නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: රජෙක් වුණත් මොකටද ලෙඩෙක් වුණොත්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

රජෙක් වුණත් මොකටද ලෙඩෙක් වුණොත්

Published February 19, 2024

‘ආරෝග්‍යා පරමා ලාභා…’ නීරෝගීකම පරම ලාභයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට අප කවුරුත් නීරෝගීව සිටින්නට කැමැතියි. සාමාන්‍ය ජීවිතයේදී වුණත් අපට යම් රෝගී තත්ත්වයක් ඇති වූ විට නීරෝගීබවේ අගය ඉතා හොඳින්ම දැනෙනවා. වචනයටත් අපි මේ විදිහට කියනවා ඔබ අසා ඇති. ‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්…’ මේ අදහසින් පවා කියවෙන්නේ මොන තරම් සැප සම්පත් තිබුණත් නීරෝගී බව නැත්නම් අපේ ජීවිතයේ සතුට, සැනසීම අපට අහිමි වන බවයි.

කායික හා මානසික රෝග

අපේ බුදුරජාණන් වහන්සේ රෝග සුත්‍රයේ මේ විදිහට දේශනා කරනවා. මහණෙනි, කායික හා මානසික යනුවෙන් රෝගියෝ දෙදෙනෙකි. මෙයින් කායික රෝගවලින් නොපෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක, තිහක් හෝ ඇතැම් විට සියයක් නීරෝගීව සිටින අය සිටිති. එහෙත් මානසික රෝගවලින් එක මොහොතක් නොපෙළී පීඩාවක් නොමැතිව සිටින අය රහතන් වහන්සේලා සොයා ගැනීම දුෂ්කරය.

තරුණ වයසේ පසුවන පුද්ගලයෙකුගේ ජවය සහ ශක්තිය කොපමණ වුණත් ඔහු රෝගියෙකු වුණත් අනාගත ජීවිතයේ බොහෝ දේ පසුගාමී බවට පත් වෙනවා. කොතරම් උත්සාහයෙන් ධනය රැස් කළ ධනවතෙකු වුණත් රෝගියෙකු බවට පත් වුණොත් කාලයෙන් ලැබෙන ලාභය අහිමි වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට නීරෝගීබව පරම ලාභයයි.

නීරෝගී බව කුසලයක්

නීරෝගී බවත් අපේ කර්මානුරූපව ලැබෙන්නක් බුද්ධ ශාසනයේ අසූ මහ ශ්‍රාවකයින් අතර “බක්කුල” තෙරුන් වහන්සේ නීරෝගීබවෙන් අග තැන ලබා සිටියා. බක්කුල තෙරුන් වහන්සේ නීරෝගීබවට පත් වූයේ පූර්ව ආත්මයන්හිදී සිදු කරන ලද පුණ්‍ය කර්මයන් නිසාය. ඒ වගේම අප විසින් සිදු කරන අකුසල කර්මයන්ගේ විපාක මතු ආත්මයන්හි රෝග තත්ත්වයන්ට ගොදුරු වීමට හේතු වෙනවා. චක්ඛුපාල තෙරුන් වහන්සේ අන්ධ බවට පත් වුණේ පූර්ව ආත්මයන්හිදී සිදු කරන ලද අකුසල කර්මයන්හි විපාක නිසයි.

ආරෝග්‍ය මදය

සමහර විට ඔබ සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයෙකු විය හැකියි. එය ඔබ ලද කුසල සම්පත්තියේ බලයයි. නමුත් ඒ නීරෝගීකම නිසා මානය හෙවත් මදය ඇති කරගත යුතු නැහැ. අපෙ අතර සිටින බොහෝ දෙනෙක් මට ලෙඩක් නැහැ. මම නීරෝගීයි යන සිතුවිල්ල මත රැඳී තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්නේ නැහැ. ඒ නිසාම ඔවුන්ද නොදැණුවත්ව බරපතල රෝග තත්ත්වයන්ට පත් වෙනවා. ඒ නිසා ඔබ නීරෝගී වුණත් ඒ ගැන මදය ඇති කර ගන්න එපා. මමත් ලෙඩ වෙනවා. යන සිතුවිල්ලෙන් හැසිරෙන්න.

එවිට ඔබේ සිතේ ඇති වන ක්ලේශ ධර්ම නැති වීම සමග ඔබට නීරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබෙනවා. නකුල පිතු සුත්‍රයේදී බුදුරජාණන්වහ්නසේ මේ විදිහට දේශනා කරනවා. අපි කායිකව රෝගී වීම නිසා මානසිකව රෝගී විය යුතු නැහැ. නමුත් මානසිකව අප රෝගී තත්ත්වයට පත් වුණොත් ප්‍රතිකාර ලැබීම පහසු නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපේ ජීවිත හැඩගසා ගන්නවා නම් අපට මානසිකව සුවපත් වීම අපහසු නැහැ.

ඉතා සරලව සඳහන් කරනවා නම් මේවා ක්ලේශ ධර්ම විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ගිරිමානන්ද සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ “ආදීනව සංඥා” යැයි අපට වැළඳෙන රෝග 34 ක් දක්වා තිබෙනවා. ඇස් රෝග, කණ ආශ්‍රීත රෝග, කබර, අපස්මාරය, දද කුෂ්ට, නියපොතු විස වීම, පිත, මධුමේහ, අංශබාග, පිළිකා යනුවෙන් කායික වශයෙන් ඇති වන රෝග දක්වා තිබෙනවා.

රෝගීවීමට බලපාන හේතු

අප රෝගී බවට පත් කරන හේතු තිබෙනවා. පිත කිපීම, සෙම වාත, පිත, සෙම, කිපීම පරිසර වෙනස්කම් විෂම ඇවැතුම් පැවැතුම්, අනුන්ගේ විවිධ උපක්‍රම, කර්ම විපාක නිසා ඇති වන රෝග දක්වා තිබෙනවා. ඊට අමතරව ලෙඩ රෝග නොවුණත් සීත, උණුසුම,කුසගින්න, බඩගින්න, පිපාසය, මල මුත්‍ර රෝග නොවුණත් මේ නිසා අප පීඩාවට පත් වෙනවා.

මානසික රෝගීවීමට බලපාන හේතු

අප මානසිකව රෝගී බවට පත් වන හේතු හතරක් බුදුරජාණන්වහන්සේ රෝග සුත්‍රයේදී දේශනා කරනවා.“න පාපිකං ඉච්ඡං පනිදහිස්සාම අනවඤ්ඤ පටිලාභාය” ඉධ භික්ඛවේ භික්ඛු මහිච්ඡෝ හෝති විඝාතවා අසන්තුට්ඨෝ“

මහිච්ඡෝ

අප අතර සිටින බොහෝ දෙනා තමන්ගේ වපසරිය පිළිබඳව සෑහීමට පත් වන්නේ නැහැ. තමන්ගේ රැකියාව ගැන සෑහීමක් නැහැ. වෙනත් රැකියාවක් ගැන සොයනවා. තවත් රැකියාවකට ගියත් ඒ ගැන සෑහීමක් ඇති වන්නෙත් නැහැ. මේ තත්ත්වය නිසා නිතරම මානසිකව අසතුටු තත්ත්වයෙන් පසුවන අය අප අතරත් සිටිනවා.

මේ ගැන අටුවා කථාවකින් උදාහරණයක් සඳහන් කරනන්ම්. තිස්ස රජතුමා සෑගිරියේ වැඩ සිටි භික්ෂුන්වහන්සේලාට දන් දුන්නා. රජතුමා අන්තවාදී යැයි ජනතාව දොස් නැගුවා. ඒ නිසා රජතුමා සෑගිරියේ භික්ෂුන්වහන්සේලාගේ දානය නවත්වා ලාභ සත්කාර සොයන භික්ෂුන්වහ්නසේලා පිරිසට දානයට ආරාධනා කළා. ඒ භික්ෂුන්වහන්සේලා දානය වළඳා පාත්‍ර පුරවාගෙන අරගෙනත් ගියා. ආහාරපාන මදි වුණා. රජතුමා නැවත සෑගිරියේ භික්ෂුන්වහන්සේලාට දානය පිළිගැන්වූවා. මේ භික්ෂුන්වහ්නසේලා ආහාරයට ප්‍රමාණවත් තරමට දානය පිළිගත්තා. එදා ඉතිරි වුණා. තිස්ස රජතුමා තමාට දොස් ජනතාවට මේ වෙනස පෙන්වා දුන්නා.

විඝාතවා

ඔවුන් නිතරම තවත් කෙනෙකුගේ සැප සම්පත් දෙස බලමින් අනේ මට නැහැ යැයි කම්පාවට පත් වෙනවා. මේ අන්දමින් කම්පා වීම නිසා මානසිකව නිතරම සිත් තැවුලෙන් පසු වෙනවා. ඒ නිසාම මනසින් රෝගී බවට පත්වීම නිසා කාලයත් සමග ඉතා පහසුවෙන් කායික රෝග ආදියටත් පත් වෙනවා.

අසන්තුට්ඨෝ

මේ අය ලැබුණ දෙයින් සතුටට පත් වෙන්නේ නැහැ. සන්තුට්ටාය ධම්මෝ. මේ ධර්මය පවා ලද දෙයින් සතුටු වීමයි. එක් දාර්ශනිකයෙක් මේ විදිහට සඳහන් කරනවා. ඔබ මල් යහනාවක් සාදා එහි සුවසේ සිටිනවාද? එසේ නැත්නම් කටු යහනක සැතපී දුක් විඳිනවාද මේ අනුව සතුට ඔබට සාපේක්ෂයි.

පාපි කං ඉච්චා

නින්දාවක් නොලබා ලාභ සත්කාර ලැබීමට සිත මෙහෙයනවා නම් ඔබ මානසිකව නීරෝගී නැහැ. උත්සාහය අපට අවශ්‍යයි.

යහපත් උත්සාහය

ඒ යහපත් උත්සාහයක් මිස වැරදි උත්සාහයක් විය යුතු නැහැ. සම්මා ආජීවයෙන් ජීවත් වන සිතක ඇති සැනසිල්ල, සතුට මිච්ඡා ආජීවයෙන් ජීවත්වන පුද්ගල සිතක ඇති වන්නේත් නැහැ. ඒ නිසා ඔබ නිතරම යහපත් උත්සාහයක යෙදෙන්න. මානසික සතුට ඇත්තේද එතැනයි. නින්දාවක් නොලබා ලාභ සත්කාර ලබා ගැනීමේ අරමුණ ඇතුව වංචනික සිතින් යම් තැනකට යනවා නම් ඒ පුද්ගලයාට මානසික සැනසීමක් ඇති වන්නේ නැහැ.

රාජකීය පණ්ඩිත පූජ්‍ය
කන්දේගෙදර සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය
රත්මලාන

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️


 

TAGGED: buddhism, කුසල, ලෙඩෙක්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?