නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සසර වරදින ඇසුරේ වැරදීම ………
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සසර වරදින ඇසුරේ වැරදීම ………

Published June 2, 2025

කොයිතරම් සත්පුරුෂ දෙමව්පියන් ලැබුනත්, සත්පුරුෂයන් දකින්න ලැබුනත්, අසත්පුරුෂ ඇසුරකට වැටුණොත් මුළු සංසාර ගමනම විනාශ වෙනවා. බුදුරජාණන්වහන්සේ මහා මංගල සුත්‍රයේදී පළවෙනි මංගල කාරණය ලෙස පෙන්වා දුන්නේ  “ අසේවනාච බාලානං … බාලයන් ඇසුරු නොකරන්න යන මංගල කාරණයයි. බුදුරජාණන්වහන්සේගේ  බොහෝ දේශනාවල අසත්පුරුෂයන් සේවනය නිසා පුද්ගලයාගේ ගති පැවැතුම් වෙනස්වන අන්දම දේශනා කර තිබෙනවා.

අජාසත් රජතුමා…

දවසක් බුදුරජාණන්වහන්සේ ජීවක කෝමාරභච්චගේ අඹ වනයේ භික්ෂුන්වහන්සේලා දෙසිය පණස් නමක් සමග වැඩ සිටින විට අජාසත්ත රජතුමා බුදුරජාණන්වහන්සේ වෙත ඇවිත් වන්දනා කරලා එකස්පසව වාඩි වී බොහෝ වේලාවක් බුදුරජාණන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළා. බුදුරජාණන්වහන්සේ බොහොම අනුකම්පාවෙන් අජාසත් රජතුමාට ධර්මය දේශනා කළ සේක. දේශනාව අවසානයේ අජාසත් රජතුමා එතැනින් යන්න සූදානම් වුණා.

භන්දව දානී මයං භන්තේ ගච්ඡාමි බහුකිච්චා මයං… එහෙමනම් ස්වාමීනි අපි යන්නම්… අපට බොහෝ වැඩ තිබෙනවා යැයි කියා සිටියා. බුදුරජාණන්වහන්සේ අජාසත් රජතුමා නික්ම ගිය පසු එතැන සිටි භික්ෂුන්වහන්සේලා අමතා මේ අන්දමින් වදාලහ.මහණෙනි, අජාසත් රජතුමාට ධර්මය අවබෝධ කර ගැනීමට තිබුණු සියළු හේතු නැති වී ගිහින්. අජාසත් රජු පීතෘ ඝාතන අකුසල නොකලා නම් මේ දේශනාව අවසානෙය්දී දහම දැකපු විදිහට මෙතැනින් නැගිටින්න තිබුණා…

ඇසුර වැරදුන නිසා…

අජාසත් රජතුමාට බුදුරජාණන්වහන්සේ නමක් දැකලාවත් ධර්මය අවබෝධ කර ගැනීමට පිනක් නැති වුණේ ඇයි…? පාපී අදහස් ඇති දේවදත්ත භික්ෂුවගේ ඇසුරට වැටුන නිසා අජාසත්ත රජතුමාගේ සසර ගමනම මහා අනතුරක වැටුණා. මේ මොහොත වෙන විටත් අජාසත්ත රජතුමා අපායේ නිරිසතෙක් විදිහට දුක් විඳිනවා.

ඇසුර වැරදුනේ නැත්නම් අජාසත් රජතුමා දෙව්ලොව අප්‍රමාණ සැප සම්පත් විඳිමින් සතර අපායේ නොවැටී දෙව්ලොව දෙව් සැප විඳින්න තිබුණු අවස්ථාව අහිමි කර ගත්තා. දෙව්දතුන් නිසා අජාසත් රජතුමා තමාගේ පියා ඝාතනය කළා. නාලාගිරි ඇතුට රා පොවා එව්වා. බුදුරජාණන් වහන්සේගේ සිරස මතට ගල් පෙරළුවා. දුනුවායන් උන්වහන්සේ වඩින පෙරමගට එව්වා.

ඒ විතරක් නොවෙයි, තමන්ගේ පියා වූ  බිම්බිසාර රජතුමා අනේක වේදනා දීලා ඝාතනය කළා. තමන්ගේ තාත්තා නේද කියලාවත් නොහිතන්න තරම් මේ පව්කාර සිතුවිළි මොන තරම් බලවත්ද…? බිම්බිසාර රජතුමා ඉතාම කරුණාවන්ත රජ කෙනක්. සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකයෙක්. අජාසත් කුමරුට දැඩි සේ ආදරය කළ දයාබර පියෙක්.අජාසත් රජතුමා කුසේ සිටින විට බිම්බිසාර රජතුමාගේ බිසොවට රජතුමාගේ පපුව පළලා ලේ බොන්න දොල දුකක් උපන්නා. මේ ගැන අනාවැකි ඇසූ රජ බිසොව දරුවා ගබ්සා කිරීමට අදහස් කළත් රජතුමා එයට කැමැති වුනේ නැහැ.

බලන්න අද දවස ගැන…

අද දවසේ වුණත් ඇසුර නිසා තමන්ගේ ජීවිතය වරදවා ගත් අය මොනතරම් සිටිනවාද…? අපට අසන්න ලැබෙන විදිහට තමන් කිසිම වරදක් නොකළත්, ඇසුරු කරන අයගේ වැරදි නිසා තමන්ගේ ජීවිතය පවා අහිමි වෙනවා. සමහර විට හිරගෙවල්වල අප්‍රමාණ දුක් විඳිනවා. මරණ දඬුවම් පවා ලබන්න තරම් ඇසුර අසත්පුරුෂ ඇසුර නිසා දරුණු ප්‍රතිවිපාක ලැබෙන්න පුළුවන්.

කරදර විපත්තිවලට පත්ව සිටින අයගෙන් ඔබ මෙහෙම ඇහුවොත්… ඇයි ඔබට ඔහොම වුණේ… ඒ කාරණාවලට හේතුව පංච දුශ්චරිතයේ යෙදෙන පව්කාර මිතුරන්ගෙ ඇසුරයි. සමහර දෙමව්පියන් තමන්ගේ දරුවන් පුනරුත්ථාපන කඳවුරුවලට බාර දෙනවා. පවිටු මිතුරන් ඇසුර නිසා ඔවුන්ගේ මුළු ජීවිතයම විනාශ වෙලා. මත්ද්‍රව්‍ය ගැන කතා කරන විට පවුල් පරම්පරාවේ කිසිම කෙනෙක් මත් වතුර හෝ වෙනත් මත්ද්‍රව්‍යක් කටට නොගත් පවුල්වල දරුවන් මතින් මුදවා ගත නොහැකි තරමටම ඇබ්බැහි වෙනවා. මේ තත්ත්වයට දරුවන් පත් වෙන්නේ නරක ඇසුර නිසයි. අන්තිමේදී අධ්‍යාපනයත් කඩාකප්පල් වෙනවා. අම්මලා විලාප දෙනවා.

එක පව්කාර මිතුරෙක් ඇති…

සුවච කීකරු හොඳ දරුවන්ගේ ජීවිතයම විනාශ වෙන්න එක අසත්පුරුෂ මිතුරෙක් ඇති. නරක ඇසුර නිසා භයානක අපරාධකරුවෙක්, හොරෙක්, මිනීමරුවෙක් වෙන්න පුළුවන්. ඇසුර වරදවා ගත් නිසා සමාජයේ වැදගත් ලෙසින් පිළිගත් අයෙකුගේ වුණත් ජීවිතය විනාශ වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයට ආදරය කරන කෙනෙක් නම් වැරදිවලින් අත මිදෙන්න.

තමන්ගේ අරමුණුවලට යන්න උත්සහ කරන්න. සසර වරදිනවට අකමැති කෙනෙක් නම් පන්සිල් නොරකින, වැරදි කරන, වැඩිහිටියන්ට ගෞරව නොකරන, පව්කාර අදහස් ඇති මිතුරන් හා සමාගම් ඇති කර ගන්නම එපා. එවැනි ඇසුරක් ඔබ ගොඩ නගා ගැනීමෙන් ඔබටත් මෙලොව පිරිහී ගොස් පරලොවත් දුගතිගාමී වීම ඒකාන්තයෙන්ම සිදු වෙන්නක්.

ඇසුරක් මොන විදිහට ජීවිතය ආවත් නුවණින් දකින්න. මේ මගේ ජීවිතය විනාශ කරන්න ආව කෙනෙක් යැයි කියලා හිතන්න. ඒ  මොකද කිව්වොත් පව්කාර ඇසුරට ඔබව ඕනෑම මොහොතක, ඕනෑම විදිහේ අකුසලයකට ඇදලා දාන්න පුළුවන්.න භජේ පාපකේ මිත්ථෙ- න භජේ පුරිසාදමේ භජේථ මිත්තේ කළ්‍යාණෙ- භජේථ පුරිසුත්තමේ කළ්‍යාණ මිතුරන් ඇසුරු කරන්න. එය ඔබේ ජීවිතයට විශාල යහපතක් උදා කරනු ඇත.

නැදිමාල ශ්‍රි මහා විහාරවාසී
පූජ්‍ය දිවුලන්කඩවල ආනන්දශීල හිමි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සාම්ප්‍රදායික චිත්‍ර අඳින ප්‍රබෝධා

June 2, 2025

හැමදාමත් ලස්සනට ඇන්දුවම ” ලස්සනයි කොල්ලෝ ” කිව්ව එයා එදා මොනවත් කිව්වේ නෑ

June 2, 2025

තරුණයන්ටත් සතුට එපා වෙලාලු

June 2, 2025

රූකාන්තගෙන් CUSTOMIZED OCTAPAD

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?