මෙහි මුල් චිත්‍රපටය ආරම්භ වන්නේ ලයිෆ් පදනම නම් අභ්‍යවකාශ ගවේෂණ සහ විද්‍යා පර්යේෂණ ආයතනයකින් පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂණ පැවැත්වීමකින්. මෙහි ප්‍රධාන චරිතය වන එඩී බ්රෝක් රූපවාහිනී ගවේෂණ වාර්තාකරුවෙක්. එඩී පර්යේෂණ ආයතනයට ගියපු වෙලාවක පරීක්ෂණ පවත්වමින් සිටි සුපිරි බලගතු පිටසක්වල ජීවියෙකු වැරදීමකින් ඔහුගේ ශරීරය තුළට ඇතුල් වෙනවා. මෙතනින් ආරම්භ වන Venomකතා මාලාවේ තුන්වන චිත්‍රපටය වන Venom ( The Last Dance ) චිත්‍රපටය 2024 ඔක්තෝම්බර් හීදී තිරගත වීමට නියමිතය.
මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Tom Hardy විසින්. ප්‍රථම චිත්‍රපටය 2018 වසරේදී තිරගත වූ අතර මෙහි දෙවනි චිත්‍රපටය වන Venom ( Let there be carnage) 2021 දි නිකුත් වෙනවා. Marvel විශ්වය තුළ වීරයෙක් මෙන්ම දුෂ්ටයෙක් ලෙස Venom හදුනාගත හැකියි. එමෙන්ම ස්පයිඩර් මෑන්ගේ ප්‍රධාන සතුරෙක් ලෙසත් දැකගන්න පුළුවන්.
ඇත්තටම කවුද මේ Venom කියන්නෙ? කොමික්ස්වලට අනුව මේ Venom කියන්නෙ පිටසක්වල ජීවියෙක්. මේ ජීවියා පරපෝෂිතයෙක්. තමන්ට සුදුසු ධාරක ජීවියෙක් සොයාගෙන ඒ ජීවියාගේ සිරුරට ඇතුල්වී, ඊට අනුගතව ඒ ජීවියා සතු හැකියාවන් උකහා ගෙන ක්‍රම ක්‍රමයෙන් ඒ ජීවියාව ක්ෂය කරමින් ජීවත්වෙන ජීවියෙක්. නමුත් Venom හි අපිට හමුවෙන්න ප්‍රධාන චරිතය Anti Venom කෙනෙක්. Anti Venom ට මනසක් තියනවා. ඒ කියන්නෙ හරියට ආමර් එකක් වගේ. ධාරකයා සුපිරි ඇඳුමක් ඇඳගත්තා වගේ තමයි.
Venom චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය Venom ( The Last Dance) බවයි වාර්තා වෙන්නේ. මේ ගැන සදහන් කරලා තියෙන්නෙ Sony Picture සමාගම් CEO වන Tom Rothman. ඒ වගේම මේ වෙද්දී තව කටකතාවක් යනවා මේ Venom ( The Last Dance) චිත්‍රපටය R-rated ෆිල්ම් එකක් වෙනවා කියලත්. කෙසෙ වෙතත් මෙහි අවසානය කෙබදු වේ දැයි මේ වසරේ අපිට දැකගත හැකිවෙයි.
නිපුනි සම්මානි ✍️