අසේල සම්පත් – ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති
අත ළඟ එන්නෙ අවුරුදු කාලේ. අවුරුදු කාලෙම කියල නෑ. සමහර තක්කඩි මුදලාලිලා ඉන්නෙ පාරිභෝගිකයන්ව මුළු 365 දවසෙම සූරන් කන මුවාවෙන්. මේ කාරණාවෙදි පාරිභෝගිකයෙක් විදිහටත් දැනුවත් වෙන්න ඕන කරුණු කාරණා රාශියක් තියෙනවා. මෑතකදි අපි දැකපු කාරණාවක් තමයි සිල්ලර මිල ගහල තියෙද්දිත් ඊට වඩා වැඩි මිලකට භාණ්ඩය අලෙවි කිරීම. මේකටත් හේතුවක් තියෙනවා. ඒ පිළිබඳව වගේම පාරිභෝගිකයන් විදිහට නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා කරන්නට අපි අද ආරාධනා කළා ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්ට….
පහුගිය දවස්වල අපි දැක්කා හාල් මිටිවල උපරිම සිල්ලර මිල තියෙද්දිත් ඊට වඩා වැඩි ගණනකට විකුණනවා. මේකට හේතුව මොකක්ද?
පාරිභෝගිකයා සතු අයිතිවාසිකම් මේ රටේ ඉන්න 80% ක්ම පාරිභෝගිකයෝ දන්නෙ නෑ. ඒ ගැන නිසි දැනුවත්භාවයක් නෑ. මෙවැනි දේට වැඩිපුර මුහුණදෙන්නේ කාන්තාවෝ. උදාහරණයක් විදිහට කඩේකට බඩු ගන්න ගියාම ඒ කඩේ කල් ඉකුත් වුණ තුනපහ පැකට් එකක් තිබුණොත් ගන්න ඕන ක්‍රියාමාර්ගය පාරිභෝගිකයා දන්නේ නෑ. මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මුදලාලි නෙවෙයිනෙ. මුදලාලි කියන්නේ අතරමැදියා.
ඒ නිසා හොර ලේබල් ගහලා තිබුණත්, භාණ්ඩ කල් ඉකුත් වෙන්න ආවත් මුදලාලිට කරන්න දෙයක් නෑ. මේවා ගැන පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළ යුතු වුණත් නිසි යාන්ත්‍රණයක් ලංකාවේ නෑ. මේක තමයි ප්‍රධාන ප්රශ්නය.අනිත් එක මිල පාලනය ගැසට් කළාට පස්සෙ උපරිම මිලත් ප්‍රදර්ශනය කරන්න ඕනෙ.
260 ට තියෙන කීරි සම්බා එක 300 ටත් විකුණනවා. මිල ගණන් දාන එක නෙවේ වැඩේ පාලනය කරන එක. උදාහරණයක් විදිහට තොග මිල, අතරමැදි මිල, සිල්ලර මිල කීයද කියල ප්‍රකාශයට පත්කරන්න ඕනේ. එතකොට තමයි පාරිභෝගිකයා දැනුවත් වෙන්නෙ නැත්නම් එක මිලක් කිව්වම ඒක තොග මිල වෙනවා. තොග වෙළෙන්දගෙන් අතරමැදි වෙළෙන්දා අරගෙන තමයි ඒ බඩු ගමේ කඩේට යන්නෙ. ගමේ කඩේට ගියාම ඒ මුදලාලිත් ගාණක් තියන් තමයි විකුණන්නෙ.
නමුත් ඒ එකතු වෙන ගාණ නියාමනය කරලා නෑ ආනයනයකරුවො, තොග වෙළෙන්දො, අතරමැදියො සහ සිල්ලර විදිහට තමයි මේක යන්නෙ. විශේෂයෙන්ම අද මාරු සල්ලි හිඟයක් හදලා තියෙනවා. ඉතුරු සල්ලිවලට ලැබෙන්නෙ ටොෆියක්. නැත්නම් ගිනි පෙට්ටියක්. මේවා තමයි පාරිභෝගිකයාට නොපෙනෙන සුරාකෑම්. මේ ක්‍රියාවලිය පාරිභෝගිකයා නිසි ආකාරයට අවබෝධ කරගෙන නෑ. අවබෝධ වෙන විදිහට ක්‍රමවත් වැඩපිළිවෙළකුත් නෑ. ඒ නිසා තමයි ව්‍යාපාරිකයා බලවත් වෙලා සූරන් කෑම වැඩිවෙලා තියෙන්නෙ.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/03/140311124917-2-sri-lanka-pettaha-market.png)
මේ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද?
නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාරිභෝගිකයන්ට ඒත් කොහෙද හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ? 1977 පාරිභෝගික සේවා දුරකථන අංකයට ගත්තොත් පාරිභෝගිකයාට කිසිම සේවාවක් ඒ අංකයෙන් සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් මේ අංකය සක්‍රීය නැතුව කොහොමද පාරිභෝගිකයා පැමිණිලි කරන්නෙ? ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික නිලධාරීන් ඉන්න ඕනෙ.
උත්සව සමයේ පාරිභෝගිකයා වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් තියෙනවද?
පාස්කු ඉරිදා, රාමසාන්, සිංහල අවුරුදු කාලේ කියන්නෙ ආහාර පරිභෝජනය වැඩිම මාසයක්. මේ වෙද්දි සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. නමුත් මේ භාණ්ඩ මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට දැනෙන ක්‍රමයක් රජය විසින් හදල නෑ. පහුගිය දවස්වල රේගුව වැඩවර්ජනයක් කළා. ඒ නිසා භාණ්ඩ සිරවීම තුළ සීනි මිල වැඩිවුණා. මේ දවස්වල රුපියල් 160 ට තියෙන කෝලිකුට්ටු 1kg අප්‍රේල් දෙවෙනි සතිය වෙද්දි 200, 250 වෙනවා. කොහොමද එහෙම වෙන්නෙ? කල දුටු කල වල ඉහගන්න ව්‍යාපාරිකයෝ තමයි ලංකාවෙ ඉන්නෙ. මාර්තු අග 160 ට තියෙන කෝලිකුට්ටු අප්‍රේල් වෙද්දි 200 ට නගින්න එන්න එන්න කෙසෙල් රත්තරන් වෙන්නෙ නෑනෙ. ඒවා හොයල බලන්න කවුරුත් නෑ.
ඉතින් මේ වෙනුවෙන් ජාතික පාරිභෝගික පෙරමුණට යම්කිසි වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන් නේද?
අපිට පාරිභෝගික අධිකාරියේ සභාපතිකම හෝ ක්‍රියාකාරි තනතුරක් ලබාදුන්නොත් අපි සති දෙකක් ඇතුළත මේ දේවල් නවත්තල පෙන්නනවා. මෙතෙක් කල් පාරිභෝගිකයට අහිමි වුණ අයිතිවාසිකම් උපරිමෙන්ම ආරක්ෂා කරලා දෙනවා.
ඔබේ ආයතනයේ පාරිභෝගිකයා වෙනුවෙන් සිදු කරන්නෙ මොනවගේ කාර්යභාරයක්ද?
අපි තමයි 2014 පාරිභෝගිකයෝ කියන කතාව රටට ගෙනාවෙ. එතකොට පාරිභෝගික අධිකාරියක් තියෙනවද කියලවත් මිනිස්සු දන්නෑ. ඊටපස්සෙ ආපනශාලා හිමියන්ගේ සංගමය ආරම්භ කළා. පාරිභෝගික බලවේගයක් නිර්මාණය කළේ ගෞරවනීය මාධ්‍ය සහ මම ඔය කාලේ පාරිභෝගික අධිකාරියක් තිබුණත් වල් වැදිලා තිබුණේ.
මේ රටේ පහුගිය දවස්වල බිස්කට් මිල වැඩිවුණාම අපි පාරිභෝගිකයන්ට කිව්වා බිස්කට් පරිභෝජනය අඩු කරන්න කියලා කිව්ව විදිහටම පාරිභෝගිකයන් බිස්කට් පරිභෝජනය නැවැත්තුවා, බිස්කට් මිල අඩුවුණා. කැරට්, බිත්තරවලටත් අපි අනුගමනය කළේ ඔය ක්‍රමවේදය. එතකොට පාරිභෝගිකයට සතොසින් රුපියල් 1000 ක බඩු මල්ලක් දුන්නා.
මම ඒකෙ ප්‍රමිතිය ගැන කතා කළාම සති දෙකක් මාව හිරේට යැව්වා. පාරිභෝගිකයා කියන වචනය අද පාර්ලිමේන්තුවේ පවා කතා වෙන තැනට ගෙනාවෙ අපි. ඒක අපි ලැබූ ජයග්‍රහණයක්. මේ රටේ නොදැක්ක පැතිකඩක් අපි සමාජගත කළා.
![](https://www.navaliya.lk/wp-content/uploads/2024/03/dl.beatsnoop.png)
එතකොට පාරිභෝගිකයන්ට සිද්ධ වෙන වංචා ගැන කතා කරන්න ඕනේ හිරේ යන්න බලාගෙනද?
අනිවාර්යයෙන්ම. මට දැන් එන්තරාවාසියකුත් ඇවිත් තියෙනවා. වෙළෙඳ ඇමැති මගෙන් කෝටි 100 ක වන්දියක් ඉල්ලලා. මං අහපු එකම දේ ඉන්දියාවෙන් ගෙන්නන බිත්තරේ ගාණ කීයද කියල විතරයි. ග්‍රාමීය මට්ටමින් සත්ව නිෂ්පාදනය සිද්ධ වෙද්දි අපි ඒ මිනිස්සුන්ව ශක්තිමත් කරනවා වෙනුවට බිත්තරෙත් පිටරටින් ගෙන්නනවා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයෙක් නෑ. අධ්‍යක්ෂක මණ්ඩලයක් නෑ.
එහෙම වාතාවරණයක සිවිල් පුරවැසියෝ විදිහට පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනී ඉන්න ලැබීම ලොකු සතුටක්. අපි මේ ගමන යන්නෙ ජීවිත තර්ජන මැද්දෙ. මගේ ජීවිතෙත් කොයි මොහොතක හෝ නැතිවෙන්න පුළුවන්. ඒක මම දන්නවා. පහුගිය දවස්වල කෑමවල තියෙන පිළිකාකාරක ගැන කතා කරපු PHI මහත්තයෙකුයි වෛද්‍යවරයෙකුයි මිය ගියා මතක ඇතිනෙ.
ඇතැම් භාණ්ඩ කල් ඉකුත් වෙන්න ළං වුණාම පවතින මිලට උඩින් වෙන අඩු මිලක් ගහල විකුණනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
ඒක තමයි කියන්නෙ එහෙම දේවල් කොච්චර සිද්ධ වුණත් ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ. පිටරටවල Food act එක ගොඩක් බලවත් දවසක් ඇතුළත කල් ඉකුත් වෙන්න ආසන්න භාණ්ඩ ඉවත් කරනවා. ඒ ඉවත් කරන පැස්ටා, සෝස් වර්ග ලංකාවට ගෙන්නලා ලේබල් කරලා විකුණනවා. අපේ ඇගේ ලේ බලලා ඇගේ සීනි, තෙල් කොච්චර තියෙනවද කියල බලන්න පුළුවන් වුණාට කන කෑම එකේ කොච්චර තෙල්, සිනි, ප්‍රෝටීන් කොච්චර කියල හරියටම බලන්න බෑ.
එරංදි කෞශල්‍යා ✍️