඇත්නම් ප්‍රධාන දොර සාදන විට සාමාන්‍යයෙන් යකඩ ඇණ පුළුද්දන්නේ නැත. කොහොමත් ලී ඇණ පුළුද්දන නිසා කොහොඹ ලීවලින් සෑදු ඇණ තුනක් ප්‍රධාන ද්වාරයට මිශ්‍ර කරමින් සාදන්න. මීට අමතරව සිංහල කැටයම් අතර ලිය වැල, පුන්කලස වැනි කැටයමක් ඔබට ඔබේ ප්‍රධාන ද්වාරයට එකතු කර ගත හැකිය.

ද්වාරය අභියස ගෘහමුලිකයාගෙදණහිසට වඩා වැඩි උසකින්මැටි බඳුනක සමන්පිච්ච මල් ටිකක් දිනපතා තබන්න. නොඑසේ නම් නිල් මහනෙල් මලට වඩා පුංචි සුදු පාට ගතිය වැඩි පෙති අගිස්ස දම් පැහැ වු නිලුපුල් මල් හෝ කුමුදු මල් ඔබේ මැටි භාජනයේ පැළ කර ගත හැක. මේ තුළින් උතුරු දිශාවෙන් විශ්ව ශක්තිය ඔබේ නිවස තුළට පැමිණෙයි.

දකුණු දිශාවේ ප්‍රධාන ද්වාරය පිහිටා ඇත්නම්

ඔබේ නිවසේ අනෙක් සෑම ද්වාරයක් ම යහපත් දිශාවට පිහිටා ඇත්නම් දකුණු දිශාවෙන් එන ධනාත්මක ශක්තීන් ඔබේ නිවෙස තුළට ගෙන්වා ගැනීමට ඔබේ ප්‍රධාන දොරටුවේ කැටයම් විදිහට මිදි වැල්, පුන්කලස භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව ද්වාරයට දකුණු පසින් රෑට පිපිලා උදේට පරවෙන වතුර දාලා තියාගන්න පුළුවන් මල් වර්ග(සේපාලිකා වැනි මල් වර්ග) දිය බඳුනක දමා ඇත්නම් ඔබට දකුණු දිශාවෙන් එන විශ්ව ශක්තිය ඔබේ නිවස තුළට ඇඳ ගත හැකිය. එහිදී අයහපත් ශක්තින් වියෝජනය කර යහපත පමණක් ම ඔබට උදා කර ගත හැකිය.

නැගෙනහිර දිශාවේ ප්‍රධාන ද්වරය පිහිටා ඇත්නම්

මෙහිදී ඔබේ ප්‍රධාන ද්වාරයට සඳුන් දියෙන් හෝ සදුන් ලීය සම්බන්ධ කරගනිමින් සිදු කර ඇති කැටයමක් හෝ සඳුන් ලීයෙන් නිමවා ඇති ඇණ ප්‍රධාන ද්වාරයට එකතු කරගත හැකි නම් නැගෙනහිර දිශාවෙන් එන ශක්තිය ඔබේ නිවස තුළට ගෙන්වා ගත හැකිය. නිවසෙන් එලියට යන විට ඔබේ දකුණු අත පැත්තේ නිල් මහනෙල් මල් වැනි මල් වර්ගවලින් යුක්ත (ඉරත් සමඟ උදය කාලයේ පිපෙන) වතුර බඳුනක් තබන්නට පුළුවන් නම් නැගෙනහිර දිශාවෙන් ලැබෙන ශක්තීන් ඔබට තීව්‍රර කර ගත හැකිය.

බටහිරට දිශාවේ ද්වාරය පිහිටා ඇත්නම්

බටහිර දිශාවට ද්වාර ඇත්නම් පුන්කලස, ඇත් රූප, අශ්ව රූප වැනි කැටයමක් ඔබේ ද්වාරයට සම්බන්ධ කරගත හැකිය. නොඑසේ නම් නිවසින් පිට ඔබේ දකුණු අත පැත්තේ මත්ස්‍යයන් පමණක් සිටින ( මල් වර්ග නොමැති ) ජල බඳුනක් තැබිය හැකියි. නමුත් මාළුන්ගේ සුබසිද්ධියට මල් පිපෙන්නේ නැති පුංචි ප්ලාස්ටික් මල් වර්ග එකතු කළාට ගැටලුවක් නැත. මේ තුළින් බස්නාහිර දිශාව වන යහපත් කෙරෙන ඔබේ නිවස තුළට නිවස තුළට ඇඳ ගැනීමට මෙලෙස කටයුතු සිදු කරන්න.

මීට අමතරව

වාස්තුවේ මූලිකම දෙයක් තමයි ආලෝකය. අඳුරට තියෙන ගෙදරකට විශ්ව ශක්තිය ගලා ඒම සහ නිවසට ධනාත්මක ශක්තිය එන්න නම් නිවසේ අඳුරු අහුමුළු තිබීම වාස්තුවට අනුව සුභ නැහැ. හැම කාමරයකම නිසි පරිදි ආලෝකමත්වය තිබීම නිවසක සෞභාග්‍යට බලපෑමක් ඇති කරනවා. මේ වගේ අඳුරට හුරු තැන් ඔබේ නිවසේ තියෙනවා නම් එම තැන්වලට හිරු එළිය ලැබෙන ආකාරයට හෝ විදුලි පහනකින් එළිය වෙන ආකාරයට සකසා ගන්න.

අනවශ්‍ය කුණු එකතු වීම වළක්වන්න

පිරිසිදු නිවසකට හැම විටම ධනාත්මක ශක්තිය ගලා එන බව වාස්තුවේ පිලිගැනීමයි. සැලසුම මොන තරම් හොඳ වාස්තු ශිල්පියෙක් ලවා පරික්ෂා කෙරෙව්වත් ඔබේ වැරදි පැවැත්ම නිසා නිවස දෝෂ සහිත ස්ථානයක් බවට පත් වෙන එක් වලක්වන්න බැහැ. නිවසක හැම අස්සක් මුල්ලක්ම අතු ගාන්න පිරිසිදු කරන්න හැකි ලෙස බඩු තැන්පත් කරන්න. අනවශ්‍ය බඩු කුණු ලෙස එකතු වීම වළක්වා ගන්න. භාවිතයක් නැති දේවල් නිවසින් ඉවත් කරන්න.

වාස්තුවිද්‍යා විශාරද  නිවාස සැලසුම් ශිල්පී
සමස්ත ලංකා ශාස්ත්‍රානුකූල වාස්තු වේදීන්ගේ සංගමයේ
මාධ්‍ය ලේකම්
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
( Aloka Homes vasthu FB Page )


අර්චිත ඉඳුවර ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සාම්ප්‍රදායික චිත්‍ර අඳින ප්‍රබෝධා

June 2, 2025

හැමදාමත් ලස්සනට ඇන්දුවම ” ලස්සනයි කොල්ලෝ ” කිව්ව එයා එදා මොනවත් කිව්වේ නෑ

June 2, 2025

තරුණයන්ටත් සතුට එපා වෙලාලු

June 2, 2025

රූකාන්තගෙන් CUSTOMIZED OCTAPAD

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?