නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හම්බ කරාට මදි වියදම් කරන්නත් දැනගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හම්බ කරාට මදි වියදම් කරන්නත් දැනගන්න

Published April 1, 2024

හැම දෙයකටම ආර්ථික වටිනාකමක් ලැබෙන යුගයක අපේ ආදායම් මාර්ග ගැනත් උනන්දුවක් දැක්වීම වැදගත්. ඒ වගේම අද පමණක් නොව අපේ ජීවිතයේ හෙටක් යැයි අප සිතන දිනයක් තිබෙන නිසා තවම නූපන් දිනය වෙනුවෙනුත් අපේ ආර්ථිකය සකසුරුවම් ලෙසින් ගළපා ගැනීම අවශ්‍යයි. නමුත් අද වන විට බොහෝ දෙනා අද දවස විඳීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන අතර හෙට දවස වෙනුවෙන් අද දවසේ අවශ්‍යතාවන් කැප කිරීම විඳවීම ලෙස දකිති. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් ගිහියකු විසින් තමා උපයන ධනයෙන් ප්‍රයෝජන ගතයුතු ආකාරය අපට පෙන්වා දුන් සේක. ඒ අනුව අංගුත්තර නිකායේ ‘පත්ත කම්ම’ සූත්‍රයට අනුව ගිහියකු විසින් ධනය වියපැහැදම් කළ යුතු ආකාරය පෙන්වා දුන් සේක.

තමන්ගෙන් යැපෙන්නන් පෝෂණය

අද දවසේ යැපෙන්නකු ලෙසින් සිටින පුද්ගලයකු කාලයත් සමග පවුලක් නඩත්තු කරන චරිතයක් බවට පත්වනවා. විවාහ වී දූ දරුවන් ලබා අඹුදරු පෝෂණයේ වගකීම ලබන විට එදා ඔබ පෝෂණය කළ මව්පියන් අද දවසේ ඔබගෙන් යැපෙන චරිත බවට පත්වනු ඇත. අද දවසේ පවුලක ගෘහමූලිකත්වය දරන ඔබ‘මාවත් මගේ පවුලත් රැකුණොත් මදිද? ” යන ආත්මාර්ථකාමී සංකල්පයෙන් මිදිය යුතුය. බොහෝ දරුවන් වියපත් මව්පියන් පෝෂණයේදී ‘ඇයි මං විතරද තව සහෝදර සහෝදරියෝ ඉන්නේ? ඒ අයටත් වගකීමක් තියෙනවානේ යැයි තමා සාධාරණීකරණය කරමින් වගකීමෙන් මිදෙන්නට උත්සහ කරති.

නමුත් අපේ මව්පියන් දූ දරුවන් හතර පස්දෙනා එදා නිහඬව පෝෂණය කළහ. ඔබ සැබෑ බෞද්ධයකු ලෙසින් පවුල තුළ ඔබේ අඹු දරුවන් සේම මව්පියන් පෝෂණය කිරීමේ වගකීම අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුය. මව්පියන් පෝෂණය නොකරන්නා වසලයෙක් ලෙසින් බුදුරජාණන් වහ්නසේ අග්ගික භාරද්වාජ නිමිති කරගත් වසල සූත්‍රයෙන් පෙන්වා දුන් සේක. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහ්නසේ මව් පිය, දූ දරු, අඹු සැමි සහ දැසි දස්සන් වෙනුවෙන් ඇති යුතුකම් ගැන දේශනා කළ සේක.ඔබෙන් පෝෂණය වෙන දැසි දස්සන් සිටීද ඒ අය පෝෂණය වෙනුවෙනුත් ඔබ උපයන ධනය වෙන්කළ යුතු බැව් සිහි තබා ගන්න.

හිතමිතුරු සංග්‍රහය

සමාජයේ ජීවත්වන ඔබ හුදෙකලා චරිතයක් නොවේ. ඔබට ඥාති හිතමිතුරන්ගෙන් යුක්ත වූ සමාජ ජාලයක් ඇත. මේ ඥාති හිතමිතුරන් වෙනුවෙන් වූ යුතුකම් ඉටු කිරීමට ද ඔබ උපයන ධනයෙන් යම් කොටසක් වැය වීම සිදු වේ. එයින් අදහස් වන්නේ මිතුරන් සමග මත්පැන් සහ දුම්වැටි පානය නොවේ. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය බුදුරජාණන් වහන්සේ පවා අගයන ලදී. දීඝජානු කෝලිය උදෙසා දේශනා කරන ලද ‘ව්‍යග්ගපජ්ජ’ සුත්‍රයේදී තමා අයහපතෙන් වළකා යහපතෙහි යොදවන මිතුරා කළ්‍යාණ මිත්‍රයා ලෙසින් හඳුන්වා ඇති අතර එය ජීවිතයේ සැප ගෙනදෙන කරුණක් ලෙසින් ද පෙන්වා දුන් සේක.

ඔබට කළ්‍යාණ මිත්‍රයන් ඇතිවන්නේ ඔබ ඔවුන්ට සැබෑ කළ්‍යාණ මිතුරෙක් වුවහොත් පමණි.‘ මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී. එබැවින් ඔබද කළයාණ මිතුරන්ගේ බැඳීම ශක්තිමත් කරගැනීම සඳහා උපයන ධනයෙන් යම් කොටසක් වියපැහැදම් කිරීම ජීවිතයේ එක්තරා ආකාරයක ආයෝජනයක් බැව් සලකන්න.

විපත් අවස්ථාවක ගැනීමට

අද තරුණ පරම්පරාව අතර සුලබව ඇසෙන අදහසක් ඇත. ‘හෙට සුනාමියක් ආවොත් සේරම මුහුදට. ඒ නිසා ඉතුරු කිරීම වැඩක් නැහැ. මුදලටත් අගයක් නැහැ. ඒත් හෙට සුනාමියක් නාවොත්? එසේත් නැත්නම් සුනාමියකින් ඔබේ සියලු සම්පත් විනාශ වුණොත් ඒවා නැවත ගොඩනඟා ගැනීමට මුදලක් අවශ්‍ය වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අන්දමට සොර, සතුරු, ගිනි, ජල, විපත් ආදියෙන් විපත් වූ විට එවැනි අවස්ථාවකදී ප්‍රයෝජනය ගැනීමට මුදලක් ඉතිරි කර තිබීම වැදගත්. ඒ අන්දමින් ඉතිරි කළ මුදලක් නැතිවිට ඔබ ණය ලබාගන්නා අතර එය ගෙවා ගැනීමට නොහැකි වුණ විට දැඩි සේ අසරණ වන්නේය. ණය ලබාගෙන එය නොගෙවා පැහැර හැරීම වසල ගතියක් ලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සමාජ යුතුකම්

බෞද්ධයකු ලෙසින් ජීවත්වන ඔබ සමාජ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන චරිතයක් වීම ඉතාම වැදගත්. උපයන ධනයෙන් සමාජ යුතුකම් විෂයයෙහි යම් ප්‍රතිශතයක් වෙන් කිරීම ඉතාම වැදගත්. මේ බැව් බුදුරජාණන් වහන්සේ පංච බලි ලෙසින් පෙන්වා දුන් සේක.

  • ඥාති බලි
  • අත්ථි බලි
  • පුබ්බපේත බලි
  • දේවතා බලි
  • රාජ බලි

පරිත්‍යාග

සමාජගත පුද්ගලයකු ලෙසින් ඔබ උපයන ධනයෙන් යම් කොටසක් ශ්‍රමණ, බ්‍රාහ්මණ, ආදී සිල්වතුන්ට, දුගී මගී යාචකයන්ට දන්දීම වෙනුවෙන් වැය කළ යුතුය. නමුත් අද බොහෝ දෙනා දන්දීම ගැන විවිධ තර්ක විතර්ක ගොඩ නගති. දුගියන් ලෙසින් පෙනුණාට ඔවුන් දුගියන් නොවේ. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය තරමට සිව්පසය ලැබෙනවා.

මේ අන්දමින් තර්ක විතර්ක කරමින් දානය යන සංකල්පයෙන් බැහැර වීම සාධාරණීකරණය කරති. ඔබ දානයක් දීමේදී පූජා බුද්ධියෙන් මෙන්ම අනුකම්පා බුද්ධියෙන් දානය පිරිනමන අවස්ථා ඇත. ඒ වගේම ධර්ම දානය, අභය දානය වැනි කුමන අන්දමකින් දානයක් දුන්නත් එහිදී ඔබේ සිත පිරිසිදුව ඒ දෙය කරන්න. මා විසින් ධාර්මිකව උපයාගත් මුදලෙන් ලබාදුන් දානයක් යැයි සිත සතුටු කරගන්න.

ගිහියකු ලෙසින් ඔබට උත්සාහයෙන් සහ ධාර්මික ලෙසින් මුදල් උපයා ගැනීමට කිසිම බාධාවක් නැහැ. උපයන මුදල සකසුරුවමකින් වියපැහැදම් කිරීම සහ සමාජ වගකීම්, යුතුකම් ඉදිරියේ මුදල් වැය කරන අන්දම ගැන ධාර්මික සැලසුම් ගොඩනඟා ගැනීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දුන් සේක.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: buddhism, පත්ත කම්ම, බුදුරජාණන් වහන්සේ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?