නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වැඩි බඩ මට්ටු කරන්න ඇවිදින්න හොඳම වෙලාව කීයද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වැඩි බඩ මට්ටු කරන්න ඇවිදින්න හොඳම වෙලාව කීයද

Published July 29, 2024
කාර්යබහුල ජීවන රටාවත් එක්ක දවසේ වැඩ ටික ෆිට් එකේ කරගන්න නම් සෞඛ්‍ය සම්පන්න හැඩැති සිරරක් ඔයාට ඕන වෙනවා. නැත්තම් දවසෙම ඔයාගේ වැඩටික හරි විදිහට කරගන්න බැරුව දවසම කචල් වෙනවා. ඉතින්, ඔයාගේ පොකට් එකටත් ඉතුරුවක් කරගෙන කළගෙඩියක් වගේ තියෙන බඩ මට්ටු කරල ෆිට් එකේ ඉන්න නියම විසඳුමක් තමයි ඇවිදීම. ඔබ දන්නවා පැරැන්නන්ගේ කතාවකුත් තියෙනවා “ඇවිද්ද පය දහස් වටී” කියලා මේ නිසා ඔයාටත් පුළුවන් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දෙන ඵලදායී ව්‍යායාමයක් විදිහට ඇවිදීම ඔයාගෙ පුරුද්දක් කර ගන්න. හැබැයි ඕනම ව්‍යායාමයක් නිසි වෙලාවට නිසි විදිහට කළොත් තමයි ඔබට ඒකෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ නිසා ව්‍යායාමයක් විදිහට ඇවිදින්න ඕන හරිම වෙලාව ගැනත්, කරන්න ඕන විදිහ ගැනත් ඔයාගේ අවධානය ලබා දෙන්න අමතක කරන්න එපා. පෞද්ගලික ජීවන රටාව, කායික බලපෑම් වගේ හේතු නිසා සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා ව්‍යායාම සඳහා ඇවිදින්න තෝරගන්නේ උදෑසන හෝ සවස් කාලය. මේ කාලයන් දෙකේදීම ඇවිදීම ඊටම අනන්‍ය වුණ වාසි රැසක් ඔබට ලබා දෙනවා. ඉතින් ඔබට ඇවිදින්න වඩාත් ගැළපෙන කාලය තෝරා ගන්න අපි ඔබට උදව් කරන්නම්.

උදෑසන ඇවිදින ඔයාට අත්වන වාසි

ඔබ දන්නවාද උදෑසන ඇවිදීම ඔබගේ පරිවෘත්තීය ක්‍රියාවලිය ආරම්භ කරනවා වගේම ඔයාගේ සිරුරේ අනවශ්‍ය කැලරි කාර්යක්ෂමව දහනය කරල දවස ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න ඔයාට අවශ්‍ය ශක්තිය වගේම මූඩ් එකත් හදල දෙනවා.

මේ නිසාම දවසේ ඉතිරි වැඩකටයුතු සියල්ලම ඔබට ධනාත්මක මනසකින්, ක්‍රියාශීලීව සිදු කරන්න හැකියාව ලැබෙනවා.මුදල් පසුපස හඹායන ලෝකයක ආතතිය වගේම කාංසාව හෙවණැල්ලක් වගේ ඔයා පසුපස එනවා. ඒ හෙවණැල්ලට අභියෝග කරල ඔයාගේ සතුට සහ යහපැවැත්ම වැඩිකරගන්න උදෑසන ඇවිදීම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත්.

මොකද, උදෑසන හිරුඑළිය ඔයාගේ සිරුරේ සෙරටොනින් නිෂ්පාදන වැඩි කරන නිසා ස්නායු වල ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කරනවා. ඒ වගේම, උදෑසන ඇවිදීම ඔබගේ කායික යෝග්‍යතාවය වැඩි දියුණු කරනවා වගේම ඔයාගේ මොළයේ ක්‍රියාකාරීත්වයට රුධිර ප්‍රවාහය, ඔක්සිජන් ලබා දීම වැඩි කරනවා කියල ඔයා දැනගෙන හිටියද? මේ නිසා සංජානන ක්‍රියාකාරීත්වය වගේම අවධානයත් වර්ධනය වන නිසා ඔෆිස් එකේ, ගෙදර ඔයාගේ බිසී ලයිෆ් එකට හොඳ සූදානමක් ලබා ගන්න ඔයාට හැකියාව ලැබෙනවා.

ඇවිදීම විතරක් නෙවෙයි ඇවිදිනකොට ඔයා ගන්න හුස්මත් ඔයාගේ සිරුරට ලොකු බලපෑමක් කරනවා. මේ නිසා පිරිසිදු වාතාශ්‍රයක් තියෙන ප්‍රදේශයක ඇවිදින්න හොඳින් මතක තබා ගන්න. ඔබත් නාගරික ප්‍රදේශයක හෝ වායු දූෂණය වැඩි ප්‍රදේශයක ජීවත් වන කෙනෙක් නම් වායු දූෂණය අඩු නැවුම් වාතාශ්‍රයක් ලැබෙන උදෑසන කාලය ඇවිදීමට තෝරගන්න වගබලා ගන්න.

සවස් කාලයේ ඇවිදින ඔයාට අත්වන වාසි

ඔෆිස් එකේ මහන්සි වෙලා හවසට ගෙදර එන ඔයාගේ ලොකුම බලාපොරොත්තුව තමයි සුවබර නින්දක් ලබා ගන්න එක. කම්මලක් වගේ තියෙන මනස නිදහස් කරගන්න හොඳම බෙහෙත තමයි සුවබර නින්ද කියන්නේ. ඉතින් සවස් කාලයේ ඇවිදීම නිසා ඔබට දවසේ කාර්යබහුලත්වයෙන් ඈත්වෙලා මනසට සැහැල්ලුවක් අත්කර ගන්න පුළුවන් වගේම ගැඹුරු සුවබර නින්දක් ඔබට ළඟාකර ගන්නත් පුළුවන්.

ඔබත් රාත්‍රී ආහාරය ලබාගත් විගසම නින්දට යන කෙනෙක්ද? අදම ඒ නරක පුරුද්ද ඔයාගේ ජීවිතයෙන් අත්හැරගන්න. කළගෙඩියක් වගේ බඩක් තියාගෙන ජීවිතය විඳවන්න මේක ලොකුම හේතුවක්. මේ නිසා රාත්‍රී කෑම වේලෙන් පස්සේ ඇවිදීම ඔයාගේ බඩේ ජීරණ ක්‍රියාවලිය සුමට කරල ආහාර අමාශය සහ බඩවැල් හරහා චලනය පහසු කරනවා.

ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක් වන ගෑස්ට්‍රික් අවම කර ගන්නත්, බඩේ පිපුම අවම කරගන්නත් සවස් කාලයේ ඇවිදීම ඔයාට උපකාරී වෙනවා.මිනිසා කියන්නේ සාමූහික ජීවියෙක් නිසාම හැමවෙලාවෙම අන් අයත් එක්ක සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න කැමැත්තක් දක්වනවා.

මේ නිසාම සවස් කාලයේ දී කාර්යබහුල කාලසටහනෙන් මිදිලා ඔයාගේ යහළුවන්, වයිෆ් වගේම දුවලා පුතාලා එක්ක එකතු වෙලා ඇවිදින්න ඔයාට හැකියාව තියෙනවා. තනියෙන් ඇවිදිනවාට වඩා ඒක ඉතාමත් විනෝදජනකයි.

ඔයාගේ වගේම සමීපතමයන්ගේ කායික, මානසික ලිහිල්බව සහ බැඳීම් ශක්තිමත් කරගන්නත් සවසට ඇවිදීම හොඳම ක්‍රමයක්.ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි,ඔෆිස් යන්න ලෑස්ති වෙන්නයි මේ ඔක්කොම එක්ක උදේ තියෙන බිසී ශෙඩියුල් එකේ පීඩනය නැතිව සවස් කාලයේ ඔබට නිදහසේ විවේකීව ඇවිදන්න හැකියාව තියෙනවා.

හවසට තියෙන සිසිල් දේශගුණය ඒ විවේකී බව, මානසික සුවය තව තවත් ඔබට ළඟා කරල දෙනවා.නීරෝගීකම උතුම්ම ලාභය වන නිසාම සරල ව්‍යායාමයක් වන ඇවිදීම ඔබේ ජීවිතයට හුරුකර ගන්න අමතක කරන්න එපා. ඒ වගේම හිතුමතේ ඇවිදිනවා වෙනුවට ඔයාගේ දෛනික ජීවන රටාවත්, ඇවිදීම නිසා ලබා ගන්න බලාපොරොත්තු වන ප්‍රතිලාභයන් ගැනත් සැලකිලිමත්ව ඔයාට ඇවිදින්න හොඳම කාලය තෝරගන්න කටයුතු කරන්න.

ඇවිදීමේ දී වළක්වාගත යුතු වැරදි

ඇවිදීම ඔබට කායික මානසික සුවය ලබා දෙනවා වගේම ඇවිදීමේ දී ඔබ සිදු කරන වැරදි චර්යා රටාවන් නිසා රෝග තත්ත්වයන් ඇති කරන්නත් බලපාන බව දන්නවාද? ඒ නිසා නිවැරදි ප්‍රතිලාභයන් ලබා ගන්න ව්‍යායාමයක් ලෙස ඇවිදීමේ දී නිවැරදි ක්‍රමයන් අනුගමනය කරන්න. පොදු වැරදි වළක්වා ගන්න.

● ඇවිදීමේ දී ඔබේ හුස්ම ගැනීම ක්‍රමවත්ව වැඩි දියුණු කර ගන්න නම් ඔබ හිස සහ උරහිස් කෙලින් තබාගෙන ඇවිදින්න අමතක කරන්න එපා.

● සිරුරේ සමබරතාවයට වගේම වැටීම්, තුවාල වීම් වැනි අවදානම් අඩු කර ගන්න කෙටි පියවරයන් තබමින් ඇවිදින්න වගබලා ගන්න.

● ඇවිදීම නිසා ඇතිවන බිබිලි, වේදනාවන් දිගුකාලීන සන්ධි ගැටළු වැනි අතුරු ආබාධ වලින් වැළකී ඉන්න නම් ඔබට ගැළපෙන සපත්තු, ආධාරක පළඳින්න කටයුතු කරන්න.

● ඇවිදීමත් ව්‍යායාමක් ලෙස සිදු කරන නිසාවෙන් ඇවිදීමට පෙර වගේම පසු වෝම්අප් කරන්න අමතක කරන්න එපා.

හෘද රෝග අවදානම අඩු කරගන්න, මානසිකව වදදෙන ඔයාගෙ බර පාලනය කරගන්න, එන්ඩොර්ෆින් මුදා හරින නිසා මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න මාංශපේශී වගේම අස්ථි ශක්තිමත් කරගන්න සහ ඔස්ටියෝපොරෝසිස් අවදානම අඩු කරගන්න වගේම ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්කරගන්න නිතිපතා ඇවිදීම ඔබට බෙහෙවින් උපකාරී වෙනවා. පවුලේ අයත් එක්ක ප්‍රීතිමත් ජීවිතයකට පියනගන්න ඇවිදීම ව්‍යායාමයක් විදිහට ඔබේ ජීවිතයට හුරු කරගන්න.

Times of India ඇසුරෙන්

දුම්ෂා විජේසිංහ. ✍️

 

TAGGED: health, බඩ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?