නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දරුවනේ විනාඩි 15කට සැරයක් හොඳට වතුර බොන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දරුවනේ විනාඩි 15කට සැරයක් හොඳට වතුර බොන්න

Published March 4, 2024

කාලගුණ තත්ත්වයන්හි අවදානම ඉදිරියේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වීමට ඉඩ තිබෙන බවට වෛද්‍යවරුන් විසින් පෙන්වා දී තිබෙනවා. තද හිරු රශ්මියේ බලපෑම නිසා විිවිධ සෞඛ්‍ය ගැටලු ඇති වීමට පුළුවන්.

ආතතිය (Heat stress)

මස් පිඬු පෙරලීම ( Heat Cramps )

සිහි මුර්චාව ( Heat Stroke)

හෘදයාබාධ

පෙනහළු රෝග

නිදන්ගත රෝග උත්සන්න වීම


පාසල් වයසේ දරුවන් මෙම කාලගුණ තත්ත්වයන්හි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එම නිසා පාසල් දරුවන් අතර මෙම සංකුලතාවයන් වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කීපයක් පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් දැනුවත් කර තිබෙනවා.

නිතර නිතර ජලය පානය කිරීම. පිපාසාවක් නොමැතිව වුවත් විනාඩි 15 කට 20 කට වරක් වතුර උගුරු 7 හෝ 8 ක් වැනි ප්‍රමාණයක් පානය කිරීම.

සීනි අධික බීම පානය සුදුසු නැහැ.

එළිමහනේ සිටින විට තොප්පියක් පැළඳීම.

එළිමහනේ ගමන් කරන විට කුඩයක් පාවිච්චි කරන්න.

අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම සුදුසු නැහැ

පාසලෙන් පිටත වුවත් ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින්න.

අධික රස්නය ඇති විට මුහුණේ සහ අත්වල වතුර ගාන්න.

දවසේ වඩාත්ම උෂ්ණත්වය ඇති කාලය සේ සැලකෙන පෙ.ව 11. 30 සහ ප.ව 3.30 අතර කාලයේදී අධික දහඩිය දමන හා කය වෙහෙසා කරන ක්‍රිඩා කිරීම සුදුසු නැහැ.

පාසල් පරිශ්‍රයේ දරුවන්ට ප්‍රමාණවත් පරිදි පිරිසිදු පානීය ජලය වෙනුවෙන් පහසුකම් සලසා දීම.

කඩදාසිවලින් සැදූ අවානක් හැකි නම් රැගෙන ඒමට උපදෙස් ලබා දීම.

හදිසි තත්ත්වයකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන ප්‍රථමාධාර කණ්ඩායම් දැනුවත් කිරීම සහ උපදෙස් ලබා දීම.

(පවුල් සෞඛ්‍ය කාර්යංශයේ උපදෙස් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: health, Heat, Heat stress, වතුර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?