නාන කාමරයක කොමඩ් එක කියන්නෙ නිතරම දුගඳ හමන සහ විසබීජ බෙහෙවින් රැඳෙන තැනැක්. ඒ නිසා මෙය හොඳින් පිරිසිදු කිරීම වැදගත්. මේ සඳහා අපි වෙළෙඳපොළෙන් විවිධ සුවඳකාරක මිලදී ගත්තත් වර්තමානයේ ඒවට අධික මුලදක් වැය වෙනවා. විශේෂම දේ මේ සෑම දෙයක්ම නිෂ්පාදන සඳහා භාවිත වෙන්නෙ අපට එදිනෙදා ජීවිතයේදී සොයාගන්න පුළුවන් දේවල් වලින් වීම. ඉතින් හැමදේම අස්ප ගණන් මේ කාලෙ වැඩි මුදලක් දීලා ගන්න සුවඳකාරක වෙනුවට අද කියල දෙන ගෙදරිදිම හදාගන්න පුළුවන් මේ දේවල් සතියකට පාරක් භාවිත කරල බලන්න.
ජල සුවඳකාරකය
අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩා දෙහි ගෙඩියක්
- මාස්ක් එකක්
- කුරුඳු පොතු කිහිපයක්
සාදාගන්නා ආකාරය
දෙහි ගෙඩිය කුඩා කොටස්වලට කපාගන්න. මාස්ක් එකේ එක පැත්තක් කපාගෙන සාක්කුව වැනි කොටසට කපාගත් දෙහි කැබලි සහ කුරුඳු පොතු දමා නූලකින් හෝ රබර් පටියකින් මාස්ක් එකේ විවෘත පැත්ත හොඳින් ගැටගසා ගන්න. පසුව මේ ඇටවුම කොමඩ් එකේ වතුර පිරෙන ටැන්කිය තුළට දමන්න.
වාසි
මේ ඇටවුම සති 2 ක් පමණ පාවිච්චි කළ හැකියි. වතුර එක්ක මිශ්‍ර වෙලා දෙහිවලින් එන පැඟිරි සුවඳ හරිම අපූරුයි. ඒ වගේම දෙහි බැක්ටීරියා නාශක ගුණයෙන් පොහොසත්.
වැසිකිලි සේදුම්කාරයක්
අවශ්‍ය ද්‍රව්‍ය
- ප්ලාස්ටික් බෝතලයක්
- විනාකිරි මිලිලීටර් 100
- කුරුඳු පොතු කිහිපයක්
- තමන් කැමති සුවඳක භාජන සේදුම්කාරක
සාදාගන්නා ආකාරය
මුලින්ම ප්ලාස්ටික් බෝතලයට භාජන සේදුම්කාරක තේ හැඳි තුනක්, විනාකිරි හා කුරුඳු පොතු එකතු කර හොඳින් මිශ්‍රකරගන්න. ප්ලාස්ටික් බෝතලය ගෙන අඩියේ සිහින් සිදුරු කිහිපයක් විද කොමඩ් එකෙ වතුර ටැංකියට මෙය දමාගන්න.
ඔබ කොමඩ් එක ෆ්ලෂ් කරන සෑම අවස්ථාවකම වතුරට මේ සාදාගත් සුවඳ ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් එකතුවීමෙන් ප්‍රසන්න සුවඳක් හමනව වගේම විසබීජ විනාශ කරගන්නත් පුළුවන්.ජල ටැංකිය පිරිසිදු කරගන්න ක්‍රම දෙකක්…
පළමු ක්‍රමය
විනාකිරි කියන්නෙ අමුතුම සුවඳකින් යුත් ස්වභාවික ඩියෝඩ්රයිසරයක්. කොමඩ් එකේ ටැංකියට විනාකිරි කෝප්පයක් එකතු කිරීමෙන් බැක්ටීරියා විනාශ කරගත හැකියි. විනාකිරි එකතු කිරීමෙන් පසු විනාඩි 10 ක් තිබෙන්නට හැර පිරිසිදු කිරීමේ බුරුසුවකින් ටැංකිය හොඳින් අතුල්ලා සියලුම ජලය ෆ්ලෂ් කර හරින්න. විනාකිරි වල ඇති ආම්ලිකතාවය වැසිකිළියට හෝ පයිප්පවලට හානි කළ හැකි බැවින් විනාඩි 10 කට වඩා වැඩි කාලයක් විනාකිරි ජලයේ තිබීමට ඉඩ නොදිය යුතුයි.
දෙවන ක්‍රමය
හයිඩ්රජන් පෙරොක්සයිඩ් කියන්නෙ ස්වභාවික ඔක්සිකාරකයක්. මෙමගින් ද වැසිකිලියක පවතින අප්‍රසන්න දුගඳ නැති කරගන්න පුළුවන්. වැසිකිලිය භාවිතයෙන් පසු හයිඩ්රජන් පෙරොක්සයිඩ් දියර ස්වල්පයක් කොමඩ් එකේ රැඳෙන ජලයට ඉසින්න.ෆ්ලෂ් කරන සෑම අවස්ථාවකම මේ සුවඳකාරකය ජලයට කලවම් වෙලා ෆ්ලෂ් වෙලා යනව. ඒ නිසා කොමඩ් එක විතරක් නෙමෙයි මුළු නාන කාමරයම සුවඳ වෙනව.
අමතර වාසි
මේ සුවඳකාරකය දින 30 ක වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇටවුමෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණයි ටැංකියට මිශ්‍ර වෙන්නෙ.
(SmartLady.LK ඇසුරෙන්)
අර්චිත ඉඳුවර ✍️