නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලංකාවේ පළමු රූප රාජීණී තරගයෙන්ම ජාත්‍යන්තරයත් ජයගත් මානෙල් ඉලංගකෝන්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලංකාවේ පළමු රූප රාජීණී තරගයෙන්ම ජාත්‍යන්තරයත් ජයගත් මානෙල් ඉලංගකෝන්

Published May 6, 2024

1948 වසරට පෙරාතුව ශ්‍රී ලංකාව හඳුන්වනු ලැබුවේ British Ceylon යන නාමයෙන්. මේ අවධිය වනවිට රූප රාජිණියන් තේරීම පිළිබඳව වූ තරඟ එතරම් ජනප්‍රිය නැහැ.

නමුත් ඉන්දියාවල ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් තුළ කාන්තාවන්ගේ ලස්සන ගැන වැඩි අවධානයක් යොමු වී තිබුණා.

විවාහයේදී බොහෝ විට කාන්තා රුවට මුල් තැන ලැබුණෙත් ඒ නිසයි. 1951 වසරේදී එරික් මෝලි විසින් මුල්ම රූප රාජණියන් තේරීමේ තරඟයක් සංවිධානය කරනු ලැබුවා. මෙය විවාහක රූ රැජිණ තරඟයක්.

කොළඹ පවත්වන ලද මෙම තරඟයට ශ්‍රී ලංකාවෙන් මානෙල් ඉලංගකෝන් සහභාගී වුණා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 20 යි. මෙම ඉසව්වෙන් ජයගත් මානෙල්ට එංගලන්තයේ පැවැත්වෙන Miss world අවස්ථාවටත් සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.

නමුත් මේ වනවිටත් ඇය විවාහක වුවත් එය ඉසව්වට සහභාගී වීමට බාධාවක් වුණේ නැහැ. මේ නිසා මානෙල් ඇගේ සැමියා සමග එංගලන්තය බලා පිටත් වුණා. එතෙක් ඇය විදේශ රටක සංචාරයේ යෙදුන කාන්තාවක් නොවෙයි.

මේ කාලයේදී එංගලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් එඩ්වින් විජේරත්න මහතා සේවයේ යෙදී සිටියා. එඩ්වින් තානාපති විසින් ඉලංගකෝන් යුවල ඉතා උණුසුම් ලෙසින් පිළිගත්තා.

Miss world තරඟ ඉසව්ව

1953 වසරේ ඔක්තෝම්බර් 19 වැනි දින මෙම තරඟය පැවැත්වුණේ ලන්ඩනයේ ලයිසිම් බෝල්රූම් ශාලාවේදී. නමුත් ඇය පිහිනුම් ඇඳුමෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කරමින් සාරියෙන් ඒ අවස්ථාවට සහභාගී වුණා.

නමුත් සාරිය ඇයට හරස් වුණේ නැහැ. මේ තරඟකරුවන් අතරින් අවසාන දහ දෙනා අතරට එක් වීමට මානෙල්ටත් අවස්ථාව ලැබුණා.

මේ අතරින් අවසාන පස් දෙනා තෝරාගන්නේ රහස් ඡන්දයකින්. කොහොම වුණත් ඇය අන්තිම පස් දෙනා අතරටත් තේරී පත් වුණා. එයින් මානෙල් ඉලංගකෝන් සිව්වැනි ස්ථානයට තේරීපත්වුණා.

ඇයට පවුම් 150 ක මුදල් ත්‍යාගයක් ලැබුණා. 1953 වසරේ පැවැති මෙම Miss world තරගාවලියෙන් ලෝක රූ රැජින ලෙසින් ප්‍රංශයේ Denise Perrier තේරී පත් වුණා.

දෙවැනි ස්ථානය ග්‍රීසියේ Marina Papaelia ට සහ තෙවැනි ස්ථානය ඊජ්ප්තු ජාතික කාන්තාවක් දිනා ගත්තා.

විකිපීඩියා ඇසුරිනි

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?