නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: එළු මස් කුරුමා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
ඉවුම් පිහුම්

එළු මස් කුරුමා

Published July 31, 2023

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළුමස් ග්‍රෑම් 500
  • කපාගත් තක්කාලි ගෙඩි 2
  • ලූනු ගෙඩි 2
  • මිංචිකොළ ස්වල්පයක්
  • කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  • මීකිරි මේස හැඳි 2
  • දික් අතට කපාගත් අමුමිරිස් කරල් 4
  • අඹරාගත් පොල් මේස හැඳි 3
  • මිරිස්කුඩු මේස හැඳි 2
  • අමුතුනපහා මේස හැඳි 1
  • ගම්මිරිස්කුඩු මේස හැඳි 1
  • ගරම් මසාලා කුඩු තේ හැඳි 1/2
  • රස අනුව ලුණු

තෙම්පරාදුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව කපාගත් ලූනු ගෙඩි 1
  • හතරට කපාගත් තක්කාලි ගෙඩි 1
  • ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 3
  • කුරුඳු කැබැල්ලක්
  • එනසාල් ඇට 6
  • කරාබුනැටි 6
  • පොල්තෙල් මේස හැඳි 2
  • ගිතෙල් මේස හැඳි 1

සාදාගන්නා ආකාරය

භාජනයක් ළිප තබා පොල්තෙල් සහ ගිතෙල් එකතුකර තෙල් රත්වූ පසු එනසාල්, කුරුඳු, කරාබුනැටි, ලූනු, ඉඟුරු, සුදුලුනු පේස්ට් කපාගත් තක්කාලි එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. පසුව මස් ටික තෙම්පරාදුවට එකතුකර හොඳින් කලවම් කරගන්න. ඉන්පසු අඹරාගත් තක්කාලි ලූනු මිශ්‍රණය එකතුකර හොඳින් කලවම් කරන්න. මිංචි කොළ, කොත්තමල්ලි කොළ, අමුමිරිස්, මීකිරි, අඹරාගත් පොල්, මිරිස්කුඩු, ගම්මිරිස් කුඩු, අමුතුනපහ, ගරම් මසාලා සහ රස අනුව ලුණු එකතුකර හොඳින් කලවම් කර අඩු ගින්දරේ විනාඩි 25 ක කාලයක් පිසගන්න. හොඳින් තෙල් පෑදි උකු ගතියට එනවිට ළිපෙන් ඉවත් කර දීසියකට දමා උණුවෙන්ම පිළිගන්වන්න.

ප්‍රවීණ සූපවේදිනී
චන්දිමා මල්ලවආරච්චි
Chandi’s Kitchen
මාවරමණ්ඩිය

TAGGED: Mutton Kurma, එළු මස් කුරුමා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

‍රාත්‍රියට ඉන්දියානු කෑම වේලක්

May 12, 2025

මාළු, මස් නැති දවල් කෑම වේලක්

May 12, 2025

try කරනවානම් මෙන්න වෙනස් Dessert

May 5, 2025

Healthy සැලඩ්

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?