නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: විදේශිකයකුට අපේ දරුවකු දරුකමට හදාගැනීමට බලපාන නීති
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

විදේශිකයකුට අපේ දරුවකු දරුකමට හදාගැනීමට බලපාන නීති

Published May 20, 2024

පසුගිය සතියේ පළ වූ ‘නීත්‍යානුකූලව දරුවන් කුලවද්දා ගනිමු’ ලිපිය හා බැඳේ

අධිකරණ සංවිධාන පනතේ 24 (1) හා (2) වගන්ති අනුව ද, 3 වන උප ලේඛනය අනුවද දරුකමට හදා ගැනීමේ අඥා පනතේ 13 (1) වගන්තියේ බලපෑම මගින් දරුකමට හදාගැනීමේ නියෝග නිකුත් කිරීමේ තනි හා අන්‍යය බලය දිසා අධිකරණයට ඇත. එසේම දරුවාගේ ඉහළම භාරකරු වශයෙන් හා මුල් අවස්ථා අධිකරණය වශයෙන් දිසා අධිකරණය දරුවාගේ යහපත සලකා බැලීම අත්‍යාවශ්‍යය වන්නේය.

දරුවෙකු කුලවද්දා ගැනීමේ නියෝගයක නෛතික ප්‍රතිඵල මොනවාද?

දරුවාට නීත්‍යානුකූල විවාහයකින් උපන් දරුවකුගේ තත්ත්වය හිමිවේ. දරුකමට හදාගැනීමේ නියෝගයක් සමඟ මුල් දෙමාපිය තත්ත්වය අහෝසි වේ.දරුවා හා මුල් පවුල අතර උරුම සම්බන්ධතා අහෝසි වේ.නව දෙමව්පියන් සහ දරුවා අතර අන්තිම කැමති පත්‍ර රහිත අයිතිවාසිකම් නිර්මාණය වේ.

එහෙත් හදාගත් දරුවා හා නව පවුලේ අනිත් සහෝදර සහෝදරියන් අතර උරුමකාර අයිති අයිතිවාසිකම් නිර්මාණය නොවේ.හදාගත් දරුවා මිය ගියහොත් හදාගත් දරුවාගේ මරණයෙන් පසු එම දේපළ උරුමවීම සම්බන්ධයෙන් හදාගත් දෙමව්පියන් සහ ස්වභාවික දෙමව්පියන්ට සමාන තත්ත්වයක් නොමැත. හදාගත් මව් දෙමවුපියන්ගේ උරුම අයිතිවාසිකම්වලට සීමාවන් පවතී.

දරුකමට හදා ගන්නා අවස්ථාව වනවිට දරුවාට ලැබිය යුතුව තිබූ උරුම අයිතිවාසිකම් කිසිවක් දරුවාට අහිමි නොවේ.1999 අංක 37 දරන නඩත්තු පනත 22 වගන්තිය යටතේ දැක්වෙන සියලු අයිතිවාසිකම් හා යුතුකම් සම්බන්ධයෙන් හදාගත් දරුවා ස්වභාවික දරුවා හා සමානවම සලකා ඇත.

දරුකමට හදාගැනීමේ නියෝගයට අනුකූල වන සේ දරුවාගේ උප්පැන්න සහ සහතිකය යළි ලියාපදිංචි කෙරේ.

දරුවකු කුලවද්දා ගැනීම සඳහා ඉල්ලුම්කාර පාර්ශ්වය ලංකාවේ නිත්‍ය පදිංචිකරුවකු නොවන අවස්ථාවකදී …

අදාළ වන ප්‍රතිපාදන විදේශිකයකු පුද්ගලිකවම (තනිව) දරුවකු කුලවද්දා ගැනීම සඳහා අධිකරණය වෙත අයදුම්පතක් ඉදිරිපත් කළ නොහැකි වේ. නමුත් විදේශික විවාහක යුවළට ඒ වෙනුවෙන් අයදුම්පතක් ඉදිරිපත් කළ හැක. 1979 දී විදේශිකයන්ට දරුවකු දරුකමට හදාගැනීමට ඉඩක් ලබාදෙන පරිදි පනත සංශෝධනය වූ නමුත් ප්‍රතිපාදන අනිසි ලෙස භාවිත කිරිම වැළැක්වීම සදහා දැඩි විදිවිධාන හදුන්වා දී ඇත.

ඉල්ලීම් ඒකාබද්ධ අයදුම්පතක් මගින් කළ යුතුය. දරුවන් කුලවද්දා ගැනීමේ සඳහා විදේශ අයදුම්කරුවන්ට අවසර ලබාදෙන්නේ යම් වර්ෂයක ඇතුළත් කරගනු ලබන සීමිත අයදුම් ප්‍රමාණ පමණි. එම සීමාව නියම කරනු ලබන්නේ පරිවාස හා ළමා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මගිනි. එම සීමාව ඉක්මවා යාමට ඔවුන් අවසර ලබා නොදේ.

4 වන වගන්තිය අනුව යුවළක් විසින් ශ්‍රී ලාංකික දරුවකු කුලවද්දා ගැනීම උදෙසා අයදුම්පතක් යොමු කළහොත් ඒ සඳහා අනිවාර්යයෙන්ම ළමා හා පරිවාස කොමසාරිස්වරයාගේ වාර්තාවක් කැඳවනු ලබයි.

එම වාර්තාවේ පහත කරුණු පිළිබදව සදහන් විය යුතුය. කැමැත්ත ලබාගත යුතු පාර්ශ්වයන්ගේ කැමැත්ත ගෙන ඇත්ද? දරුවාගේ කැමැත්ත, වයස හා අවබෝධය සැලකිල්ලට හදාගැනීම දරුවාගේ වන්නේද? යහපතට ගැනීමෙන් පසු දරුකමට හේතු ඉදිරිපත් කළයුතු අතර වෙනත් පුද්ගලයකු ගෙවීමක් ලබාගෙන හෝ කර නොමැති බව සනාථ කළ යුතුය.

එමෙන්ම පරිවාස කොමසාරිස් විසින් දරුවාගේ සෞඛ්‍යය මානසික සමාජ හා ආර්ථික තත්ත්වය පිළිබඳ ගෘහස්ථ අධ්‍යාපන වාර්තාවක් ඉදිරිපත් කිරීම් අනිවාර්ය වේ. එපමණක් නොව 3 (6) වගන්තිය අනුව විදේශීය යුවළක් දරුවකු අරන් හදාගන්නා අයදුම්පතක් අයදුම් කරන විට එම විදේශිකයාගේ රටේ පිළිගත් ආයතනයක් මගින් (බොහෝ විට අදාළ රටේ කොමසාරිස්වරයා/ තානාපති කාර්යාලය) විදේශික අයදුම්කරුවන් පිළිබඳ වාර්තා දෙකක් ලබා ගත යුතුවීම අනිවාර්ය වේ.

විදේශික අයදුම්කරුවන්ගේ මානසික සෞඛ්‍ය හා සමාජ ආගමික හා ආර්ථිකමය තොරතුරු විදේශික අයදුම්කරුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තොරතුරු පිළිබඳව එකී අයදුම්කරුවන් පදිංචිව සිටින අදාළ පොලිස් බල ප්‍රදේශයේ අධිකාරිය ලබාගත් වාර්තාව. ( එය අපේ රටේ ශ්‍රී ලංකා ජන රජයේ බලය ලත් නියෝජිතවරයා විසින් සකස් කළ පොලිස් වාතාවක් ද අවශ්‍ය වේ) අයදුම්කරුවන් පිළිබඳව ඔවුන්ගේ රටින් ගනු ලබන වාර්තාව අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කොට තිබීම අනිවාර්යය වේ.

5 ( a ) වගන්තිය අනුව අරන් හදාගැනීම උදෙසා විදේශිකයකු දේශීය පාර්ශ්වයන් අතර තරගකාරී ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ස්වදේශිකයාට ප්‍රමුඛතාව හිමි වේ. මෙසේ විදේශිකයකු විසින් දරුකමට හදාගැනීමට දරුවකු අයදුම් කළ යුත්තේ හා එසේ දරුකමට හදාගැනීමට ඉඩ දෙනු ලබන්නේ අනාථ නිවාසයක රැකවරණය ලබන දරුවකු හෝ වෙනත් ලියාපදිංචි ආයතනයක දරුවකු හෝ සම්බන්ධ වන අයදුම් පතක් සම්බන්ධයෙන් පමණි.

විදේශිකයකු විසින් ශ්‍රී ලාංකික දරුවකුව ලංකාව තුළ දී දරුකමට හදාගැනීම සඳහා නියෝගයක් ලබාගත් පසු ඔහු පදිංචි රට දරුවා දරුකමට හදාගැනීම නෛතිකව ස්ථිර කරන තුරු මාස 3 කට වරක් ද පළමු වසර තුන තුළදී මාස 6 කට වරක්ද වන ලෙස එය දරුවාට වයස අවුරුදු දහයක් වනතුරු වාර්ෂිකව ද ඒ දරුවාගේ ඡායාරූප පරිවාස හා ළමා ළමාරක්ෂක කොමසාරිස් වෙත එවිය යුතුය.

මෙවන් දැඩි නෛතික පරිපාටියක් නියම කරනු ලබන්නේ බොහෝ විදේශිකයෝ දරුවන්ව දරුකමට හදාගන්නා මුවාවෙන් දරුවන්ව අපචාර ක්‍රියාවන් (ගණිකා නිවාසවලට යොමුකිරීම්/ලිංගික ක්‍රියා) සිදුකිරීම හා ශාරීරික අභ්‍යන්තර අවයව ලබාගැනීම වැනි ක්‍රියාකාරකම් වළක්වා ළමුන් ආරක්ෂා කිරීමේ අරමුණෙනි.

බැවින්ම අධිකරණය දරුවාගේ සුබසෙත යහපත අරමුණු කොට ක්‍රියාකරන බව මේ තුළින් පැහැදිලි වේ. අධිකරණය විසින් කුලවැද්දීමේ නියෝගයක් ලබාදිය යුත්තේ කුලවැද්දීම නිසා ඊට අදාළ දරුවාගේ උපරිම යහපත අභිවෘද්ධිය ඇතිවේ යන අරමුණිනි.

නීතීඥ සුපුන් සිරිවර්ධන
Aal.supunsiriwardhana@gmail.com




 

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?