සාර්ථක නිවසක ගෘහ අංග සහ එදිනෙදා පරිහරණය කරන උපකරණ ආදිය නිවැරදි ලෙස දිශාගත කරවීමත් නිවැරදි ලෙස සැලසුම් කිරීමත් සාර්ථක නිවසක ප්රබලතම ලක්ෂණයකි. මෙහිදී නිවසක ප්‍රධාන අංගයක් ලෙස එම නිවසේ ප්‍රධාන දොර හැඳින්විය හැකිය.සාර්ථක නිවසක ගෘහ අංග සහ එදිනෙදා පරිහරණය කරන උපකරණ ආදිය නිවැරදි ලෙස දිශාගත කරවීමත් නිවැරදි ලෙස සැලසුම් කිරීමත් සාර්ථක නිවසක ප්රබලතම ලක්ෂණයකි. මෙහිදී නිවසක ප්‍රධාන අංගයක් ලෙස එම නිවසේ ප්‍රධාන දොර හැඳින්විය හැකිය…
සාමාන්‍යයෙන් නිවසක ප්‍රධාන දොර දුබල කිරීම එම නිවස අසාර්ථක කරනවා හා සමාන වන අතරම ප්‍රධාන දොර ශක්තිමත් කරනවා නැතිනම් බලවත් කරනවා කියන්නේ එම නිවස සාර්ථක කරනවා හා සමානය.නිවසක ප්‍රධාන දොර පිළිබඳව සැලකිලිමත් වීමේදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කාරණා කිහිපයක් ඇත.
සාමාන්‍යයෙන් නිවසක ප්‍රධාන දොර අනෙක් දොරවල් වලට වඩා විශාල විය යුතුය. මෙහිදි පළල මෙන් දෙගුණයක් උස්වීම මෙහි ඇති සුදුසුම ප්‍රමාණය වශයෙන් හැඳින්විය හැකිය.
එමෙන්ම නිවසක් වඩාත්ම සාර්ථක කර ගැනීමට ප්‍රධාන දොර උතුර, දකුණ, බටහිර සහ නැගෙනහිරට යන ප්‍රධාන දිශා හතරට පමණක් යොමු වන ලෙස සැලසුම් කිරීමද ඉතාම සුදුසුය.
සාමාන්‍යයෙන් නිවසක ප්‍රධාන දොර බටහිර දිශාවට යොමු කිරීම පිළිබඳව බොහෝ දෙනා අකමැති වූවද එහි වාස්තු ශාස්ත්‍රය තුළ කිසිදු ගැටලුවක් නොමැති අතර ඉඩමේ මුහුණත බටහිර දිශාවට යොමු වී ඇති නම් එනම් නිවසට පැමිණෙන මාර්ගය බටහිර දිශාවේ ඇතිනම් ප්‍රධාන දොර බටහිර දිශාවට සැලසුම් කිරීමේ ගැටළුවක් නොමැත.
එමෙන්ම ප්‍රධාන දොරට සහය ලබා දෙන අනෙකුත් දෙරවල් එනම් නිවසට ඇතුළ්වන හා පිටවීමේ දොරටු ප්‍රධාන දොරට සහය ලබාදෙන පරිදි දොරටු චක්‍රයට අනුව සුදුසු දිශා අනුව සැලසුම් කිරීමද එම නිවස සාර්ථක කර ගැනීමට සහය ලබාදෙන තවත් කරුණකි.
මෙවැනි සාර්ථක ක්‍රමවේද 09 ක් වාස්තු ශාස්ත්‍රය තුළ පෙන්වා දී ඇති අතර ඉන් එක් උදාහරණයක් ලෙස උතුර, දකුණ සහ නැගෙනහිර යන දිශා තුනට ප්‍රධාන දොර ඇතුළුව අනෙක් දොරටු යෙදීම “ධනද” නිවස වශයෙන් හඳුන්වනු ලබන ඉතා සාර්ථක නිවාස ක්‍රමයක් වශයෙන් පෙන්වාදිය හැකිය.
මීට අමතරව තවත් වැදගත් කරුණක් වශයෙන් නිවසක දෙරටු තැබීමේදී “අග්නි ද්වාරය” වශයෙන් හඳුන්වනු ලබන ගිනිකොණ දිශාවට වන්නට දොරටු තිබීමත් නිරිත දිශාවට දොරටු තිබීමත් නොකළ යුතුය.
මෙමඟින් එම නිවැසියන්ට උෂ්ණ අධික රෝග වලට සහ ආර්ථික පිරිහීමද ඇති වේ.එනම් නිවසක් සාර්ථක කර ගැනීමට ප්‍රධාන දොර ඇතුළුව අනෙකුත් පිටවීමේ දොරටු නිවැරදි ලෙස සැලසුම් කර ගත යුතුය.
එමෙන්ම ප්‍රධාන දොර නිවසක කෙළවර වෙන්න සැලසුම් කිරීමත් නොකළ යුතු අතර ඒ සඳහා සුබ පාදයක් යොදා ගත යුතුය. ඒ වගේම ප්‍රධාන දොර පියන සහ මල් ලෑල්ල කැටයම් කිරිමේදී ඒ සඳහා පුන්කලස වැනි කැටයම් ආදිය යොදා ගැනීමත් ඉතාම සුදුසු ය.
පියන් දෙකක දොරත් නිවසකට යෙදීම සාර්ථක ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකි නමුත් මෙහිදී නිවසින් එළියෙ සිට නිවස තුළට පැමිණිමේදී දකුණු දිශාවේ ඇති දොර පියන ප්‍රථමව විවෘතවන ලෙස නිර්මාණය කර ගත යුතුය.
එමෙන්ම නිවසක හරි මැදට (Center point) ඉදිරියෙන් නිවසක ප්‍රධාන දොර සැලසුම් කර ගැනීමත් නුසුදුසුය. එය බ්‍රහ්ම වේධ දෝෂය විශයෙන් හඳුන්වනු අසාර්ථක ඉදිකිරිමක් වේ.
ඒ වගේම ප්‍රධාන දොරට ඉදිරියෙන් ආලෝක රේඛාවක් සිටින ලෙස පිටවීමේ දොරටුවක් තිබිම හෝ ජනේලයක් තිබීමද ගැටලුකාරී තත්ත්වයකි. නිවසේ සුබ ශක්ති ගලනයට මෙය බාධාවක් වන අතරම නිවස තුළ උණුසුම පාලනය කර ගැනීමද මෙ මඟින් අපහසු වේ.
එමෙන්ම ප්‍රධාන දොරට ඉදිරියෙන් නිවසක ගෘහ උපකරණ සැලසුම් කිරීමේදි හෝ ස්ථානගත කිරීමේදි එය සුබ ශක්ති ගලනයට බාධා නොවන ලෙස ස්ථානගත කිරීම සුදුසු ය.
උදාහරණ ලෙස දොරට ඉදිරියෙන් දර්පණ, වීදුරු කබඩ් වැනි ආලෝකය නැවත පරාවර්තනය වන උපකරණ, මෙවලම් ආදිය තබා ගැනීමෙන් වැලකීමද සුදුසුය.තවද නිවසක ප්‍රධාන දොර ඉදිරියෙන් කණුවක් තිබීමද ස්ථම්භ වේද දෝෂය වශයෙන් හඳුන්වනු ලබන අසාර්ථක ඉදිකිරිමකි. මෙමඟින් ද නිවස තුළට පැමිණෙන අන්තරික්ෂ ශක්තීන්ට බාදාවක් ඇති කරයි.
එමෙන්ම මෙම කණු පිළිබඳව බැලීමේදී නිවසකට සහ නිවසක වැරැන්ඩා කොටසට යොදන කණු සංඛ්‍යාව තිබිය යුත්තේ ඔත්තේ අගයක්ද ඉරට්ටේ අගයක්ද යන්න බොහෝ දෙනෙකුට ඇති ගැටළුවකි.
නමුත් එය නිවසක සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට බලපෑමක් ඇති නොකරයි. නමුත් සාමාන්‍යයෙන් නිවසකට යොදන කණු ඉරට්ටේ අගයකින් තිබීම වඩා යොග්‍ය වේ. මෙහිදී උදාහරණ ලෙසට ඉතිහාස වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් ගත හැකිය.
පොළොන්නරුව මහ පරාක්‍රම බාහු රජ මාලිගාවේ ඇති සමස්ත කණු සංඛ්‍යාව 230 ක් වේ. එහි පරාක්‍රම බාහු රාජ සභා මණ්ඩපය තුළ වහලය දරාගැනිමට තිබූ කණු සංඛ්‍යාව 48 ක් වන අතර ලෝවාමහා ප්‍රාසාදය තුලද මුළු කණු සංඛ්‍යාව 1600 ක් වේ.එනම් මේ සියල්ල ඉරට්ටේ සංඛ්‍යා වන අතර සාමාන්‍ය නිවාස සැලසුම් කිරීමේදීද මුළු කණු සංඛ්‍යාව ඉරට්ටේ අගයක් ගැනීම යෝග්‍ය වේ.
නමුත් මෙහිදී වඩාත් වැදගත් කරුණ වන්නේ නිවසක බර දරා ගැනීම සඳහා කණු යෙදීමේදී එම කණු නිවසේ ප්‍රධාන දොර ඉදිරියෙන් ඉදිනොව ලෙස සැලසුම් කිරිමයි. එනම් පෙර සඳහන් කළ ස්ථම්භ වේද දෝෂය ඇති නොවන ලෙස නිවස සැලසුම් කිරීමය.
මෙම කාරණාව නිවසක සාර්ථකත්වය වෙනුවෙන් බලපාන කරුණක් ලෙස පෙන්වාදිය හැකිය. එමෙන්ම නිවසක් සාර්ථක නොවීමට බලපාන තවත් සාදකයක් වශයෙන් අංග හීන දෝෂය වශයෙන් හඳුන්වනු ලබන නිවසක දිශාගත කොටස් අහිමි වීම පෙන්වාදිය හැකිය.
උදාහරණයක් ලෙස නිවසක ඊසාන දිශාව අහිමි වීම තුල එම නිවැසියන්ට ධන හානි මෙන්ම සෞඛ්‍ය ගැටලුද ඇති වේ. එමෙන්ම සාමාන්‍යයෙන් උස වැඩි කළ යුතු දිශාවක් වන නිරිත දිශාව අහිමි වීමද එම නිවැසියන්ට ආර්ථික ගැටලු ඇති වේ.
එනම් නිවසක අන්තරික්ෂ ශක්තිය ඇතුළුවන ඊසාන දිශාව හෝ එම ශක්තීන් තැන්පත්වන නිරිත දිශාව අහිමි වීම මත නිවසක් අසාර්ථක වීමට බලපාන තවත් එක් හේතුවක් ලෙස පෙන්වාදිය හැකිය.
තවද නිවසක ගෘහ අංග සැලසුම් කිරීමේදී දිශාවට ගැළපෙන ලෙස ගෘහ අංග සැලසුම් කිරීමද නිවසක් සාර්ථක කර ගැනිමට බලපාන ප්‍රබල සාධකයක් වේ. මේ අනුව බලන විට නිවසක ගෘහ අංග නිසි ආකාරයට සැලසුම් කිරිමත් එදිනෙදා පරිහරණය කරන උපකරණ හා මෙවලම්ද නිවැරදි ලෙස සැලසුම් කිරීමත් නිවසක සාර්ථකත්වයට බලපාන කරුණු වශයෙන් පෙන්වා දියහැකි අතර මෙමඟින් සාර්ථක නිවසක් ලබාගත හැකිය.
වාස්තු විද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ