නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බඩේ ඉන්න බබාට වැඩි සද්ද හොඳ නෑ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බඩේ ඉන්න බබාට වැඩි සද්ද හොඳ නෑ

Published August 19, 2024

එංගලන්තයේ බ්‍රිස්ටල් වෛද්‍ය විද්‍යාලය අනාවරණය කරයි

බාල කාලයේදී දරුවන් ජීවත් වන පරිසරය අනාගතයේදී ඔවුන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීමට බෙහෙවින් හේතු වන බැව් බොහෝ දෙනෙකු විසින් නොසිතන පැතිකඩක්. නමුත් බාල කාලයේදී අධික ලෙසින් වූ ශබ්ද සහිත ඝෝෂාකාරී පරිසරයක ජීවත්වන දරුවන් අනාගතයේදී සාංකාව, කාන්සිය සහ මානසික වෙහෙසකර දරුවන් බවට පත් වෙන බැව් පර්යේෂකයන් විසින් දැන් පෙන්වා දෙනවා. එක්සත් රාජධානියේ බි්‍රස්ටල් වෛද්‍ය විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යන වාර්තාව 2024 වසරේ මැයි 28 වන දින ප්‍රකාශිත JAMA සඟරාව මගින් එළිදක්වා තිබෙනවා.

ඔවුන්ගේ මෙම අධ්‍යනය වෙනුවෙන් 1991-1993 දක්වා වූ කාලයේ උපත ලද දරුවන් 9065 ක් සම්බන්ධ කර ගත්තා. එදා දරුවන් වුණත් අද වනවිට ඔවුන් තාරුණ්‍යට පත් පුද්ගලයන්. නමුත් මේ පිරිස අතරින් පස් දෙනෙකුට එක් අයෙකුම කුමන හෝ මානසික ගැටළුවකින් පීඩාවට පත්ව සිටින බැව් හඳුනා ගැනීමට ලැබුණා. ඔවුන්ගෙන් 11.4% ක් මානසික අවපීඩන ( Depression) තත්ත්වයෙන් පසු වුන අතර 9.7% දෙනෙක් කාංසාව ( Anxiety ) වැනි මානසික ගැටුම්වලට පත්ව සිටියා. ඒ වගේම දරුවන් පමණක් නොව ඕනෑම පුද්ගලයෙක් ජීවත්වන ප්‍රදේශයේ පවතින ඝෝෂාකාරී තත්ත්වයන් නිසා කාංසාව ඇති වීමට 20% ක අවදානමක් ඇති බවත් මෙම අධ්‍යනය මඟින් පෙනී ගිය කරුණක්.

වායු දූෂණයත් අවදානම්…

ඒ වගේම පරිසරයේ පවතින වායු දූෂණය අපි ශ්වසන රෝග සමඟ සම්බන්ධව කථා කළත් වායු ගෝලයේ පවතින අහිතකර තත්ත්වයන්ද අපට නොදැනීම මානසික ගැටලු සඳහා බලපානවා. මවක් තම දරු ගැබ දරණ කාලයේදී පරිසරයේ පවතින මෙම අහිතකර තත්ත්වයන්ට නිරාවරනය වුණොත්, එවැනි තත්ත්වයන්ට නිරාවරනරය නොවුන මවක විසින් ලබන දරුවෙකුට වඩා මානසික වශයෙන් ගැටලු සහිත දරුවෙකු බිහි වීමේ අවදානම 11% කින් ඉහළ බවත් දැන් හඳුනා ගෙන තිබෙන කරුණක්

නින්ද පිළිබඳ ගැටළු…

පරිසරය සහ මානසික සෞඛ්‍ය අතර පවතින අන්තර් සම්බන්ධතාවය ගැන කරුණු ගෙන හැර දක්වන පර්යේෂකයන් සඳහන් කරන්නේ පරිසරයේ පවතින ඝෝෂාවන් නිසා දරුවෙකු විසින් බාල කාලයේදී සුවදායක නින්දක් ලබන්නේ නැහැ. දරුවෙකුගේ මානසික සහ කායික වර්ධනයට නින්ද ඉතාම හිතකර වූද, අත්‍යවශ්‍ය සාධකයක්. ඕනෑම පුද්ගලයෙකුට කායික සුවතාවය සඳහා වගේම ආතතිමය තත්ත්වයෙන් නිදහස් වීමට නින්ද ඉතාම අවශ්‍යයි. නමුත් නින්ද පිළිබඳව ඇති වන ගැටලු නිසා දරුවන් කායිකව වගේම සංජානන හැකියාවන් අතින්ද ඉතා දුර්වල වීමට ඉඩ තිබෙනවා.

නොමේරූ දරු උපත්…

මේ අතර බි්‍රස්ටල් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යනයේ තොරතුරු අනුව මෙම අධික ඝෝෂාකාරී තත්ත්වයන් නිසා නොමේරූ දරු උපත් බිහි වීමටත් වැඩි අවදානමක් තිබෙන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා. ගර්භණී කාන්තාවක් අධික ඝෝෂාකාරී පරිසරයක නිරන්තරවම ජීවත්වීම වැඩි අවදානමක් ඇති බැව් මෙම අධ්‍යනය මගින් හඳුනාගෙන තිබෙනවා.

මේ වෙනුවෙන් පර්යේෂකයන් විසින් වයස අවුරුදු 13 සිට 24 දක්වා වූ පුද්ගලයන් ඔවුන්ගේ නියැඳිය ලෙසින් සම්බන්ධ කර ගත්තා. ඔවුන් අතරින් කාංසාව, විශාදය, මානසික අවපීඩනය වැනි මානසික තත්ත්වයන්ට ගොදුරුව සිටි පුද්ගලයන් බාල කාලයේදී පමණක් නොව, මවගේ ගර්භාෂයේ සිටින කාලයේ පටන් අධික ඝෝෂාකාරී පරිසරයක ජීවත් වුණ බැව් තහවුරු වුණා. ඒ විතරක් නෙවෙයි, ඔවුන්ගේ මෙම මානසික රෝග තත්ත්වයන් වයස අවුරුදු 25 පසු වීමත් සමග තවත් නරක අතට හැරෙන බවත් මෙම අධ්‍යනයේදී පෙනී ගියා.විද්‍යාත්මක සාහිත්‍ය මගින් සනාථ වීමට පෙරාතුව පටන් අපේ ජන සංස්කෘතිය තුළ ගර්භණී කාන්තාවක් වෙනුවෙන් අනුගමනය කළ විශේෂ පිලිවෙත් තිබුණා.

ඒ හැම දෙයකින්ම ඇගේ දරු කළලය වගේම නූපන් දරුවාගේ පවා පෞරෂය ගොඩ නැගුණා. අසුබ දර්ශන ගර්භණි කාන්තාවකට දැකීමටවත් සැලසුවේ නැහැ. ඒ හැම දෙයකින්ම ඇය ආරක්ෂා කළා. කොටින්ම කිවහොත් නිවසේ අලුත්වැඩියාවක්, බිත්තියක, වහලයක අළුත් වැඩියාවක් හෝ සිදු වුණේ නැහැ. ඒ තරමටම ශබ්දයෙන් ඇති වෙන කම්පනයෙන් ඇය ආරක්ෂා කළා.

නමුත් කාලය සමඟ තාක්ෂණය සමාජය අතික්‍රමනය කරන්න පටන් ගත්තා. ඒ සමඟම ශබ්ද දූෂණය පුද්ගලයන්ගේ පෞරෂයට බලපෑ බැව් අප දැන සිටියේ නැහැ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කරන ලද පර්යේෂණයන්ට අනුව බෝ නොවන රෝගවලට සාපේක්ෂ අන්දමින් මානසික රෝග ගැන වාර්තා වීම් සංඛ්‍යාත්මකව ඉහළ ගියා.

අද වන විට සමාජයේ මානසික රෝග තත්ත්වයන් ඇති වීමට පාරිසරික ලෙසින් ඇතිවන බලපෑම සමග සෘජු සම්බන්ධතාවයක් දක්වන බැව් පෙනී ගොස් තිබෙනවා.ඒ නිසා බාල කාලයේ පමණක් නොව, කාන්තාවකගේ ගර්භණී කාලයේ පටන්ම දරුවාගේ පෞරෂය වර්ධනය වීමට හිතකර අයුරින් පරිසරය නිර්මාණය කිරීම වැදගත්.

පරිසරයෙන් ඇති වෙන ඝෝෂාකාරී පරිසරය හැකි තාක් අවම කිරීම මේ වෙනුවෙන් ගත හැකි වඩාත්ම සුදුසු පියවර බැව් බි්‍රස්ටල් වෛද්‍ය විද්‍යාලය මගින් සමාජය වෙත දන්වා තිබෙනවා. එහෙත්… මේ තත්ත්වයෙන් අපේ රටේ ගර්භණී මවක් ආරක්ෂා කර ගැනීමට සමාජයෙන් උත්තේජනයක් ඇතිවීම ගැන නම් ඇත්තේ සැකයක් පමණි. කොත්තු හදන නයිට් කඩයක් අසල ජීවත් වෙන කාන්තාවකට, ළදරුවෙකුට මේ ශබ්දවලින් දුරස්ව ජීවත්වීම ගැන නම් සිතන්නත් අසීරුයි.

HealthDay News

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

TAGGED: health, බ්‍රිස්ටල් වෛද්‍ය විද්‍යාල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?