එරබදු මල් පිබිදීමත් කොහාගේ නාදයත් සමග එළැඹෙන සිංහල අලුත් අවුරුද්ද අපේ ජනජීවිතයේ සුන්දරම කාලයයි. අස්වනු කපාගත් පසුව නිවසේ ඇති ආර්ථික ශක්තිය සමග මානසිකව සැහැල්ලුවක් ලැබෙන අවුරුදු කාලය බක් මාසය හෙවත් භාග්‍යවන්ත මාසය ලෙසින් සැලකේ. අවුරුදු කුමාරයා පිළිබඳ සංකල්පය සෘග්වේදය ආශ්රයෙන් බිහිව ඇති අතර එහි සඳහන් “අදිති” නම් දෙව්දුව අවුරුදු කුමාරයාගේ මවයි. ඇයගේ පුතා “ආදිත්‍ය” ලෙසින් සලකනු ලැබේ. මෙම කුමාරයාට සහෝදරයන් දොළොස් දෙනෙක් සිටි අතර “බක්” මාසය භාරව ඇත්තේ මෙම කුමාරයාටය. බක් මාසය බෙහෙවින් භාග්‍යවන්ත කාලයකි.
අවුරුදු සූදානම හෙවත් පරණ අවුරුද්ද
අවුරුදු උදාව වෙනුවෙන් වු පෙර සූදානමට මිනිසුන් සේම පරිසරයද ඒ අනුව පෙළ ගැසේ. මහ කන්නයේ අස්වැන්න නෙළාගැනීමෙන් පසුව එළැඹෙන මෙම කාලය ඔවුන්ගේ ජිවිතයේ ආර්ථික ලෙසින් ශක්තිමත් කාලපරිච්ඡේදයකි. මේ නිසාම මානසික ලෙසින්ද අලුත් බවක් අපේක්ෂාවෙන් ඔවුන් තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ ඒකාකාරිබවෙන් මිදෙන්නට කටයුතු කරයි.
සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව ලද අස්වැන්නෙන් මුල් කොටස ඉෂ්ට දේවතාවන් වෙනුවෙන් පිදීම සිදු කරන අතර එය අනාගත අස්වැන්න වෙනුවෙන් ලබන ආශීර්වාදයක් ලෙස සලකනු ලැබේ. රාජකීය අනුග්‍රහය පවා මෙම අලුත් සහල් මංගල්‍යයට ලැබෙන අතර සෙංකඩගල රාජධානි සමයේදි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රන් දෑකැත්තකින් ගොයම් කැපීම ආරම්භ කර ඇත. මෙම උත්සවය වෙනුවෙන්ම “තිඟුල වෙල” නමින් වෙල් යායක් පැවැති අතර නුවර වැව ඉදිකිරීමේදි මෙම බිම් ප්‍රදේශය වෙනුවට අලුත් සහල් මංගල්ය්ය සඳහා “ගුරුදෙණිය” වෙල යොදාගෙන ඇත.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සඳ බැලීම
සඳ ලොවට ශාන්තිය සලසනු ලැබේ. චන්ද්‍රයා ඊශ්වර දෙවියන්ගේ අෂ්ට මුර්තිවලින් එකක් ලෙස සලකන අතර ලෝක නිර්මාතෘ මහා බ්‍රහ්මයා විසින් චන්ද්‍රයා තාරකාවන්ගේ අධිපතිත්වයට පත් කර ඇත. සඳ බැලීම වෙනුවෙන් වූ සුබ නැකත කලින්ම නියම කර තිබේ.
අවුරුදු පෙර සුදානම
අවුරුදු පෙර සූදානම වෙනුවෙන් ගේ දොර පිරිසිදු කිරිම සහ කැවිලි පෙවිලි පිළියෙල කිරීම සිදු වේ.
දර දිය ඇදලා ගොම මැටි ගාලා මහගේ කල එළි කර ගන්නේ
බොර දඟ කවලා රටා වියාලා පන්නන් වියමන් කරපන්නේ
පෙරයම අලුසල් මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ
දුර නෑ වරිගෙ බලා කියාගෙන පෙර අවුරුදු කාලය එන්නේ
සැබැවින්ම අලුත් අවුරුදු කාලය යනු, අපේ සමාජ සම්බන්ධතාවයන් වර්ධනය කරන සාරධර්ම වගා කරන අපේ ඇවතුම් පැවැතුම්වල පවා ශික්ෂණයක් ගොඩනඟන කාල පරිච්ඡේයකි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
පරණ අවුරුදු කාලයේදි නිවෙස් පිරිසිදු කිරිමේ පටන් තමාගේ ශාරීරික පවිත්‍රතාවද අපේක්ෂා කෙරේ. පිරිසිදුබව නිරෝගීබවේ පදනමයි. ස්නානය රෝග සඳහා හේතුවන විෂබිජ දුරස්ථ කරන නිසා සහ සුබ කටයුත්තක් වෙනුවෙන් වූ සුදානම නිසා ස්නානයෙන් පිරිසිදු විමේ සම්ප්රදාය පෙර සිටම පැවැතුණි. මේ වෙනුවෙන් පරණ අවුරුදු සඳහා ස්නානයට ලිතේ සුබ වේලාවක් පවා වෙන් කර තිබුණි.
නොනගතය
පරණ සහ අලුත් අවුරුද්ද අතර කාලය නොනගතය ලෙසින් හැඳින්වේ. මීන රාශියේ අවසානය සහ මේෂ රාශියේ ආරම්භය අතර කාලය “නොනගතය” ලෙසින් හැඳින්වේ. සුබ කටයුතු වෙනුවෙන් නොගැළපෙන මෙම කාලය නැකැත් නොමැති නිසාම “නොනගතය” යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම කාලයේ පතිත හිරු කිරණ විෂ සහිත බවට පිළිගැනිමක් අපල සමනය කිරීම සඳහා මෙම කාලයේ පුණ්‍ය කටයුතුවල යෙදීම යහපත් බවට උපදෙස් දී ඇත. මේ නිසා පන්සල් ගොස් තෙරුවන් වැඳ භික්ෂුන්වහන්සේලාගේ ආශීර්වාදය ලබා ගැනීමත් මෙම කාලයේදි සිදු වේ.
අවුරුදු උදාව
නොනගතයෙන් පසුව සිදු වන අවුරුදු උදාවේ ප්‍රධාන අවස්ථාව ළිප ගිනි මෙළවීමයි. මේ වෙනුවෙන් නිවසේ ගෘහණියට වගකීම ලැබී ඇත්තේ ඇය ආහාර පිසිමේ කටයුත්තේ ප්‍රධාන හිමිකාරිය නිසාය. මේ වෙනුවෙන් අනුමත වර්ණයෙන් සැරසී අදාළ දිශාව බලා ළිප ගිනි මොළවා ආහාර පිසීම සිදු විය යුතුය. ආහාර පිසිමේදි කිරිබත ප්‍රධාන වේ. මෙම කිරිබත වෙනුවෙන් ගිතෙල්, උඳු, මුං, තල, උක්, හකුරු සහ කිතුල් හකුරු යොදා ගනි. නැකතට ළිප ගිනි මොළවා නැවුම් වළඳක් ළිප තබා කිරි උතුරවා ගෙන කිරිබතක් පිළියෙල කර ගනු ලැබේ.
ගනුදෙනු කිරීම සහ වැඩ ඇල්ලීම
ආහාර අනුභවයෙන් පසුව සිදුවන වැඩ ඇල්ලීමේදී අතීතයේදී නම් පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනු ලැබේ. කාන්තාවන් “වංමෝල් ඇල්ලීම” ලෙසින් වංගෙඩිය සහ මෝල්ගස් ගෙන සංකේතවත් ලෙසින් කාර්ය ආරම්භ කරයි.
ආහාර අනුභවය
නැකැතට ළිප ගිනි දල්වා පිසින ලද ආහාර අනුභවයට නියමිත වේලාවේදි පවුලේ සියලු දෙනාම එකට එක්ව ආහාර භුක්ති විඳිනු ලැබේ. කිරිබත ප්‍රධාන කර ගත් කැවුම්, කොකිස් ආදී කැවිලිවලින් අවුරුදු මේසය සපිරි වේ. ශ්‍රී ලංකාව පීතෘ මුලික සමාජයක් බැවින් ආහාර අනුභවයේ ප්‍රධාන චරිතය පියා වේ. පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහාර පිළිගන්වනු ලබයි.
හිසතෙල් ගෑම
හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය හෝ කෝවිල, වෙදමහතා වැනි ප්රභුවරයකුගේ නිවස හෝ තම තමන්ගේ නිවස මුල් කරගෙන සිදු වේ. හිසතෙල් සඳහා නානු සහ තෙල් යොදා ගනු ලැබේ. හිසට සහ පයට තබන පත්‍ර නියම කර ඇත. හිසතෙල් ගෑම සෙත් පිරිත් මැද සිදු කරන අතර තෙල් සහ නානු ආලේපයෙන් පසුව සිදුවන ස්නානයෙන් අවුරුදු චාරිත්‍ර අවසාන වේ. ඒ සමග ඇති නුදුරු දිනක සුබ නැකතට නැවතත් තමන්ගේ දෛනික ජිවනෝපායට යොමු වීමත් සමග අවුරුදු සිරිය සෙමෙන් වියැකී යනු ඇත.
විනෝදය සහ සහජිවනය
මෙම කාලසීමාවේ ලැබී ඇති විවේකය නිසා කෙළිදෙලෙන් ගෙවන අතර ඒ සඳහා වූ ක්‍රීඩාවන්ද කල එළි බැස ඇත. අවුරුදු සමයේ ඇති ජනක්‍රීඩාවන් අතර අං ඇඳීම, පොරපොල් ගැසීම, කඹ ඇදීම, තාච්චි පැනීම, කල්ලි ගැසීම වැනි එළිමහන් ක්‍රීඩා මෙන්ම ඔළිඳ කෙළිය, පංච දැමිම වැනි ගෘහස්ථ ක්‍රිඩාවන්ද වේ. සම්බන්ධතාවයන්ගේ බන්ධනය මත ගොඩනැගී ඇත. අලුත් අවුරුදු නැකැත් රාත්‍රියේ යෙදුනද, දිවා කාලයේ යෙදුනද එය ගැටලුවක් කරගත යුතු නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සියලු දෙයටම සිත පෙරටුව ඇත. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි”යනුවෙන් උන්වහන්සේ දේශනා කළහ.
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ශ්‍රි අභිනවාරාමය, කතරගම
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️