ඇපල් ගසේ සිට බිමට වැටුණ ගෙඩිය දුටු සර් අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ නියමය සොයා ගත්තා. පොළොවට තිබෙන ගුරුත්වය ගැන ඔහු විසින් හඳුනාගත් නියමය අභ්‍යවකාශ ගමනේදී වෙනස් අතකට යොමුවන බැව් දැන් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබෙනවා…
අභ්‍යවකාශ ගවේශනය අද තරගකාරී ස්වභාවයකින් සිදුවන්නක්. මේ නිසා දිගුකාලීන වශයෙන් අභ්‍යවකාශ චාරිකාවන් වෙනුවෙන් සහභාගීත්වය වැඩි වෙමින් පවතිනවා. නමුත් දිගුකාලයක් පුරා අභ්‍යවකාශ චාරිකාවන්හි යෙදෙන විට මොළයේ ක්‍රියාකාරීත්වය අපි සාමාන්‍යයෙන් පෘථිවියේදී ජීවත්වෙන විට මොළය දක්වන හැසිරීමට වඩා වෙනස් බැව් මේ වනවිටත් විවිධ අධ්‍යනයන් මගින් හඳුනාගෙන තිබෙනවා.
ලීප් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් දිගුකාලීන අභ්‍යවකාශ චාරිකාවන්හි යෙදෙන විට මොළය දක්වන ප්‍රතිචාර ගැන පර්යේෂනයන් සිදුකරමින් සිටිනවා. අපි වීදුරුවක් පොළොවට පතිත කළ විට එය අනිවාර්යෙන්ම බිඳෙනවා. ඒ ගැන දෙවතාවක් සිතන්න අවශ්‍ය නැහැ. පොළොවට ඇති ගුරුත්වාකර්ෂණය නිසා එසේ සිදු වුණත් මේ නියමය අභ්‍යවකාශ චාරිකාවන්හිදීත් සාධාරණව සිදු වන්නේද යන්න ගැනත් සිතන්න කාලය ඇවිත්.
පොළොවේ ඇති ගුරුත්වාකර්ෂණය හඳුනා ගැනීම අපට වඩාත් වැදගත්. විශේෂයෙන් ක්‍රිකට් සහ ටෙනිස් වැනි ක්‍රිඩාවන්හිදී පොළොවේ ඇති ගුරුත්වාකර්ෂණය ගැන අවබෝධයක් ලබා ගන්නා ක්‍රීඩකයන්ට ඒ හඳුනාගැනීම ඔවුන්ගේ ක්‍රිඩාවේ ලකුණු රැස් කිරීමේ කටයුතුවලදී ඉතාම වැදගත්. නමුත් අභ්‍යවකාශයේදී මේ ගැන දැනගෙන බැහැ.
ඔබ පෘථිවියේ ගුරුත්වාකර්ෂණය ගැන කොතරම් දැන සිටියත් මේ නියමය අභ්‍යවකාශයේදී ගැළපෙන්නේ නැහැ. අභ්‍යවකාශයේදී අපට බර දැනෙන්නේ නැහැ. ඒ නිසා මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. දැන් ඔබ මේ විදිහට සිතන්න පුළුවන්. අභ්‍යවකාශයේ සිට නැවත පෘථිවියට පැමිණි විට මොළයේ ක්‍රියාකාරීත්වය නැවතත් පෙර පරිදි හැඩ ගැසෙනවා ඇත. ඔව් එසේ හැඩගැසෙන බව ඇත්ත. නමුත් ඒ වෙනුවෙන් මාස හයක කාලයක් අවශ්‍ය වෙනවා.
ඒ නිසා දැන් අභවකාශ චාරිකාවන්හි යෙදෙන පුද්ගලයන් සඳහා මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන අන්දම ගැන දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් ඇති වී තිබෙනවා. අභ්‍යවකාශ චාරිකාවන්හි යෙදීමෙන් පසුව නැවතත් මොළයේ ක්‍රියාකාරීත්වය පෘථිවියට අනුවර්තනය වීමට කාලයක් අවශ්‍ය බවට වූ දැනුවත් කිරීම් සිදු කිරීමත් අත්‍යවශ්‍ය බැව් දකුණු කැරොලයිනාවේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයින් සඳහන් කරනවා.
https://www.deccanchronicle.com ඇසුරෙන්
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️