නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නැටුම් ගැයුම් රැඟුම් රැගත් නිල් සයුරේ ජේත්තුකාරයා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නැටුම් ගැයුම් රැඟුම් රැගත් නිල් සයුරේ ජේත්තුකාරයා

Published February 5, 2024

Icon Of The Seas

ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව ලෙසින් සැළකෙන “අයිකන් ඔෆ් ද සීස්” එහි පළමු සංචාරකයන් පිරිස රැගෙන සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා. අමෙරිකාවේ ෆ්ලොරීඩාවේ මියාමි සිට නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර දින 7 ක් කැරිබියන් දූපත් ආශ්‍රිතව සිය මංගල ගමන සිදු කිරීමට නියමිතයි.

2016 ඔක්තෝම්බර් මාසයේදී Royal Caribbean සහ Meyer Turku විසින් “Icon” යන ව්‍යාපෘති නාමය යටතේ නැව් දෙකක් තැනීමට වූ යෝජනාව මඟින් මෙම නැව තැනීමේ ආරම්භය සිදුව තිබෙනවා. එමෙන්ම Icon Of The Seas සඳහා වානේ කැපීම 2021 ජූනි මාසයේදී ආරම්භ කර තිබෙනවා.

එකවර මගීන් 6600 කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම නෞකාවෙන් එහා මෙහා ගෙන යාමට හැකියාව පවතිනවා. ඒ වගේම නැවේ සේවකයන් 2000 කට අධික පිරිසක් සේවය කරන බවටයි වාර්තා වන්නෙ. අඩි 1,198 ක් දිග, ටොන් 248,663 ක් බර “අයිකන් ඔෆ් ද සීස්” විනෝදස්වාදය උපරිමෙයෙන් පිරි මගී ප්‍රවාහන සුඛෝපභෝගී නෞකාවකි.



1912 වසරේදී අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණ දුන් ටයිටැනික් නෞකාවට වඩා පස් ගුණයකින් විශාල මෙම නැව තට්ටු 18 කින් සමන්විත වෙනවා. රෝයල් කැරිබියන් කෲස් ලයින් සමාගම විසින් ඩොලර් බිලියන 2 ක් වැයකර ඉදිකරන ලද මෙම දැවැන්ත නෞකාව විශාල පිහිනුම් තටාක හතක් සහ විශාල දියඇලි හයකින් සමන්විත වෙනවා. එයින් එක පිහිනුම් තටාකයක් තමයි ලොව ඕනෑම මගී ප්‍රවාහන නෞකාව තිබෙන ගැඹුරුම පිහිනුම් තටාකය වන්නෙ.

මෙම නැවේ ආපනශාලා සහ තැබැරූම් හතලිහකට අධික ප්‍රමාණයක් තිබෙනවා. එයින් එක් තැබෑරුමක් විශේෂ වෙනවා. එයට හේතුව වන්නෙ බීම වර්ග පිළිගැන්වීමට වේටර්වරු වෙනුවට රොබෝ අත් එහි තිබීමයි. ඒ තරම් දියුණු තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන තමයි මෙම නෞකාව ඉදිකර තිබෙන්නේ. ඒ වගේම කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීමට උද්‍යාන කිහිපයක් මෙම නෞකාව සතුවෙනවා.

හරියටම නැව මැද සෙන්ට්‍රල් පාර්ක් එකක් තිබෙනවා. එය එකවර 2000 කට අධික පිරිසකට නැරඹීමේ හැකියාව පවතිනවා. නිෂ්පාදිත සමාගම පවසන්නේ නැවේ උසම දිය ඇල්ල, උසම ජල ස්ලයිඩය, විශාලතම ජල උද්‍යානය ලෝකයේ මෙතෙක් පවතින නෞකාවලින් අත්විඳිය නොහැකි නවමු අත්දැකීමක් මෙම නෞකාව මඟින් ලැබිය හැකි බවයි.

මෙම නෞකාවේ තිබෙන මුළුතැන්ගෙයි දවසකට ආහාරවේල් තිස්දාහකට වඩා වැඩි ප්‍රමාණයක් සෑදීමට හැකියාව පවතිනවා. ඒ වගේම මෙම කුස්සියට සතියකට ආසන්න වශයෙන් මිලියන එකක ආහාරපාන හා අමුද්‍රව්‍ය අවශ්‍ය වන බවටයි පැවසෙන්නෙ.

මෙම නැවේ බහු ඉන්ධන එන්ජින් හයක් ඇති අතර එය 67,500 kW බලයක් ජනනය කරනවා. එන්ජින් LNG සහ ආසවනය කරන ඉන්ධන යන දෙකින්ම බලගැන්විය හැකිය. නමුත් පරිසරවේදීන් අනතුරු අඟවන්නේ ස්වභාවික ද්‍රව වායුවකින් ක්‍රියාත්මක වන නිසා මෙම නෞකාවෙන් අහිතකර මීතේන් වාතයට කාන්දු වන බවයි. ස්වභාවික ද්‍රව වායු සාගර ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමෙන් සමුද්‍ර වායු තෙල්වලට වඩා 120% වැඩි හරිතාගාර වායු විමෝචනයක් වන බව ඇස්තමේන්තු කර ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

අර්චිත ඉඳුවර ✍️

TAGGED: Icon Of The Seas, Royal Caribbean, අයිකන් ඔෆ් ද සීස්, නිල් සයුරේ ජේත්තුකාරයා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?