ලෝකයේ සුපිරි මනසක් තියෙන අයගෙන් කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? එහෙම කෙනෙක් තමයි ඩේවිඩ් ගොගින්ස් කියන්නේ. ඩේවිඩ් කියන්නේ ඇමරිකාවේ නාවික බටයෙක්. ඇමරිකාවේ නාවික බටයෝ කියන්නෙ අතිශය භයානක මෙහෙයුම් සඳහා මානසිකව සහ කායිකව ඉතාමත්ම හොඳින් පුහුණු කරපු පිරිසක්.
නමුත් ඩේවිඩ් සාමාන්‍ය නාවික බටයෙක්ටත් එහා ගියපු කෙනෙක්. සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බෑ කියලා හිතෙන දේවල් අතිශයින් පහසුවෙන් කරපු පුද්ගලයෙක් විදිහට ඩේවිඩ්ව හඳුන්වන්න පුළුවන්. ඔහු සාමාන්‍ය මැරතන් එකක් වගේ හතර ගුණයක මැරතන් එකක් එක දිගට ධාවනයේ යෙදුණා.
මේ වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට දිනන්න බැරි තරග ඩේවිඩ් ලේසියෙන්ම දිනලා තියෙනවා. මේ සේරම දේවල් කරන්න ඩේවිඩ් තමන්ව මානසිකව සහ කායිකව ශක්තිමත් කරගත්තේ කුකී ජා කියන හරි අපූරු මෙතර්ඩ් එකක් භාවිත කරලා. ඔහු පසුකාලීනව ලෝකය සමඟ ඒ අත්දැකීම් බෙදාගත්තා. ඩේවිඩ් ගොගින්ස්ට විතරක් නෙවෙයි මේ කුකී ජා මෙතර්ඩ් එක පාවිච්චි කළොත් අපිටත් පුළුවන් කරන්න අසීරුයි කියලා හිතෙන දේවල් ලේසියෙන්ම කරගන්න.
කුකී ජා එකක් කියලා අපි කියන්නේ රසවත් බිස්කට් පිරුණ බඳුනකටනේ. නමුත් ඩේවිඩ් නිර්මාණය කරපු කුකී ජා එක පිරිලා තියෙන්නේ බිස්කට්වලින් නම් නෙවෙයි. ඔහු අතීතයේ ජයග්‍රහණ ලබපු ආකාරය පිළිබඳ රසවත් සිදුවීම්වලින් වගේම ධෛර්යය දනවන සිදුවීම්වලින්. ඩේවිඩ්ට අරමුණක් තිබුණා තමන් නාවික භටයෙක් විදිහට සටන් පෙරමුණේදී දැකපු එක් අවාසනාවන්ත සිදුවීමකට පිළිතුරක් ලබා දෙන්න.
සටන් පෙරමුණේදී මියගිය සෙබළුන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා අරමුදලක් පිහිටුවන්න ඩේවිඩ්ට අවශ්‍ය වුණා. මේ අරමුදලට මුදල් රැස් කරන්නට ඔහු තීරණය කළේ අල්ට්රා මැරතන් එකක ධාවනයට එක්වීමෙන් අල්ට්රා මැරතන් එකක් කියන්නේ හැතැප්ම 100ක් දවසක් ඇතුළත ධාවනයේ යෙදෙන්න ඕන තරගයක්. මේක ලේසි වැඩක් නෙවෙයි. නාවිකයෙක් වුණ ඩේවිඩ් මීට කලින් ධාවකයෙක් වෙලා තිබුණෙ නෑ. තරගයට සූදානම් වෙන්න ඩේවිඩ්ව තිබුණෙ දවස් තුනයි.
නමුත් ඩේවිඩ් හිතාගත්තා කොහොම හරි මේ තරගය දිනනවාමයි කියලා. තරඟ දිනය උදාවුණා. හැතප්ම 25ක් විතර යද්දි ඔහුට තරමක අමාරුවක් දැනුණා. තමන්ගේ ශක්තියෙන් 25%ක් ඉවරයි කියලා තේරුණා.
නමුත් ඔහු නැවතුණේ නෑ. හැතැක්ම 50ක් යනකොට ඔහුට හිතුණා මේ තරගය ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. හැතැක්ම 70ක්-75 ක් යනකොට ඩේවිඩ්ට දැනෙන්න ගන්නවා ‘මං මොකටද මේක කරන්නේ?වගේ හැඟීමක්. මුළු ඇඟටම අමාරුව දැනෙන්න ගන්නවා.
අවසානයේ ඔහුට මුත්‍රා සමග රුධිරයත් පිටවනවා. තවදුරටත් දුවන්න බෑ කියලා හිතුණ වෙලාවෙ ඔහු බිම ඉඳගන්නවා. මෙන්න මේ ඉඳගත්ත වෙලාවෙ තමයි ඩේවිඩ් තමන්ගේ පළවෙනි කුකී ජා එක හදන්න පටන්ගන්නේ.
ඔහු ඒ වෙලාවේ හිතන්න පටන් ගන්නවා නාවිකයෙක් විදිහට බැඳෙන්න සම්මුඛ පරීක්ෂණයට ගිය දවසේ විශාල අයදුම්පත් ප්‍රමාණයක් ඉවතලා තිබුණ බව. නමුත් ඉන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබුණේ තමන් ඇතුළු සීමිත පිරිසක් පමණයි. ඒ මතකය අවදි වෙන තැනදී ඩේවිඩ්ට හිතෙනවා ආයෙත් නැගිටලා අමාරුවෙන් හරි ඇවිදින්න.
සම්මුඛ පරීක්ෂණයෙනුත් සමත් වෙලා තමන් U.S නාවික භටයෙක් වුණා නේද කියලා මතක් වෙද්දි ඩේවිඩ්ට හිතෙනවා තමන්ගේ පය ඉක්මන් කරන්න. නාවිකයෙක් වෙලා හිටපු කාලයේ දරුණු පුහුණුවීම්වල යෙදිලා නාවික පුහුණුව සාර්ථකව අවසන් කළා නේද කියලා මතක් වෙද්දි ඇවිදිමින් හිටපු ඩේවිඩ් දුවන්න පටන් ගන්නවා. අවසානයේ ඔහු සාර්ථකව මැරතන් තරගය නිමා කරනවා.
තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණය කරපු මතකයන් එකින් එක පුරවගත්ත කුකී ජා එකක් හදන්න කෙනෙක් සමත් වෙනවා නම් ඒ පුද්ගලයාට ඒක දිහා බලාගෙන නැවත නැවත සිහිපත් කරමින් ජීවිතය ජයග්‍රහණය කරන්නට පුළුවන්. ඔබට ඔබවම අභියෝගයක් වුණ වෙලාවක කෙසේ හෝ ඒ අභියෝගය ඔබ ජයග්‍රහණය කරපු අවස්ථා ඇති.
විවිධාකාරයේ ලබපු ජයග්‍රහණ කුකී ජා එක ඇතුළෙ මතක් කරලා තිබ්බම අසීරු අවස්ථාවක් මතු වුණොත් කුකී ජා එක බලන වෙලාවට ඔබට මතක් වේවි ඔබ කොයි තරම් දුෂ්කර අවස්ථාවලදී සටන් කරලා ජයග්‍රහණ අරගෙන තියෙනවද කියලා.
ලස්සනට ප්‍රින්ට් කරපු හෝ අතින් ඇඳපු කුකී ජා එකක අතීතයේ ඔබ ලබාගත් ජයග්‍රහණ ලියන්න පටන්ගන්න. තමන්ට නිතර පේන තැනක කුකී ජා එක තියන්න. දුෂ්කර අවස්ථාවක කුකී ජා එක අරගෙන බලලා හිත ශක්තිමත් කරගෙන අභියෝගයන්ට මුහුණ දෙන්න.
අභිප්‍රේරක,පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු
භාතිය අර්ථනායක
එරංදි කෞශල්‍යා ✍️