නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බ්‍රසීලයේ විද්‍යාඥයන් ඇඟට හොඳ ඇට වර්ග ගැන කියයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බ්‍රසීලයේ විද්‍යාඥයන් ඇඟට හොඳ ඇට වර්ග ගැන කියයි

Published March 4, 2024

සුපිරි ආහාරයක් කී විට අපේ හිතේ මැවෙන්නේ කුමක්ද? දිව පිනවන සහ ඇසට ආකර්ෂණයක් ඇති කරන ආාහරයක් ගැන චිත්‍රයක් විය හැක. එහෙත් විද්‍යාඥයන් විසින් දකින සුපිරි ආහාර ඊට වෙනස්.

විද්‍යාඥයන් දකින සුපිරි ආහාර

බ්‍රසීලයේ විද්‍යාඥයන් පිරිසක් තමන්ගේ අධ්‍යයන වාර්තාව මගින් ඉතාම පහසුවෙන් සිරුරට අවශ්‍ය පෝෂණ ප්‍රභවයන් ලබා දෙන ඇට වර්ග පිළිබඳව පෙන්වා දෙනවා. ඔවුන් මෙම අධ්‍යයනය වෙනුවෙන් රසායනාගාර මීයන් 12 දෙනෙකුට අමතරව පුද්ගලයන් 119,000 තෝරා ගත්තා. බ්‍රිතාන්‍ය දියවැඩියා සංගමයේ සයොනඩ් ක්‍යුරික් විසින් සඳහන් කරන්නේ තමන්ගේ දිනපතා ආහාර රටාවට ඇට වර්ග එක් කර ගැනීමෙන් යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. ඊට අතරව ඇය විසින් අපි ගත යුතු ඇට වර්ග මොනවාදැයි නිර්දේශ කර තිබෙනවා.

ආමන්ඩ්

ආමන්ඩ් ප්‍රෝටීන්, යකඩ, මැග්නිසියම්, පොටෑසියම් වැනි පෝෂණ ප්‍රභවයන් යුක්ත නිසා ස්නායු පද්ධතියට හිතකරයි. මෙහි ඇති කැල්සියම් දන්ත සෞඛ්‍යට වඩාත් හිතකර බව බ්‍රිතාන්‍ය  දියවැඩියා සංගමය සඳහන් කරනවා. ග්‍රෑම් 28 ක ආමන්ඩ් ප්‍රමාණයකින් කැලරි 16 ක ශක්තියක් ලැබෙන අතර තන්තු, කැල්සියම් සහ රස Boflavin ( B2)පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

කජු

ග්‍රෑම් 28 ක කජු ගෙඩියක කැලරි ශක්තිය 163 ක් ඇති අතර යකඩ, සින්ක්, ප්‍රෝටීන්, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් B6, ෆෝලික් අම්ලය, ඔමේගා 3 සහ විටමින් E අන්තර්ගතයි. ගර්භණී කාලයේදී කජු ආහාරයට ගැනීම වඩාත් සුදුසු බැව් පර්යේෂකයන් විසින් සඳහන් කරනවා. දිනපතා කජු ආහාරයට ගැනීමෙන් අස්ථි ශක්තිමත් වන බවත් මෙම අධ්‍යයනයේදී පෙන්වා දෙනවා. මෙහි අන්තර්ගත යකඩ සහ සින්ක් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර ශරිරය පුරා ඔක්සිජන් පරිවහනය සාර්ථක ලෙසින් පවත්වා ගැනීමට හේතු වෙනවා.

පිස්ටාශියෝ

පිස්ටාශියෝ ගෙඩි පනහකින් ශක්තිය කැලරි 160 ක් උපයා ගත හැකියි. මෙහි ප්‍රෝටීන්, තන්තු, කැල්සියම්, යකඩ, තයමින්, සහ විටමින් වලින් සමන්විතයි. පිරිමින්ගෙ Erectile dysfunction රෝග තත්ත්වයන්හිදි පිස්ටාශියෝ මගින් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති බව සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙනවා. ඒ වගේම පිස්ටාශියෝවල ඇති ප්‍රතිඔක්සිකාරක ශක්තිය නිසා පියයුරු පිළිකා සහ හදවත් රෝග තත්ත්වයන්ගෙන් නිදහස් වීමේ හැකියාවත් ලැබෙනවා.

හේසල්නට්

ග්‍රෑම් 20 ක හේසල්නට් ගෙඩියක් ආහාරයට ගත් විට ශක්තිය කැලරි 178 ක් උපයා ගත හැකියි. ප්‍රෝටීන්, තන්තු, කැල්සියම්, යකඩ, පොටෑසියම්, සින්ක්, තයමින්, විටමින් B6, ෆෝලේට් සහ විටමින් E ප්‍රභවයනගෙන් යුක්ත මෙය ඉතා ප්‍රණීතයි. මෙහි අන්තර්ගත විටමින් B සමේ නිරෝගීතාවයටද, හදවත් රෝගීන්ට සහ ගර්භණී මව්වරුන්ට ගුණදායකයි. වියපත්වීම සමග ඇති වන Dementia රෝග තත්ත්වයටත් හේසල්නට් මගින් ආරක්ෂාව ලැබෙනවා.

බ්‍රසිල්නට්

බ්‍රසල්නට් ගෙඩි හත අටක ප්‍රමාණයකින් කැලරි ශක්තිය 186 ක් ලබා ගන්න පුළුවන්. මෙහි ඇති සෙලිනියම් නිසා තුවාල ඉක්මනින් සුවපත් වෙනවා. තන්තු, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, විටමින් ප්‍රභවයන්ගෙන් සමන්විත බ්‍රසිල්නට් මළල ක්‍රිඩාවන්හි නිරත ක්‍රීඩකයන්ට ඉක්මන් ශක්තිය ලබා දිමේ හැකියාවෙන් යුක්තයි. ඒ අතරම පිරිමින්ගේ ශුක්‍රාණු ගිණුමේ සක්‍රීය ශුක්‍රාණු ප්‍රතිශතය ඉහළ නැංවිමට මෙන්ම පියයුරු සහ අස්ථි පිළිකාවන් මර්ධනයටත් හේතු වෙනවා. ගෙඩි තුන හතරකට වඩා නොගත යුතු බවටත් අවවාදයක් ලැබෙනවා.

මැකඩාමියා

මැකඩාමියා ග්‍රෑම් 28 ක් ආහාරයට ගත් විට ශක්තිය කැලරි 204 ක් ලබා ගත හැකියි. තයමින් බහුලව අන්තර්ගතයි. නයිසින්, ඔමේගා 3, කැල්සියම් සහ පොටෑසියම් ප්‍රභව උපයා ගත හැකියි. මෙහි අන්තර්ගත Monounsaturated fats අසංතෘප්ත මේදය නිසා අහිතකර කොලෙස්ටරෝල් පාලනය වෙන නිසා හෘදයාබාධයන්ට පවතින අවදානම අඩු කරනවා. නමුත් මැකඩාමියා ගෙඩි ප්‍රමාණය නවය දහයක් ඉක්මවා ආහාරයට ගත් විට ජිරණ ගැටලු ඇතිවීමේ අවදානමත් තිබෙනවා.

වොල්නට්

වොල්නට් ග්‍රෑම් 28 ක කොටසකින් ඔබට ශක්තිය කැලරි 185 ක් ලබා ගත හැකියි. ප්‍රති-ඔක්සිකාරක ශක්තියෙන් පොහොසත් වොල්නට් තන්තු, කැල්සිටම්, යකඩ, සින්ක්, ෆෝලේට්, ඔමේගා 3 මේද අම්ල සහ විටමින් B6 ප්‍රභවයන්ගෙන් යුක්තයි. හෘද රෝග සහ ආඝාත තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සපයන වොල්නට් පිළිකාවන්ට එරෙහිව ශරිරය සුදානම් කරනවා. නමුත් වොල්නට් ආහාරයට ගැනීමේදි චොකලට් සංයෝග කර ගත්තොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

රටකජු

රටකජු ග්‍රෑම් 28 ක ප්‍රමාණයකින් ශක්තිය කැලරි 166 ක් උපයා ගත හැකියි. ප්‍රෝටින්, නයිසින්, ෆෝලේට්, තන්තු, යකඩ, පොටෑසියම්,සින්ක්, රයිබොෆ්ලේවින්, විටමින් E සහ නයිසින් අන්තර්ගතයි. රටකජු වලද පිළිකාවන්ට එරෙහි ප්‍රති -ඔක්සිකාරක ශක්තින් අඩංගුයි.

රටකජු ආසාත්මික වෙන්නත් පුළුවන්

ඇතැම් අය රටකජු වෙනුවෙන් ආසාත්මිකතාවයන් දක්වනවා. රටකජු මොනතරම් ඇතැමුන්ට අහිතකරයිද කිව්වොත් රටකජු ආසාත්මිකතාවයන් නිසා දරුවන් පනස් දෙනෙකුගෙන් එක් අයෙක් ආසාත්මිකතාවයට පත් වෙන අතර හුස්ම ගැනීමේ අපහසුවේ පටන් ජිවිතයට හානි වෙන තරම් දරුණු ප්‍රතිඵල ලැබී තිබෙනවා.

( diabetic.co.uk ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️









 

TAGGED: Almond, ආමන්ඩ්, බ්‍රසීලයේ විද්‍යාඥයන්, සුපිරි ආහාර
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සාම්ප්‍රදායික චිත්‍ර අඳින ප්‍රබෝධා

June 2, 2025

හැමදාමත් ලස්සනට ඇන්දුවම ” ලස්සනයි කොල්ලෝ ” කිව්ව එයා එදා මොනවත් කිව්වේ නෑ

June 2, 2025

තරුණයන්ටත් සතුට එපා වෙලාලු

June 2, 2025

රූකාන්තගෙන් CUSTOMIZED OCTAPAD

June 2, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?