ලී මින් හෝ කියන්නෙ කොරියාවේ විතරක් නෙවේ ලංකාවෙත් තනිකරම උන්මාදයක්. අවුරුදු 20කට වැඩි වෘත්තීය ජීවිතයත් එක්ක මින් හෝ කොරියාවේ වඩාත්ම ගෞරවණීය නළුවෙක් විදිහට ජනාදරයට පත්වෙලා තියෙනවා.
2009 අවුරුද්දේ නිකුත් වුණ ‘Boys over flower ‘ගු ජුන් පියෝ’ගේ චරිතය එක්ක අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත මින් හෝ එතැන් පටන් Personal Taste” The legend of the blue sea” City hunter” Faith” Heirs වගේ කතාංගවලින් ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයටත් ආකර්ෂණයටත් පාත්‍ර වුණා.
මේ වෙනකොට 36 හැවිරිදි වියේ පසුවෙන මින් හෝගේ ශුද්ධ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 26 ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට අනුව ලී මින් හෝ කොරියානු නාට්‍යයක එක් කොටසක් වෙනුවෙන් පමණක් අයකරන මුදල ඩොලර් 62, 000 ක්.
එරංදි කෞශල්‍යා ✍️