නිවසක අභ්‍යන්තරය සහ එළිමහන් අවකාශය සැලසුම් කිරීමේදී එය නිවසේ ජීවත්වන අයගේ මානසික යහපැවැත්මට ඔබින අයුරින් සැලැසුම් කිරීම ඉතා වැදගත්. නොසැලකිල්ලෙන් ඉදිකරන සමහර නිවෙස්වල බාහිර පෙනුම, වර්ණ රටා ආදිය නිසා මානසික සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්. අද අපි ඔබට කියල දෙන්නේ ඒ ගැනයි.
පෙනුම වෙනස් කරමූ…
නිවසක ඇතුලත අවුල් සහගත සහ අසංවිධානාත්මක පෙනුමක් තිබෙනවා නම් එය නිවැසියන්ගේ ආතතියට සහ කාංසාවට හේතු වෙන්න පුළුවන්. එයින් අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවන අතර දවසේ වෙහෙස ලිහිල් කර ගැනීමට බාධා ඇති වෙනවා. මනසේ ඇති ධනාත්මක බව යටපත් කිරීමට නිවසක ඇති අවුල් සහගත පෙනුම දායක වෙනවා.
වර්ණ ගැනත් හිතන්න…
නිවසකට වර්ණ තෝරා ගැනීමේදී මානසික යහපැවැත්මට මුල්තැන ලබාදිය යුතුය. රතු, තැඹිලි වැනි උණුසුම් වර්ණ තෝරා ගැනීමෙන් සමහරුන්ගේ මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන්. නිල්, කොළ වැනි සිසිල් වර්ණ නිතරම සන්සුන් වාතාවරණයක් නිවසේ නිර්මාණය කරනු ඇත.
මේ නිසා නිවසකට සිසිල් වර්ණ හැකි තරම් තෝරාගැනීමට ඔබ උත්සාහ කරන්න. රැකියා ස්ථානයේදී වෙහෙස වී නිවසට පැමිණෙන අයකුට සිසිල් වර්ණ දැකීමෙන් එම වෙහෙස සහ ආතතිය අඩු වී යනු ඇත.
ස්වාභාවික ආලෝකයට ඉඩක් දෙන්න…
නිවසට ස්වභාවික ආලෝකය ලැබෙන්නට ඉඩ සැලැස්වීම ඔබ අනිවාර්යයෙන්ම කළ යුත්තක්. එය ඔබ නිවස සැලසුම් කරන විටම සිතිය යුත්තක්. ස්වභාවික ආලෝකය නොලැබීමද මානසික අවපීඩනයට බලපානු ඇත.
මනෝභාවය අවුල් වීම සහ නින්ද යාමේ ගැටළු ඇතිකිරීමට මෙම තත්ත්වය හේතු වනු ඇත. මේ නිසා නිතරම නිවසට ස්වභාවික ආලෝකය ලබා දීමට පියවර ගන්න. නමුත් එය වැඩි ආලෝකයක් නොවිය යුතුයි.
පිටතින් එන ශබ්ද නිවසට එන්න දෙන්න එපා…
බාහිර ශබ්ද පාලනය කිරීමට පියවර ගන්න. අසල්වාසී නිවෙස්වලින් සහ මහාමාර්ගයේ අධික ඝෝෂාව නිවස තුළට ඇතුල් වන්නේ නම් නිවැසියන්ගේ මානසික සෞඛ්‍යයට ඉතා ලොකු කරදරයක්.
රාත්රියේදී සුනඛයන් බිරීම ඇතුළු ශබ්ද නිසා නින්දට බාධා ඇති විය හැකිය. එමඟින් නිදන්ගත ආතති තත්ත්වයන් ඇති වේ.
පාරක් අසල පිහිටා ඇති නිවසකට වාහන ශබ්දය කරදර ඇති කරනු ඇත. මේ නිසා නිවස තුළට ඇතුළු වන ශබ්දය පාලනය කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්ය.
එළිමහන හරිත අවකාශයක් කරන්න…
ඔබේ නිවසේ එළිමහන සකස් කිරීමේදී ස්වභාව ධර්මය ඉස්මතු වන කොළ පැහැයෙන් යුත් පරිසරයක් කිරීම වැදගත් වෙනවා. ගස් සහ පැළෑටි ඉවත් කිරීමෙන් මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති වීමට ඉඩ තියෙනවා.
ස්වභාධර්මය මැද කාලය ගත කිරීම මානසික ආතතිය අඩු කිරීමට සහ මනෝභාවය වැඩි කිරීමට සමත් වෙනවා. සමහරු පුරුදු වෙලා ඉන්නවා මිදුලේ ඇති ගස් පැළ ආදිය ඉවත් කර කොන්ක්‍රීට්වලින් අලංකරණ ද්‍රව්‍ය එකතු කරන්න. නමුත් එය නුවණට හුරු දෙයක් නෙවෙයි.
නිවසේ ආරක්ෂාව සහතික කරගන්න…
මෙම පියවරද ඔබ අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. මෙමඟින් ඔබේ මානසික යහපැවැත්ම ඉහළ දමා මනස සැහැල්ලු කිරීමට සමත් වනු ඇත. අපරාධ, සොරකම් ගැන බිය පහව යාමෙන් සුවදායි නින්දක් ලැබීම, මානසික ආතතිය අඩු වීම, අනවශ්‍ය බිය පහව යාම, අනවශ්‍ය සැකය සහ කනස්සල්ල පහව යාම වැනි වාසි ඔබට හිමිවනු ඇත. නිසි ආරක්ෂාව සහතික කර ගැනීම සඳහා සීසීටීවී කැමරා භාවිතය, සුනඛයකු ඇති දැඩි කිරීම වැනි පියවර ඔබට ගන්න පුළුවන්.
එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වන්න…
ඔබේ මිදුලේ හොඳින් ඉඩකඩ තිබේ නම් මිදුල එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකි වන පරිදි සකසන්න. නිවසේ සාමාජිකයන්ට ඇවිදීමට මංපෙත්, ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පහසුකම්, විනෝදාස්වාද ක්‍රියාකාරකම් පැවැත්වීමට ස්ථාන, උද්‍යාන ආදිය සකස් කරන්න.
එය මානසික සෞඛ්‍යය ධනාත්මක අතට හැරවීමට උදව් වනු ඇත. ශාරීරික ක්‍රියාකාරකම් දිරිමත් කිරීමෙන් සහ යහලුවන්, අසල්වැසියන්ට ආරාධනා කර සමාජ අන්තර්ක්‍රියා පැවැත්වීමට ඉඩ සැලැස්වීමෙන් මානසික සෞඛ්‍ය ඉහළ යනු ඇත.
අර්චිත ඉඳුවර ✍️