නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: චාල්ස් ආයෙත් වැඩට බසී
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

චාල්ස් ආයෙත් වැඩට බසී

Published May 13, 2024

එංගලන්තයේ චාල්ස් රජතුමා පසුගිය පෙබරවාරි මාසයේදී පිළිකා රෝගී තත්ත්වයක් වෙනුවෙන් වූ ප්‍රතිකාර ආරම්භ කළා.පසුගිය අප්‍රේල් 30 වැනි දින චාල්ස් රජතුමා සිය බිරිඳ කැමිලා රැජින සමග මුල්ම මහජන දැක්ම ආරම්භ කළ බැව් වාර්තා වෙනවා. මේ දෙදෙනාම ඉතා සතුටින් සිය චාරිකාවේ යෙදුණ අතර කැමිලා රැජින තමන්ගේ සැමියා ගැන මහත් වූ සැලකිල්ලක් දැක්වූ බැව් ඇගේ ශරීර සංඥාවන්ගෙන්ම පැහැදිලි බැව් නිරීක්ෂකයන් සඳහන් කරනවා. චාල්ස් කුමරු යම් වේගයකින් ගමන් ගන්නා විට ඇය පිටට තට්ටු කරමින් ගමන් වේගය බාල කිරීමට උපදෙස් ලබා දෙන අතර විවේක ගැනීමට අවශ්‍යතාවක් ඇත්දැයි නිතරම විමසූ බැව් බොහෝ දෙනාට දකින්න ලැබුණා…

චාල්ස් රජතුමා සහ රැජිණ ඔවුන්ගේ පළමු සංචාරය ලෙස යුනිවර්සිටි ලන්ඩන් කොලේජ් රෝහලේ (ULCH ) Macmillan පිළිකා මධ්‍යස්ථානය තෝරා ගත්තා. රාජකීය යුවල මෙම රෝහලේ පැයකට වඩා කාලය ගත කළ අතර ඔවුන් මෙම රෝහලේ දැනට ඇති පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කළා.

ඒ අතරම අනාගතයේදී පිලිකාව කල් තබා හඳුනා ගත හැකි වෛද්‍ය තාක්ෂණයන් මැක්මිලන් රෝහලට ලබා දීමේ හැකියාව ගැනත් රෝහල් බලධාරීන් වෙත දැනුම් දුන්නා. නමුත් චාල්ස් රජතුමා ඔහුගේ පිළිකා රෝග තත්ත්වය වෙනුවෙන් මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා නොමැති වීම විශේෂයක් විය. මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවීමෙන් පසුව Macmillan Cancer Support and Research ආයතනයේ ආධාරකරුවන් හමු විය.

මේ අතර චාල්ස් රජතුමා මෙම ආයතනයේ ප්‍රධාන වෛද්‍යවරයා වන මහාචාර්ය චාලි ස්වටන්ටන් හමු විය. මහාචාර්ය චාලි එක්සත් රාජධානිය පුරා මධ්‍යස්ථාන 19 ක පර්යේෂකයන් සහ වෛද්‍යවරුන් 250 ක් සමග එක්වී TRACERx ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි. 1997 වසරේ පටන් චාල්ස් රජතුමා වේල්සයේ කුමරු ලෙසින් මැක්මිලන් පිළිකා පදනමේ අනුග්‍රාහකත්වයට පත් ව ඇත. පිළිකා රෝගීන් වෙනුවෙන් වඩා සාර්ථක ප්‍රතිකාර ලබා දීම මෙම පදනමේ අරමුණ වී තිබේ.

රජතුමාගේ අනුග්‍රහයට අමතරව ගලූස්ටර් ආදිපාදවරයා සහ ඇලෙක්සැන්ඩර් කුමරියද එක්සත් රාජධානියේ පිලිකා මැක්මිලන් පර්යේෂණ පදනමේ ඒකාබද්ධ සභාපතිවරු ලෙසින් කටයුතු කරනු ලැබේ. කැමිලා රැජින 2008 වසරේ පටන් එක්සත් රාජධානියේ නොමිලයේ පිළිකා විශේෂඥ සත්කාර සහ රෝගීන් වෙනුවෙන් සහයෝගය ලබා දෙන ආයතනයේ සභාපතිවරිය වේ. මේ අතර චාල්ස් රජතුමා ඉදිරියේදී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියට, දෙවන ලෝක සංග්‍රාමයේ 80 වැනි සංවත්සරය සැමරීමේ උත්සවයට සහභාගී වීමටත් නියමිතය. ඊට අමතරව විදේශ සංචාරයක් වෙනුවෙන්ද චාල්ස් රජතුමා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

mail on line ඇසුරෙන්

පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️

TAGGED: Cancer, TRACERx, ULCH, චාල්ස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?