එංගලන්තයේ චාල්ස් රජතුමා පසුගිය පෙබරවාරි මාසයේදී පිළිකා රෝගී තත්ත්වයක් වෙනුවෙන් වූ ප්‍රතිකාර ආරම්භ කළා.පසුගිය අප්‍රේල් 30 වැනි දින චාල්ස් රජතුමා සිය බිරිඳ කැමිලා රැජින සමග මුල්ම මහජන දැක්ම ආරම්භ කළ බැව් වාර්තා වෙනවා. මේ දෙදෙනාම ඉතා සතුටින් සිය චාරිකාවේ යෙදුණ අතර කැමිලා රැජින තමන්ගේ සැමියා ගැන මහත් වූ සැලකිල්ලක් දැක්වූ බැව් ඇගේ ශරීර සංඥාවන්ගෙන්ම පැහැදිලි බැව් නිරීක්ෂකයන් සඳහන් කරනවා. චාල්ස් කුමරු යම් වේගයකින් ගමන් ගන්නා විට ඇය පිටට තට්ටු කරමින් ගමන් වේගය බාල කිරීමට උපදෙස් ලබා දෙන අතර විවේක ගැනීමට අවශ්‍යතාවක් ඇත්දැයි නිතරම විමසූ බැව් බොහෝ දෙනාට දකින්න ලැබුණා…
චාල්ස් රජතුමා සහ රැජිණ ඔවුන්ගේ පළමු සංචාරය ලෙස යුනිවර්සිටි ලන්ඩන් කොලේජ් රෝහලේ (ULCH ) Macmillan පිළිකා මධ්‍යස්ථානය තෝරා ගත්තා. රාජකීය යුවල මෙම රෝහලේ පැයකට වඩා කාලය ගත කළ අතර ඔවුන් මෙම රෝහලේ දැනට ඇති පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කළා.
ඒ අතරම අනාගතයේදී පිලිකාව කල් තබා හඳුනා ගත හැකි වෛද්‍ය තාක්ෂණයන් මැක්මිලන් රෝහලට ලබා දීමේ හැකියාව ගැනත් රෝහල් බලධාරීන් වෙත දැනුම් දුන්නා. නමුත් චාල්ස් රජතුමා ඔහුගේ පිළිකා රෝග තත්ත්වය වෙනුවෙන් මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා නොමැති වීම විශේෂයක් විය. මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවීමෙන් පසුව Macmillan Cancer Support and Research ආයතනයේ ආධාරකරුවන් හමු විය.
මේ අතර චාල්ස් රජතුමා මෙම ආයතනයේ ප්‍රධාන වෛද්‍යවරයා වන මහාචාර්ය චාලි ස්වටන්ටන් හමු විය. මහාචාර්ය චාලි එක්සත් රාජධානිය පුරා මධ්‍යස්ථාන 19 ක පර්යේෂකයන් සහ වෛද්‍යවරුන් 250 ක් සමග එක්වී TRACERx ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. 1997 වසරේ පටන් චාල්ස් රජතුමා වේල්සයේ කුමරු ලෙසින් මැක්මිලන් පිළිකා පදනමේ අනුග්රාහකත්වයට පත් ව ඇත. පිළිකා රෝගීන් වෙනුවෙන් වඩා සාර්ථක ප්‍රතිකාර ලබා දීම මෙම පදනමේ අරමුණ වී තිබේ.
රජතුමාගේ අනුග්‍රහයට අමතරව ගලූස්ටර් ආදිපාදවරයා සහ ඇලෙක්සැන්ඩර් කුමරියද එක්සත් රාජධානියේ පිලිකා මැක්මිලන් පර්යේෂණ පදනමේ ඒකාබද්ධ සභාපතිවරු ලෙසින් කටයුතු කරනු ලැබේ. කැමිලා රැජින 2008 වසරේ පටන් එක්සත් රාජධානියේ නොමිලයේ පිළිකා විශේෂඥ සත්කාර සහ රෝගීන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන ආයතනයේ සභාපතිවරිය වේ. මේ අතර චාල්ස් රජතුමා ඉදිරියේදී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියට, දෙවන ලෝක සංග්‍රාමයේ 80 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගී වීමටත් නියමිතය. ඊට අමතරව විදේශ සංචාරයක් වෙනුවෙන්ද චාල්ස් රජතුමා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
mail on line ඇසුරෙන්
පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️