ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වත් සමහර පුද්ගලයන් විවිධ විෂය ක්ෂේත්රයන් වෙනුවෙන් සුවිශේෂී හැකියාවන් දක්වනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාව හදාරන බොහෝ දෙනෙකුට ප්‍රතිභා පූර්ණ කලා හැකියාවන් අඩුවක් නැතුව පිහිටා තිබෙනවා. මෙම වෘත්තින් දෙකම ඉතා කාර්යබහුල වුණත් සැබෑ හැකියාවන් ඇති පුද්ගලයන් තම වෘත්තීන් අතර සමබරතාවය පවත්වා ගෙන අදාල භුමිකාව මැනවින් ඉටු කිරීමේ හැකියාව ලබා ගෙන සිටිනවා. අපේ රටේ පුද්ගලයන් අතර වුණත් මෙවැනි චරිත හමුවෙනවා. ඒ වගේම වෛද්‍ය වෘත්තිය සමග තමන්ගේ ප්‍රතිභා පූර්ණ කලා කුසලතාවයෙන් කීර්තියට පත් චරිත ගැන ඔබ අසන්නට කැමැති ඇති.
මනුෂි චිල්ලාර්
ඇය 2017 වසරේ ලෝක රූ රැජින ලෙසින් සම්මානයට පත් කාන්තාවක්. මේ වන විට වෛද්‍යවරියක ලෙසින් සේවය කරන මනුෂි 2015 වසරේ පුල් සිං කාන්තා වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තා. දැන් ඇය තමන්ගේ වෛද්‍ය වෘත්තියේ නියැලෙන අතරවාරයේ සිය කලා කටයුතු වෙනුවෙන්ද නිරත වෙනවා.
සායි පල්ලවි
සායි කිව්වොත් තෙලිගු, දමිළ සහ මලයාලි චිත්‍රපටවල නිතරම දකින මුහුණක්. ඇය 2016 වසරේ ජෝර්ජියාවේ ටිබ්ලසි රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තා.
පාලාෂ් සෙන්
“මෙරි” ගීතය ගැන දන්නා ඔබට පල්ස් ගැන තවත් විස්තර අවශ්‍ය නැහැ. ඔහු University college of Medicine හි වෛද්‍ය උපාධිධාරියෙක් බැව් සතුටින් සඳහන් කරන්න අවශ්‍යයි.
ශ්‍රී රාම් ලාගෝ
කන, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙසින් සේවය කළ ශ්‍රී රාම් ඉන්දීය සිනමාව තුළ තමාගේ ප්‍රතිභාව මැනවින් නිරූපනය කළ චරිතයක් බවට පත් වුණා.
මීයැන්ග් වැන්ග්
දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන මීයැන්ග් වැන්ග් රහස් පරීක්ෂක චිත්‍රපටවල සිත් ගත් චරිතයක් ලෙසින් ප්‍රේක්ෂක අවධානය දිනා ගෙන ඇත. ඔහු වෘත්තියෙන් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන අතර වොයික්කාලා ගාරා සංගා දන්ත විද්‍යාලයෙන් සහ බැංගලෝර් රෝහලෙන් සිය වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇත. අදාල වෛද්‍ය වෘත්තියට අමතරව රංගන දායකත්වය ලබා දෙන දක්ෂ චරිතයක්.
( Indian Times ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️