නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වාසි ගන්න හෙමින් කන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වාසි ගන්න හෙමින් කන්න

Published February 5, 2024
ආහාර අනුභව කිරීමේදී අප විසින් දක්වන ප්‍රතිචාර සෞඛ්‍ය තත්ත්වයට ඉතා සමීප ලෙසින් බලපාන බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙනවා. ඔබ කැමැත්තක් දක්වන ආහාරයක් දුටු පමණින් ඔබේ සිතට ඇති වෙන්නේ සතුටක්. මේ සතුට නිසා ඔබගේ මොළයෙන් ඩොපමින් රසායනය නිදහස් කරන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඒ නිසාම ආහාර සහ අපේ මොළයේ රසායනයන් අතර ඉතා ප්‍රභල අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා.

විනය අවශ්‍යයි

ආහාර ගැනීමේදී අපට විනයක් තිබීම වැදගත්. ඒ නිසාම අපේ පැරන්නන් වේගයෙන් ආහාර ගන්නා විට දොස් නගනවා. හොඳින් විකා සෙමින් ආහාර අනුභව කිරීමට ඔවුන් නිතරම උපදෙස් ලබා දුන්නා. සෙමින් ආහාර ගැනීමෙන් අපට බොහෝ ප්‍රතිලාභ ලැබෙනවා.

දැන් ඔබ මේ විදිහට කියාවි

අද තිබෙන කාර්යබහුල ජීවිතය නිසා සැප පහසුවට වාඩි වෙලා බත් කටක් කන්න අපට වෙලාවක් නැහැ. කටට දෙකට ගිල දානවා මිසක් බත් ටික හපලා කන්නවත් කෝ වෙලාවක්? ඔබ එහෙම සිතුවත් කලබලයෙන් කටට දෙකට ගිල දැමීමට වඩා අඩුම වශයෙන් විනාඩි 20 ක්වත් හොඳින් ආහාර විකා, සෙමින් අනුභව කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ රාශියක් ලැබෙනවා.

ආහාර රසය දැනෙනවා

ඔබ සෙමින් හොඳින් විකා ආහාර ගැනීමේදී එහි රසය හොඳින් බුක්ති විඳීමට හැකියාවක් ලැබෙනවා. ආහාරයේ රසය ගැන දැනෙන සංවේදනය නිසා ආහාරය ගැනීමෙන් පසුවත් ඔබේ සිතට තෘප්තිමත් හැඟීමක් ඇති වෙනවා. ඔබ වේගයෙන් ආහාර අනුභව කරන විට මේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ

අවබෝධයකින් ආහාර ගැනීම

ආහාර පංගුව දුටු සැණින් එය අනුභවයට යොමු වීමට වඩා සෙමින් ආහාර ගන්නා විට පෝෂණය ගැනත් සිතන්නට අවස්ථාවක් ලැබෙනවා. අනවශ්‍ය පරිදි තෙල්, සීනි සහ ලුණු අධික ආහාර තෝරා බේරාගෙන පෝෂණ ප්‍රභවයන් සහිත ආාහර පංගුව බුද්ධිමත් ලෙසින් තෝරා ගැනීමේ අවස්ථාව මේ සෙමින් ගමනෙන් ඔබට ලැබෙන තවත් ප්‍රතිලාභයක්.

ශරීර බර පවත්වා ගැනීම

කවුරුන් හෝ ඔබේ බත් පිඟාන උදුරා ගැනීමට එන විට හැසිරෙන ආකාරයෙන් ඔබ වේගයෙන් ආහාර අනුභව කරන විට කුස පිරුනත් ඒ බැව් ඔබට දැනෙන්නේ නැහැ. නමුත් සෙමින් ආහාර ගන්නා විට ඔබේ මොළයෙන් කුස පිරී ඇති බවට වූ පණිවිඩය ලැබෙනවා. ඒ නිසා අනවශ්‍ය අන්දමින් සිරුරේ කැලරි ගබඩා වීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා සෙමින් ආහාර අනුභව කරන්න. ඔබේ ස්කන්ධ කාර්ය දර්ශකය මනාව පවත්වා ගැනීමට එයින් ලැබෙන වාසිය මග හරින්න එපා.

ආහාර ජීරණයට පහසුවක්

හොඳින් විකා ආහාර අනුභව කරන්න යැයි වැඩිහිටියන් එදා ලබා දුන් අවවාදය අදටත් ගැළපෙන බැව් ඔබ තේරුම් ගන්න. කටට ගත් සැණින් ගිල දැමීමට වඩා විනාඩි කීපයක් ඔබ ගන්නා ආාහරය විකන්න. එවිට ආහාර ජීරණය පහසු වෙනවා. ඒ වගේම සෙමින් ආාහර ගන්නා විට මොළයෙන් සතුටු හෝර්මෝනය හෙවත් “ඩොපමින්” නිදහස් වීමද සිදු වෙනවා. ඒ නිසා ඔබ මානසිකව නීරෝගී පුද්ගලයෙකු බවට පත් වෙනවා.

දන්ත සෞඛ්‍යයට

හොඳින් ආහාර විකන විට කෙළ උත්තේජනය වෙනවා. ඒ නිසා දත් අතර රැඳී තිබෙන ආහාර අංශු සේදී යෑම නිසා බැක්ටීරියා වර්ධනය වීමේ අවදානමත් අඩු කරනවා. ඒ වගේම මුඛයේ ඇති අහිතකර සීනි සහ අම්ල වැනි දේ සමතුලිත වීම නිසා දන්ත සෞඛ්‍ය ඇති වීමත් හොඳින් හැපීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභයක්.

(Harvard Health web ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Discipline, health, Meals, ආහාර අනුභව, හෙමින් කන්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?