නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයා ගොඩයන්න හරියට දැනගෙන ඔන්ලයින් බිස්නස් කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ඔයා ගොඩයන්න හරියට දැනගෙන ඔන්ලයින් බිස්නස් කරන්න

Published January 15, 2024

මේ වෙනවිට ලංකාවේ ජනප්‍රිය බිස්නස් ක්‍රමයක් තමයි ඔන්ලයින් බිස්නස් කියන්නේ. අපි අද කියල දෙන්නෙ ඔන්ලයින් බිස්නස් එකක් හරියටම ආදායම් ලැබෙන විදිහට කරන්නෙ කොහොමද කියලා. මේ බිස්නස් කරන්නන් වාලේ කරලා නම් හරියට ආදායම් ලබාගන්න බැහැ. ඒ නිසා ඔබ ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න කෙනෙක් හරි දැනටමත් ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක් හරි නම් මෙන්න මේ කරුණු ඔබට වැදගත් වේවි.

මොනවද මේ ඔන්ලයින් බිස්නස්?

මූලිකවම අන්තර්ජාලය හරහා තමයි මේ බිස්නස් සිදුවෙන්නේ. ඒක සමාජ මාධ්‍ය, වෙබ් අඩවි මේ ඕනෑම ආකාරයකට පුළුවන්. මේ වගේ ක්‍රම දැන් ලංකාවේ බහුල වෙලා තියෙන්නෙ කාර්යයබහුල අයට ශොපින් කරන්න යන්න වෙලාවක් නැතිකම නිසා වගේම ගෙදර ඉඳන් ආදායමක් උපයගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් වීම නිසයි.

අනෙක් හේතුව තමයි ලොකු ප්‍රාග්ධනයක් නැතුව ආරම්භ කරන්න පුළුවන් වීම. මොකද වෙනත් බිස්නස් එකක් වගේ නෙමෙයි ඔන්ලයින් බිස්නස් එකක් කරන්න මාකට් ප්ලේස් එකක් අවශ්‍ය නෑ.

මොන වගේ දේවල්ද අපට විකුණන්න පුළුවන්?

ඔන්ලයින් බිස්නස් එක්ක වුණා කියලා අපට විකුණන්න බැරි දෙයක් නෑ. අද වෙනකොට හාල් තුනපහ ඉඳලා වටිනා ගෘහ භාණ්ඩ වෙනකල් ඔන්ලයින් ක්‍රමය හරහා විකුණනවා. ඔබ බිස්නස් එකක් පටන්ගන්න ඉන්න කෙනෙක් නම් මුලින්ම බලන්න ඕනේ හොඳ මාකට් එකක් තියෙන බිස්නස් මොනවද කියලා.

දුර බැහැර ප්‍රදේශවලින් මිලට ගන්න අපහසු දුරකථන උපාංග, තාක්ෂණික මෙවලම්, සෙල්ලම්බඩු, ඇඳුම්, සපත්තු, සාරි වගේ විතරක් නෙමෙයි ස්වයං රැකියා කරන අයට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න මේක හොඳ ක්‍රමයක්. ඉස්සෙල්ලම වෙළෙඳපොළ සමීක්ෂණයක් කරලා අපට හොඳටම විකුණන්න පුළුවන් දේවල් අඳුනගත්ත නම් වැඩේ කරන්න ලේසියි.

විකුණන භාණ්ඩය පාරිභෝගිකයින්ට සමීප කිරී​ම

මේ ඔක්කොම අතරෙ ප්‍රඩක්ට් එකේ ගුණාත්මකභාවය ගැන තමා වැඩිපුරම හිතන්න ඕනේ. බිස්නස් එක අනුව ඉස්සෙල්ලම ලෝගෝ එකක් හදලා, ෆෙස්බුක් පේජ් එකක් හදලා ඒකේ ඔයාලගෙ ප්‍රඩක්ට්ස් දාන්න පුළුවන්. ෆෙස්බුක් පේජ්වල ප්‍රමෝශන් ෆැසිලිටි එකෙන් අපිට යම්කිසි මුදලක් ගෙවලා ෆෙස්බුක් එකේ ඕඩියන්ස් එකට ප්‍රමෝට් කරවන්න පුළුවන්.

ඒ වගේම වෙබ්සයිට් එකක්, බ්ලොග් එකක් හදලා ඒකෙ ප්‍රඩක්ස් දාගන්න පුළුවන්.අද ගොඩාක් අය අන්තර්ජාලය පරිහරණයට පුරුදු වෙලා නිසා බයක් නැතුව ඔයාගෙ ප්‍රඩක්ට් මිනිස්සු අතරට ගෙනියගන්න ලේසියෙන්ම පුළුවන්. ඔයාලට ආවේණික ක්‍රම ටිකක් හදාගෙන ප්‍රඩක්ට් විකුණගන්නත් පුළුවන්.

ෆෙස්බුක් එකේ බිස්නස් කරන ගෲප්ස් ඕන තරම් තියනවා. ඒවට ජොයින් වෙලා. පෝස්ට් දාලා බිස්නස් කරගන්න පුළුවන්. වෙනම අකවුන්ට් එකක් හදලා ඒකෙන් අලෙවි කරලා කස්ටමර්ගෙ විශ්වාසය දිනාගත්තොත් ඔයාට දිගටම ඒ විදියට බඩු විකුණගන්න පුළුවන්. බඩු විකුණන අතරෙ ඔයාගෙ පේජ් එක ප්‍රමෝට් කරගන්නත් අමතක කරන්න එපා. මතක ඇතුව කස්ටමර්ගෙ ෆීඩ්බැක් එක පේජ් එකට අරගන්න ඕනේ.

පේමන්ට්ස් ගන්න විදිහ

මේ වෙනකොට ලංකාවේ ඔන්ලයින් බිස්නස් “කෑශ් ඔන් ඩිලිවරි” විදිහට හා “බෑන්ක් පේමන්ට්” යන දෙයාකාරයටම සිද්ද වෙනවා. සාර්ථකව වගේම කස්ටමර් කැමති විදියට කෑශ් ඔන් ඩිලිවරි ජනප්‍රිය වුණත් එතනදි සෙලර් කෙනෙක් විදියට මුහුණපාන්න වෙන ගැටළු ටිකක් තියනවා.

ඒ තමයි කෑශ් ඔන් ඩිලිවරි කරන හොඳ කුරියර් සර්විස් එකක් තෝර ගැනීම, ඩිලිවර් කළාට පස්සෙ පාර්සල් එක කස්ටමර් රිජෙක්ට් කිරීම, ඕඩර් එක දාලා ඩිලිවරි පාට් එකට ගියාම කස්ටමර් බ්ලොක් කිරීම, කුරියර් සර්විස් එකෙන් පාර්සල් එක ඩිලිවර් කරන එක ප්‍රමාද වීම වගේ දේවල් අද ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන අයට විඳින්න වෙන කරදර.

හැබැයි බෑන්ක් පේමන්ට්වලදි එහෙම නෑ. බෑන්ක් එකට පේමන්ට් එක කළාම තමයි අපි පාර්සල් එක යවන්නෙ. හැබැයි මේ ක්‍රමයෙදි අපි ගැන කස්ටමර්ට විශ්වාසයක් තියෙන්න ඕනෙ වගේම ඒ විශ්වාසය කඩ නොවෙන්න අපි අපේ සේවය දෙන්නත් ඕනේ. දෙපැත්තෙම අවංකභාවයෙන් තමයි වැඩේ වෙන්නෙ.

ඩිලිවර් කරන විධි

ප්‍රඩක්ට් එකක් විකුණනකොට අනිවාර්යෙන්ම අපි ඩිලිවරි මෙතඩ් එක කියන්න ඕනෙ කස්ටමර්ට. මූලිකවම බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට තමන්ගෙ ප්‍රඩක්ට් එක අනුව ඩිලිවරි මෙතඩ් එක හදාගන්න පුළුවන්. පාර්සල් පෝස්ට්, කුරියර් සර්විස්. තමන් විසින්ම ඩිලිවර් කිරීම වගේ ක්‍රම යොදාගන්න පුළුවන්. මෙතනින් ලේසිම වැඩේ පාර්සල් පෝස්ට් එක තමයි.

හැබැයි පෝස්ට් එකේ යවන්න පුළුවන් බඩුවලට විතරයි ඒ පහසුකම ගන්න පුළුවන්. රෙජිස්ටර් පෝස්ට් එකේ යවනවා නම් ග්‍රෑම් ගාණ අනුව රු.150 ඉඳලා ඉදිරියට තමයි ප්‍රයිස් වෙන්නෙ. ඒ වගේම කුරියර් සර්විස් එකකට දෙනවනම් කිලෝ එකක් රු. 300 ක වගේ මිලකට තමයි අද යන්නෙ. මේ ඩිලිවරි ෆී එක ප්‍රඩක්ට් එකටම අල්ලලා ප්‍රයිස් කරනවද වෙනම ගන්නවද කියලා ඔයා තමයි තීරණය කරන්න ඕනේ.

ප්‍රඩක්ට් පැක් කරන විධි

පැකේජ් එකක් යවනවනම් අපි ඒක හොඳට පාර්සල් කරලා යවන්න ඕනේ. බාහිර බලපෑම් නිසා පැකේජ් එකට හානි නොවෙන්න යවන එක අපේ වගකීම. සෙල්ලම්බඩු, කැඩෙන බිඳෙන දේවල් වගේ නම් ස්පොන්ච් දාපු පෙට්ටියකට හෝ අපිට පෝස්ට් ඔෆිස් එකෙන් ගන්න පුළුවන් විශේෂ කවරවල දාලා.

ලොකු පාර්සල් නම් හොඳට රැප් කරලා යවන්න ඕනේ. මේ පාර්සල් රැපින් පෝස්ට් ඔෆිස්වල ගන්න තියනවා බොහොම අඩු මුදලකට. පෝස්ට් එකේ යවනවනම් අපි පාර්සල් එක රැප් කරන්න කලින් එයාලට පෙන්නන්න ඕනේ පෝස්ට් කරන දේවල්.

ඊට පස්සෙ රැප් කරලා, බර අනුව සල්ලි ගෙවලා, කවුන්ටර් එකට බාර දෙන්න පුළුවන්. ඔයා කුරියර් සර්විස් එකක සහය ගන්නව නම් එයාලා කියන පැකින් සිස්ටම් එකකට පැක් කරලා යවන්න.

මේවා පැක් කරනකොට හැමවෙලේම ඔයාගෙ බිස්නස් එක ප්‍රමෝට් වෙන විදියට බිස්නස් කාඩ් එකක්, ස්ටිකර් එකක් වගේ යවන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට වාසිදායක වෙන විදියට ප්‍රයිස් රේන්ජ් එකකින් එහාට මිලට ගැණුම්වලදි පොඩි ගිෆ්ට් එකක් වගේ යැව්වොත් ඒ කස්ටමර් ඔයාව නැවත කන්ටැක්ට් කරනවා.

අර්චිත ඉඳුවර ✍️

TAGGED: Deliver, Market Place, Product pack, Self Employed, ඔන්ලයින් බිස්නස්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love6
Sad1
Happy2
Sleepy1
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?