Business World International Organization විසින් සංවිධානය කරනු ලබූ Business World International Awards 2023 හි වසරේ නැගී එන සමාගම Emerging Company Of The Year ලෙස “Fashion Gallery Apparel” ආයතනය “ස්වර්ණ සම්මානයෙන්” පිදුම් ලැබීය. එම ආයතනයේ ප්‍රධානියා වන කේ. පී. සමන්මලී ජයකොඩි ඇය ලැබූ ජයග්‍රහණය පිළිබඳව “නවලියට” අදහස් දැක්වූයේ මෙලෙසිනි.
සමන්මලී අපි මුලින්ම මේ ලැබුණු සම්මානය පිළිබදව කතා කරමු..
BWIO විසින් සංවිධානය කරපු 2023 Business World International Awards හි වසරේ නැගී එන සමාගමට හිමි ස්වර්ණ සම්මානය මගෙ Fashion Gallery Apparel ආයතනය වෙනුවෙන් දිනා ගන්නට තරම් ඇත්තටම මම වාසනාවන්ත වුණා. මගේ ජීවිතේ මම ලබපු ලොකු ජයග්‍රහණයක් තමයි මේ.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/05/127-B-848x1024.jpg)
මේ සම්මානය ලැබීම පිළිබඳව මොනවගේ සතුටක්ද තියෙන්නෙ?
මේ සම්මානය නිසා ඇත්තටම මම අද තැනක ඉන්නවා, මම දෙයක් කරලා තියෙනවා කියලා මට දැනුණා. මගේ උත්සාහයේ, කැපවීමේ ප්‍රතිඵල නේද අද මේ ලැබුණෙ කියලා මට ලොකු සතුටක් දැනුණා.
ඔබේ වෘත්තීමය සුදුසුකම් මොනවාද?
මම මුලින්ම ගාමන්ට් ෆැක්ට්‍රිස් එකක හෙල්පර් වශයෙන් තමයි ගියේ. ඒ අත්දැකීමෙනුත් එක්ක මම බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ ටෙක්නීෂියන් වෙනකම්ම ආවා. අද වනවිට මට මගේම කියලා ෆැක්ට්‍රිස් දෙකක්ම තියෙනවා.
අද වනවිට ඉන්න තැන සහ ඒ ආපු ගමන් මඟ ගැනත් කතා කරමු.
මම මුලින්ම එක මැෂින් එකක් අරගෙන තමයි මගේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඒක මට අරන් දුන්නේ මගේ මහත්තයා නන්දික ජයකොඩි. ඊටපස්සේ ඒකෙන් මහලා ලැබුණ ආදායමෙනුත් මැෂින් ව්‍යාපාරික මයිකල් මහත්මයා මට ගෙවීමේ ක්‍රමයට මැෂින් අරගෙන දුන්නා. මගේ කොලිටි එකත් එක්ක මට ගොඩක් ඕඩර්ස් ආවා. මම වැඩ ටික හරියටම කරගෙන ගියපු නිසා මට අවශ්‍ය වන මැෂින් ටික ඔක්කොමත් අරගෙන, වැඩට ළමයිනුත් ගත්තා. එළියෙන් සබ් අරගෙන මහපු මම අද මමම රෙදි අරගෙන නව නිපයුම් කරගෙන තමයි මම අද මේ තැනට මගේ ව්‍යාපාරය අරගෙන ඇවිත් තියෙන්නේ.
මේ වනවිට ඔබේම කියලා ෆැක්ට්‍රි කීයක් තියෙනවද?
දෙකක් තියෙනවා. රත්මලානේ සහ තංගල්ලෙ. තව තංගල්ලෙ පොඩි කඩේකුත් තියෙනවා. මට ප්‍රඩක්ෂන් වැඩිපුර එනකොට මට ඉන්න සේවකයෝ ප්‍රමාණය මදී කියලා හිතුණා. තව පිරිසකට රැකියාවක් දෙන්නත් පුලුවන් කියන දේ ගැන හිතලා තමයි මම තංගල්ලෙත් ෆැක්ට්‍රි එකක් ආරම්භ කළේ.
මේ වනවිට ඔබ යටතේ කොපමණ සේවක පිරිසක් වැඩ කරනවද?
35 යි. මම පවුල් 35ක්ම ජීවත් කරවනවා.
සමන්මලී කියන්නෙ අද ජීවිතය ජයගත් දිරිය කාන්තාවක්. නමුත් ප්‍රශ්න, ගැටළු කියනදේත් ඔබේ ජීවිතයට බලපාන්න ඇති?
ඇත්තටම ප්‍රශ්න කියන දේට හැම පැත්තකින්ම උපරිමයෙන් මුහුණ දුන්න කෙනෙක් මම. හැබැයි ඒ හැමදේම මම තරම් දරාගනිපු කෙනෙකුත් නැතිව ඇති. රැයක්, දවාලක් නෑ රෙදි රෝල් බස්වල දාගෙන මම කරගහගෙන ඇවිල්ලා තියෙනවා.
පෙටා ගිහින් මම කරගහලා වාහනවලට රෙදි පටවලා තියෙනවා. ඇත්තටම ගැහැණියකුට දරා ගන්න බැරි තරම් ප්‍රශ්නවලට මම මුහුණදීලා තියෙනවා. කොහොම වුණත් ඒ දේවල් දරාගෙන මම අද මගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගාගෙන යම් තැනකට ඇවිල්ලා ඉන්නවා.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/05/WhatsApp-Image-2024-05-21-at-10.36.jpg)
මේ ක්ෂේත්රයට ඇවිත් දැන් කොපමණ කල්ද?
අවුරුදු 15ක් වගේ වෙනවා. මගේම කියලා ව්‍යාපාරය පටන් අරගෙන නම් දැනට අවුරුදු 07ක් විතර වෙන්නෙ.
සමන්මලීට මේ සියලු කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ශක්තියක් වෙන්නෙ කවුද?
මගේ අම්මා ඉන්නවා මගෙත් එක්ක. ඒ වගේම හොද කැපවීමකින් වැඩ කරන සේවක පිරිසකුත් ඉන්නවා. ඒ ළමයි මට හරිම ආදරෙයි. මගෙන් එයාලට වෙන්න ඕනේ හැම යුතුකමක්මත් කරගෙන මගෙ බබාලා දෙන්නවත් බලාගෙන තනියම තමයි අද මම මේ ගමන යන්නේ.
අවසාන වශයෙන් ස්තූති කළ යුතු විශේෂ පිරිසකුත් ඇති?
ඔව්. ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ ආචාර්ය චමින්ද ජයවර්ධන මහතාට. එතුමා තමයි මාව නිතරම දිරිගන්වන්නෙ. ඒ වගේම BWIO ප්‍රධාන සංවිධායක කෞෂික රණවක මහත්මයාටත් ෆැෂන් ඩිසයිනින් කරන මහේෂ් ජයරත්නවත් මගේ මහත්තයා නන්දික ජයකොඩි, නිමල්, ව්‍යාපාරික එරංග, උදාරි, හංසිකා, නාලක, මගේ අම්මා, මගේ මහත්තයාගේ අයියා ධම්මික ජයකොඩි සහ අක්කා නිරංජලා තෙන්නකෝන් මට ලොකු සහයෝගයක් දීලා තියෙනවා. මේ අයට මම මේ වෙලාවේ බොහෝම ස්තූතිවන්ත වෙනවා මට මේ තැනට එන්න ලබාදුන්න සහයෝගයට.
පාරමී කෞෂිකා