නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ළඟදීම එන Venom ( The Last Dance)
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ළඟදීම එන Venom ( The Last Dance)

Published August 26, 2024

මෙහි මුල් චිත්‍රපටය ආරම්භ වන්නේ ලයිෆ් පදනම නම් අභ්‍යවකාශ ගවේෂණ සහ විද්‍යා පර්යේෂණ ආයතනයකින් පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ පැවැත්වීමකින්. මෙහි ප්‍රධාන චරිතය වන එඩී බ්‍රෝක් රූපවාහිනී ගවේෂණ වාර්තාකරුවෙක්. එඩී පර්යේෂණ ආයතනයට ගියපු වෙලාවක පරීක්ෂණ පවත්වමින් සිටි සුපිරි බලගතු පිටසක්වල ජීවියෙකු වැරදීමකින් ඔහුගේ ශරීරය තුළට ඇතුල් වෙනවා. මෙතනින් ආරම්භ වන Venomකතා මාලාවේ තුන්වන චිත්‍රපටය වන Venom ( The Last Dance ) චිත්‍රපටය 2024 ඔක්තෝම්බර් හීදී තිරගත වීමට නියමිතය.

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Tom Hardy විසින්. ප්‍රථම චිත්‍රපටය 2018 වසරේදී තිරගත වූ අතර මෙහි දෙවනි චිත්‍රපටය වන Venom ( Let there be carnage)  2021 දි නිකුත් වෙනවා. Marvel විශ්වය තුළ වීරයෙක් මෙන්ම දුෂ්ටයෙක් ලෙස Venom හදුනාගත හැකියි. එමෙන්ම ස්පයිඩර් මෑන්ගේ ප්‍රධාන සතුරෙක් ලෙසත් දැකගන්න පුළුවන්.

ඇත්තටම කවුද මේ Venom  කියන්නෙ? කොමික්ස්වලට අනුව මේ Venom  කියන්නෙ පිටසක්වල ජීවියෙක්. මේ ජීවියා පරපෝෂිතයෙක්. තමන්ට සුදුසු ධාරක ජීවියෙක් සොයාගෙන ඒ ජීවියාගේ සිරුරට ඇතුල්වී, ඊට අනුගතව ඒ ජීවියා සතු හැකියාවන් උකහා ගෙන ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවියාව ක්ෂය කරමින් ජීවත්වෙන ජීවියෙක්. නමුත් Venom  හි අපිට හමුවෙන්න ප්‍රධාන චරිතය Anti Venom කෙනෙක්. Anti Venom ට මනසක් තියනවා. ඒ කියන්නෙ හරියට ආමර් එකක් වගේ. ධාරකයා සුපිරි ඇඳුමක් ඇඳගත්තා වගේ තමයි.

Venom  චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය Venom ( The Last Dance) බවයි වාර්තා වෙන්නේ. මේ ගැන සදහන් කරලා තියෙන්නෙ Sony Picture සමාගම් CEO වන Tom Rothman. ඒ වගේම මේ වෙද්දී තව කටකතාවක් යනවා මේ Venom ( The Last Dance)  චිත්‍රපටය R-rated     ෆිල්ම් එකක් වෙනවා කියලත්. කෙසෙ වෙතත් මෙහි අවසානය කෙබදු වේ දැයි මේ වසරේ අපිට දැකගත හැකිවෙයි.

නිපුනි සම්මානි ✍️

TAGGED: Venom
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?