නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගෑනුන්ට ආලේ කළේ නැත්නම් රාලේ ඡන්දෙ කපෝතියි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගෑනුන්ට ආලේ කළේ නැත්නම් රාලේ ඡන්දෙ කපෝතියි

Published August 5, 2024

ජනාධිපතිවරණය කට අස්සෙ තියාගෙන එක එක කඳවුර එක එක ලෙවල් එකෙන් තමන්ගෙ කඳවුරේ බලය පෙන්වන්න හදනව.ඇත්තටම ජනාධිපතිවරණයේ තීරණාත්මක කඳවුර මොකක්ද කියලත් එක එක මානයන් ගෙන් එක එක්කෙනා මැනගෙන එක එක කැම්පේන් ප්ලෑන් කරනව.

සාමාන්‍යයෙන් අපේ රටේ මිනිස්සු ගත්තම වැඩිපුරම දේශපාලනය පේන්න කරන්නෙ පිරිමි. රැස්වීමවලට බැහැගෙන යන්නෙ පිරිමි, හන්දි ගානෙ, බාර් ගානෙ, කඩ ගානෙ, ඔෆිස් ගානෙ දේශපාලනය කතාකරන්නෙ පිරිමි. ඉස්කෝලෙක වුණත්, ඔෆිස් එකක වුණත්, යාලුවොන්ගෙ වුණත් වට්සැප් ගෲප්වල වැඩිපුරම දේශපාලනික කාරණා ශෙයාර් කරන්නෙ පිරිමි.

ගෑනු දේශපාලනික කාරණා කතා කරනව හරි හොරයි. බුකියේ වුණත් කාන්තාවො ශෙයාර් කරන්නෙ දේශපාලනික ලට්ට ලොට්ට නෙමෙයි. ඇත්තටම බැලූ බැල්මට අපේ රටේ ගැහැණු එච්චරම දේශපාලනිකව සංවේදී කියල පේන්නෙ නෑ. ලෝකෙ ප්‍රථම අගමැතිණිය බිහිකළ විධායක ජනාධිපතිනියක් බිහිකළ රටේ කාන්තාවන්ගෙන් පිරිමි පරයා දේශපාලනිකව ඉස්මතුවීමක් සමාජයේ පේන්න නෑ.

ඒත් අපි අමතක නොකළ යුතු වැදගත් කාරණාවක් තියෙනව. කාන්තාවන් බොහෝවිට තමන්ගෙ අදහස වගේම මතය පිරිමි වගේ පැනල කියන්න මහන්සි වෙන්නෙ නෑ කියන එක. ආදරය වුණත් සාමාන්‍යයෙන් මුලින්ම පැනල කියන්නෙ කොල්ලා. කෙල්ල කරන්නේ නිහඬව දරාගෙන බලාන ඉන්න එක. හැබැයි කෙල්ලගෙ තීරණය අතිශය තීරණාත්මකයි. ගෙදර වුණත් තාත්තා කෑ ගැහුවට ගෙදර අනාගතය සම්බන්ධයෙන් නිහඬ වුණත් වැදගත්ම ආකෘතිය පාලනය කරන්නෙ අම්ම. දේශපාලනය වගේ සාමාජීය කාරණාවලටත් ඒක එහෙමයි.

මේ රටේ මේ මොහොතෙ ජන්දදායකන්ගෙන් 53%කට වඩා ඉන්නෙ කාන්තාවන්. නිසැකවම කාන්තාවගේ ජන්දය තීරණාත්මකයි මේ සැරේ.මේ ළඟදි, ලංකාවෙ විශ්ව විද්‍යාලවල ගැහැණු ළමයින්ගෙ ප්‍රතිශතය ගැන දත්ත වගයක් පළකරල තියෙනව මම දැක්ක. ඒ වාර්තාව අනුව හිතාගන්න බැරි වේගයෙන් ලංකාවෙ විශ්ව විද්‍යාලවල ගැහැණු ළමයින්ගෙ ප්‍රතිශතය වැඩිවෙලා තියෙනව.

1942 – 10%

1972 – 42.7%

2002 – 53%

2022 – 65% යි…

අද මේ රටේ විශ්වවිද්‍යාලවල ළමයින්ගෙන් පවා බහුතරයක් ඉන්නෙ කාන්තාවො. රටේ සාමාන්‍ය සාක්ෂරතාව බැලුවත් කාන්තාවන්ගෙ සාක්ෂරතාව 94.6 % ක් මේ වෙද්දී. ලංකාවෙ කාන්තාව විසින් ආර්ථිකය දරාගෙන ඉන්න පවුල් ගණනත් 24% වෙනවා. සමහර දිස්ත්‍රික්කවල ඒ ප්‍රමාණය 30% කට ආසන්නයි.

මේ බොහොමයක් කාරණාවලින් පැහැදිලි වෙන්නෙ එකයි, ඒ තමයි ජනාධිපතිවරණය ජයගන්නෙ අනිවාර්යයෙන්ම වැඩිපුරම කාන්තා හිත් දිනාගන්න අපේක්ෂකය කියන එක. ජන්දය පාවිච්චි කරන්නෙ හොරාට, ඒක මිනිස්සුන්ගෙ අයිතියක් කාටවත් ප්‍රශ්න කරන්න බැරි. සැමියා, පෙම්වතා නැත්නම් පියා, සහෝදරයා මොනවා කීවත් කාන්තාවගේ ඡන්දය තීරණය කරන්නේ ඇය විතරක්මයි.

ඒ නිසා මේ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වෙන්න කැමති කෙනා කාන්තා මනාපය ඉහළින්ම දිනාගන්න ඕන. මේ මොහොතේ මේ රටේ කාන්තාව වැඩිපුරම ප්‍රිය කරන කෙනා නිසැකවම ජනාධිපතිවරණය ජයගන්නව. ඒ ප්‍රියතාවය කාන්තාවට කාන්දුකරන වැඩේ තමයි මේ මොහොතේ සියලුම කැම්පේන්වල ෆෝකස් එක වෙන්න ඕන.

නුවන් ගම්මම්පිළ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?