ලෝක උරුමයක් ලෙස “ යුනෙස්කෝව ” විසින් නම් කරන ලද “අයිෆල් කුළුණ ” ප්‍රංශයේ අනන්‍යතාවයේ එක් සුවිශේෂී සටහනක් සේ සැලකේ. 1889 වසරේදී මාර්තු 31 වැනි දින අයිෆල් කුළුන විවෘත කිරීමට පෙරාතුව ලෝකයේ උසම නිර්මාණය ලෙසින් වාර්තා වී තිබුණේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් හි පිහිටි “ ඩී.සී, කුළුනයි. එහෙත් 1930 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් නිව්යෝක් නගරයේ Chrysler ගොඩනැගිල්ල ඉදි කිරීමත් සමඟ නැවතත් ලෝකයේ උසම ගොඩනැගිල්ලේ වාර්තාව ඇමරිකා එක්සත් ජනපදයට හිමි විය.
අයිෆල් කුළුන ඉදිකිරීමේ ගෞරවය Gustave Eiffel ඉංජිනේරුවරයාට හිමි වී තිබේ. මෙහි සැලැසුම 1884 වසරේ මැයි මාසයේදී නිර්මාණය කරනු ලැබුවේ“මොරිස් (Maurice Koechlin ) කොචිලින් ”නැමැති ඉංජිනේරුවරයාගේද සහභාගිත්වය ඇතුවයි. කොචිලින් ඉතා විශිෂ්ට නිර්මාන ශිල්පියෙකු වන අතර Statue of Liberty, Arc de Triomphe වැනි ලෝක පූජිත නිර්මාණයන්හි ගෞරවය ඔහුට හිමි වී තිබේ. 1889 වසරේදී මෙම කුළුනේ වැඩ අවසාන වෙන විට මෙහි සමස්ත බර ඳා ටොන් 9700 ක් විය. විටින් විට එක් කරන ලද කොන්ක්‍රිට්
නිසා පසු කාලයකදී අතිරේක ටොන් 1300 ක් මෙයට එක් විය. මුල් කාලයේදී වැඩබිම් අනතුරුවලින් විශාල පිරිසක් මිය ගොස් ඇත. දෙවැනි ලෝක යුද්ධ කාලයේදී පැරිසිය ඔස්සේ ගමන් ගත් හිට්ලර් හමුදාවන්ට විසින් මෙම කුළුන කඩා දැමීමට නියෝග ලැබුණත් හමුදාවන් විසින් එවැනි අපරාධයක් කිරීමට තරම් උත්සුක නොවුනේ මෙහි වූ අපූරත්වය නිසාම විය හැකිය.
1909 වසර වෙන විටත් අයිෆල් කුළුන එම ස්ථානයෙන් ඉවත් කිරීමට ප්‍රංශ රජය විසින් තීරණය කර තිබුණි. එමෙන්ම ඒ වෙන විට ප්‍රංශයේ පැවැති Gothic cathedrals Arc de Triomphe ගොඩනැගිලි වෙනුවෙන් වූ ආකර්ශනය මෙම කුළුනට නොවීය. 1925 වසර වෙන විට මෙම කුළුන ගරා වැටෙන තත්ත්වයට පත් විය. මලකඩ කෑමෙන් විනාශයට පත් කුළුන නඩත්තුව වෙනුවෙන් විශාල මුදලක අවශ්‍යතාවය පෙනී ගියෙන් කිසිවෙකුත් මේ වෙනුවෙන් අත තැබුවේ නැත.
මෙම කාලයේදී “ වික්ටර් ලස්ටින් ” ( Victor Lustig ) නැමැති තැනැත්තෙකුට පුවත්පතක් මගින් අයිෆල් කුළුනේ තොරතුරු ගැන අසන්නට ලැබී ඇත. ඔහු “ ලිමොසින් ” රථයක් කුලියට ගෙන එහි නැගී අයිෆල් කුළුන නිරීක්ෂනය කළේය ඔහු ඉතාම වංචාකරුවෙක් ලෙස සැලකුන අතර මෙම ගරා වැටෙන කුළුන මුල් කර ගෙන යම් ආදායමක් ලැබීමට සිතා ගත්තේය.
ඔහු රජයේ ලියවිල්ලක ආකාරයෙන් ව්යාාජ ලියැවිලි හයක් සාදන ලදී. එම ලියැවිලි අනුව වික්ටර් තැපැල් හා ටෙලිග්රාෆ් සේවායේ සහකාර අධ්යක්ෂ ලෙසින් පෙනී සිට ඇත. ඒ හයම පරණ යකඩ වෙළෙන්ඳන් සඳහාය. මෙම වෙළෙන්ඳන් සමග Hotel de Crillon හි රහස් සාකච්ඡාවක් පවත්වන ලදී. එයින් පසුව දන්වා සිටියේ මෙය නඩත්තු කිරීමට අපහසු නිසා කඩා ඉවත් කොට පැරණි යකඩවලට අලෙවි කරන ලෙසයි.
එයින් මහජනතාව කුපිතයට පත් වුණත් එය එතරම් සැලකිල්ලට නොගන්නා ලෙසත් ඔහු මෙම වෙළෙන්දන්ට දන්වා ඇත.1980 වසර වෙන විට මෙම කුළුනේ තත්ත්වය බොහෝ දුරට අබලන් වූයෙන් එහි පරිපාලනය නව සමාගමක් යටතට පවරන ලදී. 1980 සිට 1993 අතර කාලෙය්දී ඇමරිකානු ඩොලර් මිලියන 38 ක් වැය කොට මෙම කුළුන සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරන ලදී. පැරණි පියගැට පෙළ ආශ්‍රිතව ඇතැම් කොටස් වගේම කුළුනට දැරිය නොහැකි බර ඉවත් කරන ලදී.
පරණ යකඩ ඔලිම්පික් පදක්කමට…
මේ අන්දමට අයිෆල් කුළුනෙන් ඉවත් කරන ලද අබලි ද්‍රව්‍ය 2024 වසරේ ( Paralympic) ඔලිම්පික් පදක්කම් වෙනුවෙන් යොදා ගැනීමට යොදා ගැනීමට තීරණය වී තිබේ. මේ වෙන විට කුළුනෙන් රිවට් ඇණ පමණක් 18,038 ක් ඉවත් කර ඇත. මෙවර ජයග්‍රාහකයන් වෙනුවෙන් පදකක්ම් 5084 ක් අවශ්‍ය අතර ඒ හැම පදක්කමකම මෙම කුළුනෙන් ඉවත් කරන ලද යකඩ ග්‍රෑම් 18 ක් ඇතුළත් කිරීමට තීරණය කර තිබේ.
මෙම යකඩ ප්‍රංශයේ ජ්‍යාමිතක හැඩය නිරූපිත වන සේ ෂඩාස්රයක් සකස් කොට තබා තිබේ. ඔලිම්පික් පදක්කම් රන්, රිදී සහ ලෝකඩවලින් හැඳින්වුවත්, මේ පදක්කම් සම්පූර්ණයෙන්ම රන්, රිදී හෝ ලෝකඩ නොවේ. රන් පදක්කමක බර ග්‍රෑම් 529 ක් වුණත් ඇත්තේ රත්‍රං ග්‍රෑම් 6 කි. රිදී පදකක්මක බර ග්‍රෑම් 525 කි. ලෝකඩ පදක්කමක බර ග්‍රෑම් 455 ක් වන අතර එයට තඹ ග්‍රෑම් 8 ක් සහ ටින්, සින්ක් ඇතුළත් වෙනවා. මෙම පදකක්මක විෂ්කම්භය මිලිමීටර් 85 ක් වන අතර ඝනත්වය මිලිමීටර් 9. 2 කි.
පදක්කමේ “ Paris 2024 ” යනුවෙන් සටහන් කර ඇති අතර ඔලිම්පික් වළලු 5 සටහන් කර තිබේ. දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් මෙම සටහන බ්‍රේල් ක්‍රමයට ඇතුළත් කර තිබේ. 1928 වසරේ පටන් “ Nike” ග්‍රික දෙවගනගේ රුව මෙම පදකක්ම්වල සටහන් කර තිබේ. මෙවර ඇති විශේෂත්වය නම් අයිෆල් කුළුනේ සිතුවමක් පදක්කම්වල ඇතුලත් ව තිබීමයි.මෙවර තරගකරුවන්ට පදක්කම පමණක් නොව ප්‍රංශයේ නිර්මාණ සිහිවටනයක්ද රැගෙන යෑමට හැකියාව තිබෙන බැව් පැරිස් ඔලිම්පික් කමිටුවේ “ටෙරී රීබෝල් “සඳහන් කරනවා.
B.B.C.com ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️