නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බුද්ධ පූජාව සතුන්ට හෝ පුද්ගලයකුට කෑමට දීම පවක්ද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බුද්ධ පූජාව සතුන්ට හෝ පුද්ගලයකුට කෑමට දීම පවක්ද

Published January 8, 2024

බුදුන්වහන්සේගේ උතුම් බුදුගුණ මෙන්ම උන්වහන්සේ පිරූ දානාදි පාරමිතා සිහිකරමින් සිදුකරන පූජාවක් ලෙස බුද්ධ පූජාව හඳුන්වා දිය හැකියි. අප සිදුකරන කවර හෝ පිංකමකදී බුදුන්වහන්සේ උදෙසා ආහාර, කැවිලි පෙවිලි, පලතුරු, ගිලන්පස, පැන් ආදිය පූජා කළ හැකියි. ජීවමාන බුදුන්වහන්සේට කරන පූජාවක් සේ සලකා අප විසින් බුද්ධ පූජාව සිදුකළ යුතුය. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් බුදුන් වහන්සේ උදෙසා පැන් බිඳක් හෝ පිදිය හැකිය. බුද්ධ පූජාව තැබීමේදී අප විසින් එය සිදුකළ යුත්තේ අනුකම්පා සහගත සිතකිනි.

එනම්,
අධිවාසේතු නෝ භන්තේ – භෝජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගන්හාතු මුත්තමං
යනාදි වශයෙන් ප්‍රකාශ කරමිනි.

නිවසක බුද්ධ පූජාව පැවැත්වීම සුදුසුද?

ඕනෑම නිවසක එහි වෙසෙන නිවැසියන්ට බුද්ධ පූජාව තැබිය හැකිය. මනාව සකස් කළ බුදුමැදුරක් නොතිබුණද බුද්ධ ප්‍රතිමාවක් අභියස එබඳු පූජාවක් කළ හැකිය. තම නිවස ධර්මානුධර්ම ප්‍රතිපත්ති ගරුක තැනක් වුවහොත් බොහෝ කරදර හා විපත්තිවලින් මිඳීමට එයම හේතුවක් වනු නිසැකය. එබැවින් නිවස තුළ සම්බුද්ධ පූජාව තැබීම උතුම් දෙයකි.

බුද්ධ පූජාව පවත්වන්නේ නම් හීල්දානය, දවල් දානය සහ ගිලන්පස යන සියලු අවස්ථාවන් සපුරාලිය යුතු ද?

බුද්ධ පූජාවක් පැවැත්වීමේදී පළමුව මුල් වන්නේ පිංවත් ඔබගේ සිතය. පිංවත් ඔබට හැකි එක් අවස්ථාවක වුවද බුදුන් පිදිය හැකිය. අප මෙහිදී බුද්ධ පූජාව තබනුයේ වැළඳීමට නොවේ. කුසගින්න නිවීමට නොවේ. එබැවින් සිදුවන්නේ වතාවතකි. එබැවින් තුන් සිත පහදවා ගත් ඔබ උදේ දවල් සවස යන අවස්ථාවන්හි හෝ එක් අවස්ථාවක හෝ බුද්ධ පූජාදි පිංකම් කළ හැකිය. හැම අවස්ථාවකම එය සිදුකරන්නේ නම් වැඩි වැඩියෙන් ඔබට පිංසිදුවනු ඇත.

ඔබගේ නිවසේ සිදුකරන වතාවත් අඛණ්ඩව සිදුකිරීම පිනකි. ඔබ නිවසින් බැහැරව යන අවස්ථාවන්වල පිරිසිදු වතුර වීදුරුවක් පුදන්න. ඔබ නිවසින් බැහැරව යන කාරණාව සිතින් සිතා එම කාරණාව මුදුන්පත් කරගෙන කමාව (කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං) ඉල්ලා සිටීම සිතෙහි සැනසීම ඇති කිරීමට හේතු වේ.

ඔබ ඔබේ විහාරස්ථානයට සලාක දානයක් දෙන කෙනෙකු යැයි සිතන්න. ඔබ එවිට කරනු ලබන්නේ කුමක්ද? ඒ බව විහාරස්ථානයට දන්වා කමාව අයැද සිට ඊට පිළියම් යොදනු ඇත. බුද්ධ පූජාව මඟ හැරීමෙන් පවක් සිදු නොවේ.

එය ඔබ සිතාමතා කළ දෙයක් නොවේ. එමෙන්ම ලොව්තුරු බුදුන්වහන්සේට ලෝකයේ කොතැනක හෝ පූජා තැබෙන බැවින් පවක් සිදුවීමට ඉඩක් නැත. බුදුන් වහන්සේ ජීවමාන අවදියේ උන්වහන්සේට දානය නොලැබුණු අවස්ථා ඇත. මෙහිදී අප සිතිය යුත්තේ පවක් ගැන නොව පිනක් කර ගැනීමට අපට තිබූ අවස්ථාවක් මඟ හැරුණා යනුවෙනි.

එමෙන්ම ගිහි ජීවිත ගෙවන ඔබට පන්සලේ මෙන් එම වතාවත් අකුරටම කිරීමට විවේකය නැත. එවිට හැකිවිට එය සිදුකරන්න. අවේලාවේ ආහාර පිදීමෙන් වළකින්න. භික්ෂුවගේ දින චරියාව මෙන් බුදුන් පුදන්න. භික්ෂුව ආහාර ගන්නේ බුදුවදන අනුවය.

බුද්ධ පූජාව සතුන්ට හෝ වෙනත් පුද්ගලයෙකු හට ආහාරදීම පවක් ද?

පවක් සිදුවන්නේ නැත. මෙහි ඇත්තේ සුචරිතවාදි ආකල්පයකි. තමන් වහන්සේ පිඬුසිඟා ලත් අහරින් කොටසක් කවර හෝ කෙනෙකුට ලබාදී හෝ වෙන්කර වළඳන මෙන් බුදුන්වහන්සේ අනුදැන වදාළහ. තිරිසන් සත්ත්වයාගේ සිට බුදුරදුන් දක්වාම දෙනු ලබන දානයේ අනුසස් වෙන් වෙන්ව දේශනා කොට ඇත.

ඒ අනුව පූජා කොට අවසන් වූ ආහාර හෝ වෙනත් යමක් අපතේ නොයවා සතෙකුට ලබාදීම කම් නැත. මන්ද එහි පූජා සිතුවිල්ල අවසන් වී ඇති බැවිනි. බොහෝ විහාරස්ථානවල එසේ කරති. එසේ කිරීම කැපයි. කළ යුත්තේ එයයි. සමහර කෑම වර්ග පිදූ සැටියෙන් තිබෙන බැවින් අපතේ නොයවා සතුනට හෝ පුද්ගල කුසගින්න නිවීම පිණිස ලබාදීම පවක් සිදුවන දෙයක් නොවේ.

ප්‍රණීත දේවල් බුද්ධ පූජාවට තබා තිබෙනු දුටුවිට ඇතැම්හු ඊට ඇලුම් කරති. සමහර විට බුද්ධ පූජාව අස්කරන අවස්ථාවල කති. යාචකාදීන්ට දෙති. බත් ව්‍යංජන කෙසේ වෙතත් පලතුරු ආදිය එසැණින් කති. නමුත් එය ශිෂ්ටසම්පන්න නොවේ. දන්දී අත්හල දේ නැවත අපිම පරිභෝජනය කරන්නේ නම් ඒ දෙන ලද දානයේ ඇති ඵලය කුමක්ද?

සමහරු බුද්ධ පූජාව නොකති. ශිෂ්ට සම්පන්න අය එය ප්‍රතික්ෂේප කරති. නිවසක පුදන බුද්ධ පූජාව ඉවත් කළ යුතු බවය. ශ්‍රද්ධාවෙන් පුදන බුද්ධ පූජාව නොකන්නේ නම් හොඳය. කොතරම් ප්‍රණීත දේවල් ඒ තුළ තිබුණත් බුද්ධ පූජාව නොකනු මැනවි. තිරිසත් සතෙකුට දීම කම් නැත.

එමෙන්ම දහසක් මිනිසුන් කුසගින්නේ සිටිය දී අනවශ්‍ය (විවිධ කෑම වර්ග ගොඩ ගසා) පූජා පැවැත්වීම නොකළ යුතුය.එය කාලෝචිත දැයි සිතිය යුතුය. එහෙත් බුද්ධ සන්තක වස්තුව හෝ සාංඝික දේපල (සඟසතු දේවල්) අවසරයකින් තොරව සොර සිතින් ගැනීමෙන් නම් පව් සිදුවන බව නිතර සිහිකට යුතුය.

දර්ශනපති, ආචාර්ය,
බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
ශ්‍රී සමාධි විහාරය, බදුල්ල

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️



 

TAGGED: buddha, buddhism, dhammapada, දානය, බුද්ධ පූජාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?