අවශ්‍ය ද්‍රව්‍ය
අඟල් 2 ක් පමණ මහත රතු රෙදි තීරු අවශ්‍ය පමණ
ඉදි කටුවක් හා නූලක්
BBQ ස්ටික් එකක්
Green tape එකක්
ෆැන්සි සෙලෝපේන් කැබැල්ලක්
සාදාගන්නා ආකාරය
රතු රෙදි කැබැල්ල ගෙන මැදින් හරහට දෙකට නවා කොනක සිට මැදක් වනතෙක් රෝල් කරගෙන ගොස් සියල්ල එකතු කොට මැහුමක් යොදන්න. නැවතත් රවුම් කරමින් ගොස් යළිත් මැහුමක් යොදන්න.
මෙලෙස රෙදි තීරුවම අවසන් වනතෙක් රවුම් කරමින්, මසමින් රෝස මල නිමකරගන්න. පසුව BBQ ස්ටික් එක ගෙන රෝස මල මැදින් යවා නැට්ට ලෙස යටින් මතුකරගන්න. ග්‍රීන් ටේප් එක ගෙන BBQ ස්ටික් එක වටා ඔතාගන්න.
සකසාගත් රෝස මල වටා සෙලෝපේන් කොළය ඔතා නූලකින් ගැටගසාගන්න. නූල නොපෙනෙන ලෙස නැවතත් ග්‍රීන් ටේප් එක ඔතාගන්න. මෙම රෝස මල ඔබට කඩදාසි මගින් රෝස කොළ කපා සකසා, රිබන් කැබැල්ලක් ඔතා අලංකාරය වැඩිකරගත හැක.

Nishazs Decors ඇසුරින්
එරංදි කෞශල්‍යා ✍️