VISUAL ANALOGUE SCALE
රෝගියෙකු විසින් පැමිණිලි කරන වේදනාව ගැන තක්සේරු කිරීම වෛද්‍යවරයෙකුට වුණත් පහසු කාර්යක් නොවෙයි. කුඩා දරුවෙකුට වඩා වැඩිහිටි පුද්ගලයෙකුට වේදනාව දරා ගැනීමේ ශක්තිය තිබෙනවා. කාන්තාවන් වේදනාව දරා ගැනීමේදී ප්‍රතිචාර එකිනෙකාට වෙනස්. වේදනාව සැබැවින්ම දරා ගැනීමට අපහසු දෙයක්. රෝගයකට ප්‍රතිකාර ලබා දීමේදී රෝගියා විසින් ලබා දෙන තොරතුරු මිස වේදනාව මැන බලා ඊට ගැළපෙන පරිදි ප්‍රතිකාර ලබා දීමේ හැකියාව තවමත් සංවර්ධනය වී නැහැ.
වේදනාවේ ප්‍රභේද
වේදනාව ගැන සඳහන් කරන විට දරු ප්‍රසුතියේදී ඇති වන වේදනාව දරුවා ලැබීමෙන් පසුව නැති වෙනවා. ඒ වගේම ඇපෙන්ටිසයිටිස්, වකුගඩු ගල් වැනි රෝග තත්ත්වයේදී අදාළ ශල්‍ය කර්මයකින් පසුව වේදනාව නැති වෙනවා. එවැනි වේදනාවන් කාලය සහ ප්‍රතිකාර සමග සහනයක් ලැබෙනවා. වේදනාව නිසා අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු සමබරව පවත්වා ගැනීමට අපහසු තත්ත්වයක් ඇති වන්න පුළුවන්. වේදනාව ඇති වන ආකාර කීපයක් ඇත.
Nociceptive pain හදිසි අනතුරක්, ශල්‍ය කර්මයක් වැනි අවස්ථාවන්හිදී ඇති වන මෙය සීමිත කාලයකින් අවසාන වේ.
Nerve pain වේදනාව හෙවත් ස්නායුවල ඇති වන වෙනස්කම් නිසා ඇති වෙන වේදනාව. උදාහරණයක් විදිහට දියවැඩියාව වැනි රෝග නිසා ඇති වන පාද වේදනාව.
Chronic pain යම් කිසි හේතුවක් නිසා ඇති වන උග්‍ර වේදනාව වගේම කල් පවතින හෙවත් Chronic pain නිසා පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයට පවා පසුගාමි බවක් ඇති වෙනවා.
වේදනාව අභිරහසක්
වේදනාව අභිරහසක් යැයි ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වේදනාව පිළිබඳ පර්යේෂණයන්හි නිරත වන පරිගණක විද්‍යාඥ එමා පියර්සන් විසින් සඳහන් කරනවා. අපේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගියාම උෂ්ණත්ව මාපයකින් එය මනිනවා. රුධිර පීඩනය ඇති බවට සැක ඇති වූ විට රුධිර පීඩනය මැන බලනවා. රුධිරයේ සාන්ද්‍රණය අනුව කායික රෝග ගැන තහවුරුව කර ගන්නවා. වේදනාව මැනීමට තවමත් කිසිදු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයක් නොමැත. වේදනාව මැන බැලීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බැව් ඇය සඳහන් කරනවා.
වේදනාවට ප්‍රතිකාර අවශ්‍ය ඇයි?
එදිනෙදා ජීවිතය අපහසුවක් නොවන පරිදි ගත කිරීමට.
රෝගියා සමග ජීවත්වීමට.
ජීවිතයේ කාර්යක්ෂමතාවය පවත්වා ගැනීමට.
රෝගියා විසින් ලබා දෙන ශ්‍රේණිගත කිරීම
එක්සත් රාජධානිය වැනි රටවල වේදනාව මැනීම සඳහා අංක ක්‍රමයක් භාවිත කරනවා. ඒ අනුව 0 සිට 10 දක්වා වූ අගයකින් රෝගියා විසින්ම වේදනාව තක්සේරු කරනවා. My pain is 8 එහෙම නැත්නම් My pain is 5 ලෙසය. මෙම ගනණය Visual analogue scale යනුවෙන් හැඳින්වෙනවා.
මේ විදිහට රෝගියා විසින්ම ලබා දෙන තක්සේරුවෙන් ආරම්භ කරන වේදනාව එයින් පසුව ලබා දෙන ප්රතිකාරවලින් පසුව රෝගියාට වේදනාවෙන් ලැබෙන සහනය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. රෝගියා විසින් ලබා දෙන ශ්‍රේණිගත කිරීම විශ්වාසවන්තද යන ගැටලුව එයයි.සායනික කරුණුවලින් පවා පෙන්වා දෙන්නේ වේදනාව ප්‍රකාශ කිරීමට නිසි මිනුමක් නොමැති නිසා වෛද්‍යවරුන්ගේ තීරණ පවා අගතිගාමී වීමට ඉඩ තිබෙන බැව් පර්යේෂක පියර්සන් සඳහන් කරනවා.

වේදනාව කියවන්න ජෛව සලකුණු
යමෙකුගේ වේදනාවේ තරම කියවීමට මිනුමක් අවශ්‍ය බැව් ඔහායෝ හි ක්ලීව්ලන්ඩ් සායනයේ වේදනාව පිළිබඳ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කාර්ල් සාබ් සඳහන් කරනවා. ඒ වෙනුවෙන් ජීව සලකුණු යොදා ගත හැකි බැව් ඇගේ අදහසයි. “ජීව සලකුණු නොමැතිව අපට වේදනාව නිසි ලෙස හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට අවස්ථාවක් නැහැ.”
සාබ් ඇතුළු පර්යේෂක කණ්ඩායම විසින් බ්‍රවුන් සරසවියේදී මොළයේ ක්‍රියාකාරකම් අඩු වැඩි වන ආකාරය මැනිය හැකි උපකරණයක් නිර්මාණය කළා. එහිදී වේදනාවකදී මොළයේ “තීටා තරංග” ඉහළ යන අතර වේදනානාශක ලබා දීම මගින් එම තරංග අඩු වෙන බවත් පැහැදිලි වුණා. නමුත් “තීටා තරංග” පාදක කරගෙන වේදනාව මැනීම ගැනත් විවේචන එල්ල වී තිබෙනවා.
මොළයේ ක්‍රියාකාරීත්වය ප්‍රයෝජනවත් ජෛව සලකුණක් වුණත් ප්‍රාථමික ප්‍රතිකාර ලබා ගැනීමේදී මොළයේ ක්‍රියාකාරීත්වය මැන බැලීම වැනි ක්‍රමවේදයන් අනුගමනය කිරීම ප්‍රායෝගික ලෙසින් අපහසු කාර්යක්. ඒ නිසා වේදනාවට නිසි ප්‍රතිකාර දීම සහ වේදනාව මැන බැලීම අළලා වූ අධ්‍යයනයන් අනාගතයට බාර කළ යුතු බවත් මෙම පර්යේෂකයින් විසින් සඳහන් කරනවා. එක්සත් ජනපදයේ ඉන්දියානා පර්යේෂකයින් විසින් ශරීරයේ වේදනාවන් ඇති වන විට ඒ ගැන හඳුනා ගත හැකි රුධිර පරීක්ෂණයක් හඳුනාගෙන තිබෙනවා.
ශරීරයේ වේදනාවක් ඇති විට ක්‍රියාත්මක වන ජාන විශේෂයක් ඔවුන් හඳුනාගෙන තිබෙනවා. එම ජෛව සලකුණු මගින් වේදනාවේ ප්‍රමාණය ගැන තහවුරු කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී කායික වේදනාවන් දරා ගත නොහැකිව පුද්ගලයන් සිය දිවි හානි කර ගැනීමට පවා යොමු වන බැව් නිරන්තරව වාර්තා වෙනවා.
වේදනාව වෙනුවෙන් මිනුමක් තිබෙනවා නම් රෝගියෙකුට ප්‍රතිකාර ලබා දීමේ පහසුව වෛද්‍යවරයාට ලැබෙන බැව් අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසාම වේදනාව මැනීම වෙනුවෙන් වූ ක්‍රමවේදයන් හඳුනා ගැනීම වෛද්‍ය විද්‍යාවට අනුබද්ධ වූ පැතිකඩක් බැව් දැන් පර්යේෂකයන් විසින් පිළිගෙන තිබෙනවා.
( බී. බී. සී පුවත් ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️