නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයා මගෙ පණ කිව්ව ගමන්ම පිළිගන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයා මගෙ පණ කිව්ව ගමන්ම පිළිගන්න එපා

Published February 12, 2024
“මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි” කියමින් දවසේ පැය විසිහතර පුරාවට ආලවන්ත කතා කිව්වාට ආදරේ මනින්න බැහැ. ආදරය කියන්නෙ හුදු වචනයක් පමණක් නෙවෙයි. එය හදවතින්ම ඇති වන හැඟීමක්. ඔබේ සහකරු සැබැවින්ම ආදරේ දැයි අවබෝධ කර ගැනීමට පුංචි ඉඟි කීපයක් මෙන්න...

හුරතල් වෙන්න කැමැතියි…

අපි කවුරුත් ආදරයට ආදරෙයි. ඒ නිසාම සමීපවන්තයා හෝ සමීපවන්තිය ඉදිරියේදී අහිංසක ලෙස හුරතල් වෙන්න කැමැතියි. ඔබ දෙදෙනා ගත කරන කාලය බෙහෙවින්ම ගුණාත්මකව ගෙවීම වැදගත්. නළල සිපගැනීම වැනි කටයුතුවල “මම ඔයාට ආදරෙයි” කියන වචන කීපයට ඔබ්බෙන් ගිය දැඩි ආදර බන්ධනයක් පවති.

සෙනෙහස දැක්වීම…

ඔබ දෙදෙනා පිටතදී PDA (Public display of affection) හෙවත් ප්‍රසිද්ධියේ සෙනෙහස දැක්වීම ඉඳහිට සිදු වීම ගැටලුවක් නොවේ. එහෙත් නිරන්තරවම ප්‍රසිද්ධියේ සිප වැළඳගැනීම, අනවශ්‍ය පරිදි ස්පර්ශ කිරීම එතරම් සදාචාර සම්පන්න නැත. එය අනාරක්ෂිත බවේ රතු එළියක්. මේ අන්දමින් ඔබ හැසිරෙන විට බොහෝ අය ඔබ ගැන ගොඩනගා ගන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් නොවේ.

ආදරයටත් සදාචාරය අවශ්‍ය නිසා ප්‍රසිද්ධියේ සෙනෙහස දැක්වීම ගැන දෙවරක් හිතන්න.ඉතාලියේ එබෝලි නගරයේදී තරුණ පෙම්වතුන්ට ප්‍රසිද්ධියේ සිප වැළඳ ගැනීමට කිසිදු ලෙසකින් අවසරයක් නැහැ. මේ නීතිය පනවන්නත් හේතුවක් තිබෙනවා. ආදරවන්තයින්ට හාදුවක් ගැනීමට අවශ්‍ය වුණාම තැනක් නොතැනක් නැහැ. ඒ නිසා වාහනයක ගමන් ගනිද්දී වුණත් වාහනය නවතා ඔවුනොවුන් සිප වැළඳ ගන්නා නිසා මාර්ග තදබද ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේදී ආදරවන්තයන් සිප වැළඳ ගැනීමට නීතියෙන් අවසර නැහැ.

සවන්දීම…

ඔබේ ආත්මීය සහකරු දුකේදීත් සැපේදීත් ඔබ සමීපව සිටින්නට සූදානම් චරිතයක්. ඒ නිසාවෙන්ම ඔවුන් ඔබ වෙත සාවධානව සවන්දෙන චරිතයක් ලෙස හැසිරෙනු ඇත. ඔබේ සතුට ඉදිරියේ සතුට පත් වෙන අතරවාරයේදී ඔබ දුක් මැසවිලි කියන විට ඒවාටත් හොඳින් සවන් දීමට සූදානම්. එයින් පෙනී යන්නේ ඔහු/ඇය ඔබ මුල් කරගත් ආදර සම්බන්ධතාවය ගැන දැඩි විශ්වාසයෙන් පසුවෙන බවයි. හොඳින් සවන්දෙන්නා වාසනාවන්ත කාලයේදීත්, අවාසනාවන්ත කාලයේදීත් ඔබ හැර නොයනු ඇත.

නිවසේ වැඩකටයුතුවලට දක්වන උනන්දුව…

එකවහලක් යට ජීවත්වන විට නිවසේ වැඩකටයුතු වෙනුවෙන් දෙදෙනාගේම දායකත්වය අවශ්‍යයි. සහකාරිය නිතරම මෙහෙකාරිය බවට පත්වීම පවුල් සංස්ථාව තුළ ගැටුම් වෙනුවෙන් මුල පිරීමකි. ඒ නිසා නිතරම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් සැමියාගෙන්ද යම් දායකත්වයක් ලැබීමෙන් පෙනී යන්නේ ඔහු බිරිඳට නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් සහයෝගය දෙන සැබෑම ආදරවන්තයෙකු බවයි. ඔවුන්ගේ පිරිමි පෞරුෂයට කිසිදු හානියක් සිදු වන්නේ නැත.නමුත් ආදරයේ බැඳීම තව තවත් ශක්තිමත් වේ.

ඉලක්ක ජය ගැනීම…

ඔබට සැබෑම ආදරවන්තයෙක් සිටිනවා නම් ඔබේ ඉලක්ක ඔහු/ඇයගේත් ඉලක්ක වනු ඇත. ආදරය ඉදිරියේ පුද්ගලික න්‍යාය පත්‍ර නැත. ඔබ දවස පුරාම ආදරවන්තයා සමග ගත කළත් ඉවරයක් නැති කෙටි පණිවිඩ එව්වත් එයින් ඔහු/ඇය සැබෑම ආදරවන්තයෙක් යැයි තහවුරු වන්නේ නැත. ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි කාලයක් කැප කිරීමට ඔබේ සහකරු ඔබව දිරිමත් කරන්නේ නම් එය පරිණතභාවයේ සහ සැබෑ ප්‍රේමයේ ලකුණකි. ඔබට මෙන්ම ඇය/ඔහුට සිහින ලුහුබැඳීමේ අයිතිය ඇත. සැබෑ ආදරවන්තයෙකු විසින් ඔවුන්ගේ ඉලක්ක ජය ගැනීමට හදවතින්ම ශක්තිය සහ ධෛර්ය ලබා දීමට බැදී සිටී.

මට ඔබ මිසක…

ඔබේ හදවත දිනාගත් ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබ මුලා නොකරන බව තේරුම් ගැනීමට ඔබටම පුළුවන්. සැබෑ ආදරවන්තයා ඔබ ගැන පවුලේ උදවිය සමග වගේම නෑදෑ හිතමිතුරන් සමගත් කතා කරන්න සූදානම්. ඊට හේතුව ඔහු/ඇය ගේ ආදර ලෝකයේ එකම චරිතය ඔබයි. නමුත් ආදරවන්තයා ඔබ ගැන පවුලේ උදවිය සමග වගේම නෑදෑ හිතමිතුරන් සමගත් කතා කිරීමට අකමැති නම් එතැන යම් සැකයක් තිබෙනවා. ඔබ සමග ඔහු/ඇය අනාගතය ගොඩනගා ගැනීමට සූදානම් නම් අනාගත සහකරු ගැන විවෘතව කතා කරන්න බිය විය යුතු නැහැ.

( https://brightside.me ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Love, Public display of affection, Valentine, මගෙ පණ, වැලන්ටයින්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?