නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චියෙන් පෙන්වන ඔයාගේ Class එක
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හැන්දයි ගෑරුප්පුවයි පාවිච්චියෙන් පෙන්වන ඔයාගේ Class එක

Published January 8, 2024

කෑම මේසයේදී අප පිළිපැදිය යුතු යහ පුරුදු බොහොමයක් තිබෙනවා. උපකරණ නිසි ලෙස භාවිතයත් ඊට අදාළ දෙයක්. සංස්කෘතියෙන් සංස්කෘතියට මේවා තරමක් වෙනස් වුණත් බොහොමයක් පුරුදු පොදු ඒවා ලෙස අපට හඳුනාගන්න පුළුවන්. පිරිසක් ඉදිරියේ ආහාර ගන්නාවිට අපහසුතාවයට පත් නොවී ප්‍රසන්නව ආහාර ගැනීමට මෙම පුරුදු ඔබට අනිවාර්යයෙන්ම උදව් වේවී.

අත් පිස්නා භාවිතය

භෝජන සංග්‍රයකදී නම් ඔබ වාඩි වුණ විගසම අත් පිස්නාව ඔබේ උකුල මත එලා ගැනීම කළ යුතුයි. මෙහිදී ගසමින්, වනමින් නවා ඇති අත් පිස්නාව දිග නොහැරිය යුතු අතර එය සෙමින් කළ යුතුයි. ඔබ අතර මඟදී තාවකාලිකව නැගිට යන විට අත්පිස්නාව තබා යා යුත්තේ ඔබ වාඩි වී සිටින පුටුව මතයි. ආහාර ගැනීම අවසන් කළ පසු එය ඔබේ මේසයේ වම් පසින් තබා නැගිටීම කළ යුතුයි.

උපකරණ භාවිතය

උපකරණ භාවිත කරන පිළිවෙල වන්නේ ‘පිටත සිට ඇතුළට’ ලෙසයි. ඔබට මුලින්ම ලැබෙන ආහාරය සඳහා ඔබ ගත යුත්තේ ඔබේ පිඟාන දෙපස තබා ඇති හැඳි සහ ගෑරුප්පුවලින් පිටතින්ම එනම් පිඟානට දුරින්ම ඇති යුගලයයි. ඔබ ආහාර බෙදාගන්නේ නම් සාමාන්‍යයෙන් මුලින්ම සුප් එකකින් ආරම්භ කරනවා. සුප් හැන්ද තරමක් පුළුල් හිසක් සහිත හැන්දයි.

ඒ සමග ඔබ පාන් ආහාරයට ගන්නවා නම් කුඩා කැබලි කඩාගෙන ආහාරයට ගත හැකියි. සාමාන්‍යයෙන් දකුණතින් ආහාර ගන්නේ නම් දකුණතින් හැන්ද සහ වම් අතින් ගෑරුප්පුව අල්වා ගත යුතුයි. මෙය අල්වා ගන්නා ක්‍රම දෙකක් තිබෙනවා.

ඔබ පිහිය සහ ගෑරුප්පුව භාවිත කිරීමේදී ගෑරුප්පුව වමතට ගෙන පිහිය දකුණතට ගෙන ගෑරුප්පුවෙන් ආහාරය අල්ලා ගෙන පිහියෙන් කුඩා කැබලිවලට කැපීම කළ යුතුයි. ඒවා ආහාරයට ගැනීමේදී බොහෝවිට නැවත ගෑරුප්පුව දකුණතට ගැනීම සිදු කරනවා.

වීදුරු භාවිතය

ප්‍රමාණයෙන් විශාල බඳුනක් සහිත වීදුරුව ජලය පානයටයි. අනිත් වීදුරු භාවිත කරන්නෙ වයින් ආදියටයි.

ආහාර ගැනීම ආරම්භ කිරීම

ආහාර ගැනීම ආරම්භ කිරීමට සියලු දෙනාට පිළිගන්වා අවසන් වන තුරු සිටීම සුදුසුයි.

ආහාර හුවමාරු කිරීම

පුද්ගලයෙකුට විශේෂයෙන් යමක් දීමේදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම දකුණු පසට හුවමාරු කිරීම සිදු කළ යුතුයි.ලුණු සහ ගම්මිරිස් හුවමාරු කිරීමේදී සෑම විටම දෙකම එකවර හුවමාරු කිරීම සිරිතයි.ආහාර ගන්නා අතර විරාමයක දී සහ අවසන් වූ පසු හැන්ද සහ ගෑරුප්පුව තබා ගැනීම ඔබ ආහාර ගන්නා අතරතුර දී වතුර බීමට හෝ වෙනයම් දෙයකට තාවකාලිකව ආහාර ගැනීම නතර කරන විට හැන්ද සහ ගෑරුප්පුව තබන්නේ මෙසෙයි.ඔබ ආහාර ගැනීම අවසන් වූ පසු හැන්ද සහ ගෑරොප්පුව තබන්නේ මෙසෙයි.

ආහාර ගැනීමේ සාමාන්‍ය ආචාර විධි

සපන විට මුව වසා සැපිය යුතුයි. තලු මැරීම කෙසේවත් සුදුසු නැහැ.

දුරකථන භාවිතයෙන් වැළකීම සුදුසුයි. සාමාන්‍යයෙන් දුරකථනය නිහඬ කර තැබීම සිදු කරනවා.

ආහාර සපා ගිලීමෙන් පසු ජලය හොඳින් තිබෙන පානයක් පානය කිරීම සුදුසුයි. සපමින් යමක් පානය කිරීම ප්‍රසන්න වන්නේ නැහැ.

ආහාර ගන්නා අතරතුර කතා බහක් සිදු වේනම් එයට යහපත් අයුරින් සම්බන්ධ වීම සුදුසුයි. එහෙත් අප්‍රියජනක කතා සිදු නොකිරීමට ඔබ වගබලා ගත යුතුයි. එමෙන්ම කටේ ආහාර තිබියදී කතා කිරීමත් සුදුසු නැහැ.

හැකිතාක් ආහාර නොහලා ආහාර ගැනීමට උත්සාහ කිරීම සුදුසුයි.

එකවර අනවශ්‍ය තරම් විශාල ප්‍රමාණයක් ආහාර බෙදා ගැනීම සුදුසු දෙයක් නෙවෙයි. අවශ්‍ය පමණට බෙදාගෙන මදි පාඩුවට නැවත බෙදාගැනීමයි කළ යුතු වන්නෙ.

ආහාර කටේ පුරවා ගෙන ආහාර ගැනීම සුදුසු නැහැ. වරකට කුඩා ප්‍රමාණයක් මුව තුළ තබාගැනීම තමයි වඩා සුදුසු වන්නෙ.

ඔබට මේසයේ අනෙක් කෙළවරේ ඇති ආහාර බඳුනක් අවශ්‍ය නම් ඔබ මේසය හරහා ඇදී ගොස් එය ගැනීම නොකළ යුතුයි. ඒ අසලම සිටින්නාගෙන් ආචාරශීලීව එය ඉල්ලා ගැනීමයි සිරිත වන්නේ.

ආහාර ගැනීම අවසන් වූ පසු පුටුව මේසයට ඇතුල් කර පිටව යාම කළ යුතුයි.

සාමාන්‍යයෙන් ආහාර ගන්නා අතරතුරදී ඔබේ වැළමිට මේසය මත තබාගන්නේ නැහැ.

හැන්ද හෝ ගෑරුප්පුව අතේ තිබියදී අත පය වනමින් කතා කිරීම සුදුසු නැහැ.

අර්චිත ඉඳුවර ✍️

TAGGED: hand wash, plate, table manners, table setting
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Derana 60 Plus ජනප්‍රියම තරුව

June 9, 2025

බුකර් සම්මානය ඉන්දියාවේ බානුට

June 9, 2025

ලෝකයටම වැදගත් ලෝක පරිසර දිනය

June 9, 2025

ඔයත් දරුවට Toxic අම්මෙක්ද තාත්තෙක්ද

June 9, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?