අපි එළිසබෙත් රැජිනගේ බොහෝ තොරතුරු දැනගත්තත් ඇගේ දියණිය වන ඈන් කුමරිය ගැන එතරම් දැනුවත් වීමක් නැහැ. ඈන් කුමරිය එලිසබෙත් රැජිනගේ එකම දියණියයි. ඇය පවුලේ දෙවැනි දරුවා වන අතර චාල්ස් රජුගේ සහෝදරියයි.
ඈන් කුමරිය උපත ලබන විට රාජ්‍යත්වය හිමිවීමේ අනුපිළිවෙළ අනුව ඇය තුන්වැනියා වුණත් අද වනවිට ඇය සිටින්නේ 16 වන ස්ථානයේයි. 1987 ජූනි මාසයේදී ඈන් කුමරියට “රාජකීය කුමරිය” යන පදවි නාමය ප්රදානය කරන ලදී.දෙවරක් විවාහ වුණ ඈන් කුමරියගේ පළමු සැමියා කපිතාන් මාර්ක් පිලිප්ස් වන අතර ඔවුන් දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙකි. පීටර් සහ සාරා ඒ දරුවන් දෙදෙනායි. දෙවැනි වරට ඈන් කුමරිය වයිස් අද්මිරාල් ටිමති ලෝරන්ස් සමග විවාහ වූවාය. මවුන් බැටන් වින්ඩ්සර් යන වාසගම නිල ලේඛනයක සටහන් කිරීමේ අයිතිය ඇති ඈන් කුමරිය ඇගේ දෙවන වර විවාහයේදී ඒ නම භාවිත කළාය.
ඈන් කුමරිය වයස අවුරුදු 18 දී පටන්ම සමාජ කටයුතුවල නිරත වූ අතර ඇගේ මුල්ම මහජන කටයුත්ත වූයේ 1969 වසරේදී එංගලන්තයේ ශ්රොප්ෂයර්හි පැවැති අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සම්බන්ධ වීමයි.
ඈන් කුමරිය අශ්වයන් පිට යෑමට වඩාත් ප්‍රිය කරන අතර 1976 වසරේදී මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් අශ්වාරෝහක ඉසව්ව වෙනුවෙන් ඇය ඉදිරිපත් වූවාය. එතැන් පටන්ම ඇය පොදුරාජ්‍ය මණ්ඩලය පුරා පිහිටි පුණ්‍යායතන හා සංවිධාන සමග සම්බන්ධතාවන් ගොඩනගාගත් කාන්තාවකි. රාජකීය පවුලේ සෙසු සාමාජිකයන්ට වඩා ඇගේ සමාජ සම්බන්ධතාවන් ප්‍රබල මට්ටමක ඇත. 1970 වසරේ පටන් ඈන් කුමරිය මහා බ්‍රිතාන්‍යයේ Save the Children සංවිධානයේ සාමාජිකත්වය දරන්නීය. ඊට අමතරව එක්සත් රාජධානියේ සහ විදේශයන්හි පිහිටි පුණ්‍යායතන , සංවිධාන සහ හමුදා රෙජිමේන්තු 300 කටත් අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධව සිටින්නීය.
2018 වසරේදී ඈන් කුමරිය ආදිපාද එඩ්වඩ් කුමරු සමග ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරු උත්සවයට සහභාගී විය. පෙබරවාරි 5 වැනි දින දක්වා ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. Save the Children ව්‍යාපෘතින්හි තොරතුරු ලබාගැනීම සඳහා 1995 වසරේ මාර්තු මාසයේදී ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය. ඒ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේ ඉල්ලීම මතයි.පසුගිය 10 වැනි දින ඈන් කුමරිය සහ ඇගේ සැමියා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුහු ජනවාරි 12 වැනි දින දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටියහ.
බී.බී.සී. පුවත් ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️