නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිරෝගීව ඉන්න පීනන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිරෝගීව ඉන්න පීනන්න

Published January 22, 2024

පිහිනීම කියන්නේ අපේ ජනසමාජයට අලුත් දෙයක් නොවෙයි. ඇලක දොලක පැන පිහිනා නෑම ඔවුන්ගේ ජීවිතයේ රටාවක්. ඒ වගේම පිහිනීමට ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර අවශ්‍ය නැහැ. නමුත් අද තත්ත්වය වෙනස්. අද කුඩා වයසේ පටන්ම දරුවන් පිහිනීම ඉගෙන ගැනීමට ගුරුවරයෙකුගේ මග පෙන්වීම ලබා ගන්නවා. පිහිනීම ඉතාම හොඳ ව්‍යායාමයක් බැව් දන්නා මව්පියන් තමන්ගේ දරුවන් බාල කාලයේ පටන්ම පිහිනීමේ කටයුතු වෙනුවෙන් යොමු කරනවා. ස්වභාවික ජලාශයන් නැති නිසා පිහිනුම් තටාක වෙත හෝ තමන්ගේ දරුවන් රැගෙන යෑමට මව්පියන් පසුබට වෙන්නේ නැහැ. පිහිනීම මගින් ව්‍යායාමයන්ටත් වඩා ඔබ්බට ගිය සෞඛ්‍ය ප්‍රතිලාභ තිබෙන බැව් ඔබ තවමත් නොදන්නවා ඇති.

මානසික සෞඛ්‍ය තත්ත්වයට

නවසිලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ව්‍යායාම සහ පාරිසරික මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ජේම්ස් කෝටර් සඳහන් කරන අන්දමට පිහිනුම් ව්‍යායාමවල යෙදීම මානසික සෞඛ්‍ය තත්ත්වයට ඉතා හොඳ වන අතර වේදනාව කළමනාකරණයේදී මෙයින් වැඩි වාසි ලැබෙන බවත් මහාචාර්යවරයා සඳහන් කරනවා. මෙම අධ්‍යයනයේ සහය කර්තෘවරයෙක් වන ඇන්ඩෘ පවර් සඳහන් කරන අන්දමට පිහිනීම නිසා ඔබට ලැබෙන වාසි කෙටිකාලයකට සීමා වෙන්නේ නැති බවයි. එය දිගුකාලීන සෞඛ්‍ය වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබා දෙන බැව් ඔහු සඳහන් කරනවා.

2033 වසරේ ප්‍රකාශිත Journal of Psychology හි සඳහන් අන්දමට පිහිනීමේදී මොළයෙන් ඩොෆමින් (Dopamine) සෙරොටොනින් (Serotonin) වැනි සතුටු හෝර්මෝන නිදහස් වෙනවා. සෙරටොනින් අපේ මනෝභාවයන් පාලනය කරන ස්වභාවික රසායනයක්. සෙරටොනින් අඩුවීම නිසා අපට නින්ද පිළිබඳ ගැටලු, මානසික පීඩනය, කාංසාව, සිය දිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වීමට හේතු වෙනවා. නමුත් ඔබ පිහිනීම ව්‍යායාමයකටත් වඩා විනෝදාංශයක් විදිහට සිදු කරනවා නම් ස්වභාවික ලෙසින් ඔබේ මොළයේ සෙරටොනින් මට්ටම ඉහළ යෑමක් සිදු වෙනවා. එවිට මුලින් සඳහන් කළ සියල්ලම ඔබට නොමිලයේ ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

ශාරීරික අධ්‍යාපනය පිළිබඳ ඇමරිකානු මාර්ගෝපදේශ සංග්‍රහයේ දැක්වෙන අන්දමට ඔබ ස්වායු ව්‍යායාමවල යෙදෙනවා නම් අවම වශයෙන් සතියකට මිනිත්තු 150 ක් ඒ වෙනුවෙන් යෙදවීමට සිදු වෙනවා. නමුත් ඔබ ව්‍යායාමයක් ලෙසින් පිහිනීමේ යෙදෙනවා නම් විනාඩි 30 බැගින් සතියකට දින තුනක කාලයක් පිහිනීම හොඳින්ම ප්‍රමාණවත්. ඒ සමග ඇවිදීම වැනි තවත් අතිරේක කාර්යක යෙදුනොත් ඔබේ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් ලෙසින් පවත්වා ගත හැකි බැව් ක්‍රීඩා වෛද්‍ය ග්‍රාන්ට් රෙඩ්මාර්චර් විසින් සඳහන් කරනවා.

ආයුෂ වැඩි වීම

2017 වසරේ එංගලන්තයේ සිදු කරන ලද අධ්‍යයනයක සඳහන් වන පරිදි ඔබ පිහිනීමේ කටයුතුවල යෙදෙන අයෙක් නම් අකාලයේ මිය යෑමට තිබෙන අවස්ථාව 28% කින් අඩු වෙනවා. ඒ වගේම හෘදයාබාධයකට ගොදුරු වීමට ඇති අවදානමත් 41% කින් පහත වැටෙන බැව් මෙම අධ්‍යයනය මගින් පෙන්වා දී තිබෙනවා.ඒ වගේම පිහිනීම නිසා ඔබට සිහින් සිරුරක අයිතිය ලැබෙනවා. පිහිනීමෙන් ඔබේ උරහිස, දෙපා පිටුපස ප්‍රදේශය ක්‍රියාකාරී වෙන නිසා කැලරි 432 ක් දහනය වෙනවා. 2021 වසරේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ප්‍රකාශිත BMC Sports Science,Medicine and Rehabilitation අධ්‍යයන වාර්තාවට අනුව පෙන්වා දෙන අන්දමට සති 16 ක කාලයක් පිහිනීමේ කටයුතුවල යෙදීමෙන් ඔබේ සිරුරේ මේද දහනය වී ශරීර කාර්ය දර්ශකය (BMI) යහපත් අගයක පවත්වා ගැනීමේ වාසිය ලැබෙනවා.

හදවත නීරෝගී වෙනවා

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පුනරුත්ථාපන සහ විකලාංග පිළිබඳ මහාචාර්ය බ්‍රේන් කාර්බක් සඳහන් කරන අන්දමට පිහිනීම නිසා ලැබෙන ඔක්සිජන් සැපයුම මගින් හෘදයවස්තුවේ නීරෝගීතාවය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

පෙනහළුවල නීරෝගීතාවය

අද වන විට බොහෝ දෙනෙක් ඇදුම සහ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳිනවා. පිහිනීම නිසා පෙනහළුවල ධාරිතාවය වැඩි වී ස්වසනය පහසු වෙන අතර ඇදුම වැනි තත්ත්වයන්හිදී පිහිනීම ඉතා යහපත් ප්‍රතිඵල ලබා දෙන බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව Swim England වාර්තාවේ පෙන්වා දෙනවා.

සුවදායක නින්දකට

2013 වසරේදී National Sleep Foundation මගින් සිදු කරන ලද අධ්‍යයන වාර්තාව අනුව පිහිනීම මගින් ඔබේ සිරුරේ ජීව ඔරලෝසුව හොඳින් උත්තේජනය වෙනවා. රාත්‍රි කාලයේදී ඔබට සුවදායක නින්දක් ලබා ගැනීමට පිහිනීම ඔබ නොදන්නා අන්දමින් ඔබට උදව් වෙනවා.

අස්ථි නීරෝගිතාවයට

අද වෙන විට බොහෝ දෙනෙක් ආතරයිටිස් වැනි අස්ථි ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් පසු වෙනවා. පිහිනීම නිසා මෙම රෝගීන්ගේ අස්ථිවල තත්ත්වය වැඩි දියුණු කරන අතර ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමේ පහසුවත් ලැබෙනවා. ආතරයිටිස් නිසා ඇති වෙන Fibromyalgia රෝග තත්ත්වයේදී දැනෙන දරුණු වේදනාව සමනය කර ගැනීමට පිහිනීම ඉතා හොඳ ව්‍යායාමයක් බැව් මේ වෙන විටත් සිදු කරන ලද අධ්‍යයනයන් විසින් පෙන්වා දෙනවා. එම වාර්තාවන් මේ වෙන විටත් BioMed Research International මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

( Everyday health.com ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: Dopamine, Journal of Psychology, Medicine, Serotonin, නිරෝගීව ඉන්න
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?