තරගකාරී ආර්ථික රටාවක් තුළ කුමන හෝ මාර්ගයකින් මුදල් උපයා ගැනීම සඳහා සමහරු කටයුතු කරති. මේ නිසා තවකෙකුගේ මුදල් මොනයම් ක්‍රමයකින් හෝ උදුරා ගැනීමට කටයුතු කිරීම ඛේදජනකය. අප සතුටින් ජීවත්වීමට නම් අප රට තුළ සිටින සියලු දෙනාටම සතුටින් සිටීමට ප්‍රමාණවත් ආර්ථිකයක් තිබිය යුතුය යන ස්ථාවරයේ එල්බ සිටින සැලකිය යුතු ජනතාවක් අප අතර වෙයි. දිළිඳුකම පිටු දැකීම සඳහා International Day for the Eradication of Poverty යනුවෙන් දිනයක්ද වෙන්කර ඇත. ඒ පිළිබඳ ලෝක අවශ්‍යතාව පැහැදිලි කරන එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියෙන් ඒ සඳහා ඔබ දායකත්වයද අවධාරණය කරයි.
දිළිඳුකමට සීමා, මායිම් නැහැ
දිළිඳුකම දේශසීමා, සංස්කෘතින් අභිභවා යන ගෝලීය ගැටලුවක්. මේ හේතුවෙන් ආහාර, පිරිසිදු ජලය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආදී මූලික මානව හිමිකම් අහිමි වෙයි. දිළිඳුකම නිර්ණායක කිහිපයක් යටතේ සාකච්ඡා කළ හැකිය.
ව්‍යුහාත්මක නිර්ණායක
ලෝක බැංකු වාර්තාවට අනුව 2020 දී ආසන්න වශයෙන් ලෝක ජනගහණයෙන් 9.2% ක් ජාත්‍යන්තර දරිද්‍ර රේඛාව වන දිනකට ඩොලර් 1.90 ට වඩා අඩු ආදායම් ලබා ඇත. එම තත්ත්වය මිලියන 700 කගේ මූලික අවශ්‍යතා අහිමි වීමකි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, රැකියා ප්‍රවේශය ආදිය දරිද්‍රතා චක්‍රයෙන් මිදීමට වැදගත් වන ව්‍යූහාත්මක නිර්ණායක වේ.
පද්ධතිමය නිර්ණායක
දිළිඳුකම උග්‍ර කරන පද්ධතිමය නිර්ණායක වලට ස්ත්‍රී-පුරුෂ භාවය හෝ සමාජ තරාතිරම මත වෙනස්කොට සැලකීම්, දූෂණය, දේශපාලන අස්ථාවරත්වය යන හේතු ඇතුළත්ය.
පුද්ගල නිර්ණායක
අප හිතන්නේ පෞද්ගලික කැමැත්ත මත ක්‍රියාකිරීම අන් කිසිවකුට ප්‍රශ්නයක් නොවන බවය. එහෙත් පුද්ගල නිර්ණායක දිළිඳුබව උග්‍ර කිරීමට විශාල ලෙස හේතුවේ. අපගේ තනි තේරීම් විශාල සමාජ හා ආර්ථික වෙනස්කම් සඳහා බලපායි. සෞඛ්‍ය, අධ්‍යාපන මට්ටම සහ පවුල් ව්‍යුහය වැනි සාධක දරිද්‍රතාවයෙන් මිදීම සඳහා පුද්ගලයාට ඇති හැකියාව දරිද්‍රතාවයෙන් මිදීම සඳහා සැලකිය යුතු ලෙස බලපායි.
එය සමාජයීය බලපෑමකි
අධ්‍යාපනයේ කාර්යභාරය අධ්‍යාපනය දිළිඳුකම තුරන් කිරීමට පිටිවහලක් වෙයි. ඒ සඳහා යොමුවීම සහ එසේ යොමුවීමට අන් අය පෙළඹවීම අපට ඉටුකළ හැකි කාර්යයන්ය. තනි පුද්ගලයින් වශයෙන් සැලකීමේදී ඔවුන් තුළ දැනීම, කුසලතා, විචාරාත්මක චින්තන හැකියාවන් වර්ධනය කරමින් හොඳ රැකියා අවස්ථාවන් ලබා වඩා හොඳ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීමට ඔවුන්ට අධ්‍යාපනය වැදගත්ය. තවද අධ්‍යාපනය දරිද්‍රතාවයේ මූලික හේතුවලට පිළියම් සෙවීම සඳහා ප්‍රජා සහභාගීත්වය පුළුල් කරයි.
බහුවිධ ප්‍රවේශ Multifaceted Approaches
දරිද්‍රතාව මුලිනුපුටා දැමීම සඳහා බහුවිධ ප්‍රවේශ මගින් කෙරෙන ආමන්ත්‍රණයන් වැදගත්ය. මෙහිදී ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා පහසු ප්‍රවේශය සහතික කිරීම හා වෙනස්කොට සැලකීම් හෝ බැහැර කිරීම් වලට එරෙහිව ක්‍රියාකාරීව සටන් කිරීම ආදිය සිදුවේ.
දරිද්‍රතාව තුරන් කළ යුත්තේ ඇයි?
මානව හිමිකම් වලට තර්ජනයක් වන දරිද්‍රතාව ගෝලීය අර්බුදයක් වන බැවින් එය තුරන් කළ යුතුමය. එසේම සමාජ විෂමතා මෙන්ම අසමානත්වය ඇති කරයි. යහපත් සමාජයක සුළුකොට සැලකීම් නොතිබිය යුතුය. රටවල් සහ රටවල් අතර මෙය පැවතීමද ගෝලීය සහජීවනයට තර්ජනයකි. ආර්ථික ස්ථාවරත්වය මෙන්ම වර්ධනය සඳහාද දිළිඳුකම බාධාවකි.
(https://www.nrf.org.uk/ ඇසුරෙන්)
සුනිල් අල්ගම ✍️