මොනවද මේ කොලෙස්ටරෝල් කියන්නේ?
කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයේ තිබෙන මේද වර්ගයක්. මෙය අපේ සිරුරට අත්‍යවශ්‍යයි. හමේ විටමින් D නිෂ්පාදනය, ස්නායු පටක වගේම සමහර හෝර්මෝන නිෂ්පාදනයේ මූලික සංඝටකය ලෙස කොලෙස්ටරෝල් සැලකෙනවා. අපේ ශරීරයේ කොලෙස්ටරෝල්වලින් 80% ක් පමණ අක්මාවේ නිපදවන අතර 20% ක් පමණ අප ගන්නා ආහාරවලින් ලැබෙනවා. ඒ වගේම ශරීරය තුළ කොලෙස්ටරෝල් නිපදවීම සඳහා අප ගන්නා මේද අධික ආහාර වගේම පිෂ්ට අධික ආහාර ද බලපානවා. ඒ නිසා තෙල් කෑම පමණක් නොව පිෂ්ටය අධික ආහාර භාවිතයත් කොලෙස්ටරෝල්වලට බලපානවා.
කොලස්ටරෝල් මට්ටම දැනගන්නේ කොහොමද?
ඔබගේ වයස අවුරුදු 30 ට වැඩි නම් වසර තුනකට වරක්වත් කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගැනීම වැදගත්. ඒ සඳහා නිර්දේශිත පරීක්ෂණය Lipid Profile යනුවෙන් හැඳින්වෙනවා. මේ වෙනුවෙන් රුධිර සාම්පලය ගත යුත්තේ ආහාර පාන ගැනීමෙන් වැළකී පැය 12 – 14 ක කාලයකට පසුවයි.
Lipid Profile පරීක්ෂණයකින් ලබාගන්නා වාර්තාව
Total Cholesterol
HDL අසංතෘප්ත (හොඳ) කොලෙස්ටරෝල්
LDL සංතෘප්ත (නරක) කොලෙස්ටරෝල්
Triglycrides
LDL කොලෙස්ටරෝල් අක්මාවේ සිට තෙල් අනිත් අවයව දක්වා ගෙනගොස් තැන්පත් කිරීම සිදුකරනවා.
LDL සංයුතියේ ඉහළ අගය ශරීරයේ තරබාරුවට, හෘදයාබාධ, අංශබාග තත්ත්වයට මූලික හේතුව ලෙස සැලකෙනවා.
HDL සංතෘප්ත කොලෙස්ටරෝල් අනෙකුත් අවයවවල සිට තෙල් අක්මාව වෙත ගෙන එනු ලබනවා. ඒ හරහා ශරීරයේ තෙල් තැන්පත් වීම අවම කරනවා.
කොලෙස්ටරෝල් නිසා ඇතිවන රෝගී තත්ත්වයන් මොනවාද?
කාලයත් සමග කොලෙස්ටරෝල් රුධිර වාහිනී බිත්තියේ තැන්පත් වෙනවා. එසේ තැන්පත් වීමෙන් පසු එම ස්ථානයේ රුධිර වාහිනී බිත්තිය දුර්වල වී ලේ ගමනාගමනය අවහිර වනවා. මෙසේ අවහිර වෙන රුධිරවාහිනී පිහිටන ඉන්ද්‍රිය අනුව විවිධ රෝගාබාධ ඇතිවනවා.
හෘදයේ ධමනියක් අවහිර වුණොත් හෘදයාබාධය ඇති වීම
මොළයේ රුධිර වාහිනියක් අවහිර වුණොත් ආඝාතය ඇති වීම
පාදවල රුධිර වාහිනියක් අවහිර වුණොත් ගමන් කරන පේශිවල වේදනාව හෝ ඇඟිලි කුණුවීම
වකුගඩුවලට ඇති රුධිර වාහිනිය අවහිර වුවහොත් වකුගඩු දුර්වල වීම
හැමෝටම කොලෙස්ටරෝල් ප්‍රශ්නයක් නොවන්නේ ඇයි?
කොලෙස්ටරෝල් තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතුව අධික LDL ප්‍රමාණයයි. ඒ වගේම
දියවැඩියාව
අධි රුධිර පීඩනය
දුම්පානය
ව්‍යායාම මදිකම
ජානමය තත්ත්වයන්
රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වූ විට රුධිරවාහිනීවල තැන්පත් වීමද අඩුවෙනවා.
නීරෝගී තරුණ පුද්ගලයෙකුගේ තිබිය යුතු ප්‍රශස්ත කොලෙස්ටරෝල් මට්ටම
LDL<130 mg/dl
HDL> 45 mg/dl
Triglycrides < 150 mg/dl
Total කොලස්ටරෝල් < 230 mg/dl
වයසක අයට සහ ව්‍යායාම මදි අයට හෝ වෙනත් රෝගී තත්ත්වයන් ඇති අයට ඉහත අගයන්ට වඩා අඩු කොලස්ටරෝල් මට්ටමක් පවත්වා ගැනීමට වෛද්‍යවරුන් විසින් උපදෙස් ලබා දෙනවා. ඒ නිසා කිසි විටෙක කොලෙස්ටරෝල් වාර්තාව බලා තමන් විසින්ම ප්‍රතිකාර ලබානොගත යුතුයි.
LDL බහුල ආහාර මොනවාද?
බදින ලද ආහාර
මේවායේ සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් මේද අන්තර්ගත නිසා LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැක. ඒ නිසා ආහාර බැදීමට වඩා ග්‍රිල් කිරීම, පිළිස්සීම මගින් ඔබේ සෞඛ්‍යට අහිතකර මේද ප්‍රමාණය අඩු කර ගත හැකිය.
සැකසූ මස්
බේකන්, සොසේජස් හැම් වැනි සැකසූ මස් වර්ගවල බොහෝ විට සංතෘප්ත මේදය සහ සෝඩියම් මට්ටම ඉහළව පවතිනවා. ඒ නිසා සැකසූ මස් වෙනුවට මාළු, කුකුළු මස්, සහ රනිල කුලයේ සරල ප්‍රෝටීන් ඔබේ ආහාර වේලට එකතු කරගන්න.
අධික මේද සහිත කිරි නිෂ්පාදන
චීස්, හෙවි ක්‍රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සංතෘප්ත මේදයෙන් ඉහළ මට්ටමක පවතින නිසා එමගින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි. ඒ නිසා අධික මේද සහිත කිරි ආහාර වෙනුවට අඩු මේද කිරි හෝ මේද රහිත කිරි ආහාරයට ගන්න. එනම් මුදවපු කිරි, අඩු මේද යෝගට් වැනි දේ සුදුසුයි.
බේක් කළ ආහාර
කුකීස්, පේස්ට්‍රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට ට්‍රාන්ස් මේද සහ සංතෘප්ත මේද අඩංගුයි. එමගින් කොලස්ටරෝල් මට්ටම ඉහළ යනවා. ඒ නිසා බේක් කරන ලද ආහාර වෙනුවට සම්පූර්ණ තිරිගු පිටි, පලතුරු යුෂ, ස්වභාවික රසකාරක සහ විකල්ප අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදී සකස් කළ ආහාර වෙනුවෙන් යොමුවීම වැදගත්.
රතුමස්
හරක් මස් සහ බැටළු මස්වල සංතෘප්ත මේදය අධිකයි.
සංතෘප්ත තෙල්
බිත්තර කහමද
ට්‍රාන්ස් මේද සහ සෝඩියම්
අධික ස්නැක් ෆුඩ්ස්
සීනි අඩංගු බීම
ඒ නිසා ඔබේ ආහාර රටාවට අසංතෘප්ත මේදය සහිත ආහාර වැඩියෙන් එකතු කරන්න.අසංතෘප්ත මේද ඒක අසංතෘප්ත මේද සහ බහු අසංතෘප්ත මේද ලෙස කොටස් දෙකකි. මේවා රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහළ හෙලීමට හේතු වෙනවා. ඒ නිසා ඔලිව් තෙල්, සෝයා, සූරියකාන්ත, රටකජු, කැනෝලා සහ මේදය අඩංගු ලොකු මාළු වර්ගවල අසංතෘප්ත මේද බහුලව තිබෙනවා.
එළවළු සහ පලතුරුවල ඇති ස්ටැනෝල් සහ ස්ටෙරෝල් මගින් සහ දියවන තන්තු මගින් ආහාරවල ඇති කොලෙස්ටරෝල් අවශෝෂණය කරමින් අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කරනවා.
කොලෙස්ටරෝල් අඩු කරගන්නේ කෙසේද?
කොලෙස්ටරෝල් අධික ආහාරවලින් වැළකී සිටීම
දෛනික ව්‍යායාම කිරීම
පිටි, සීනි, බත් වැනි කාබොහයිඩ්ඩ්‍රේට ආහාර සීමා කිරීම
ඉහත ක්‍රමවලිනුත් කොලෙස්ටරෝල් මට්ටම අඩු නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් සහිතව ඹෟෂධ ලබාගැනීම වැදගත්. ව්‍යායාම මගින් සිදුවන වැදගත් මෙහෙය වන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම අඩුවීම සහ දහනය කර පවතින තෙල් ශරීරයෙන් පිට කිරීමයි.
කොලෙස්ටරෝල් ඖෂධ ගත යුතු කාලයක් තිබෙනවාද?
කොලෙස්ටරෝල් වෙනුවෙන් ලබාදෙන ඖෂධ මගින් සිදුවන්නේ කොලස්ටරෝල් නිෂ්පාදනය අඩු කිරීමයි. එය සිදුවන්නේ ඖෂධ ගන්නා තෙක් පමණි. ඒ නිසා කොලෙස්ටරෝල් මට්ටම අඩුවෙන් තබාගැනීමට නම් දීර්ඝකාලීනව ඖෂධ ලබාගැනීම වැදගත්.
කොලෙස්ටරෝල් ඖෂධ නිසා අක්මාව නරක් වෙනවාද?
එය මිථ්‍යාවක්. ඖෂධ නොගතහොත් ඇතිවන රෝගී තත්ත්වයන් නිසා මරණය පවා සිදුවිය හැක. ඒ නිසා ඔබ විසින් අතුරු ආබාධ ඇති වෙතැයි ගොඩනගා ගන්නා අනුමානය මත නොරැඳී නිසි පරිදි ඖෂධ ලබා ගැනීම වැදගත්.නමුත් කිසිම විටෙක කොලෙස්ටරෝල් පෙති වෛද්‍යවරයකුගේ අනුමැතියකින් තොරව භාවිත කරන්න එපා. අනවශ්‍ය මාත්‍රාව අක්මාවට අහිතකරයි. එබැවින් හිතකර ආහාර රටාව, ව්‍යායාම සහිත ක්‍රියාශීලී ජීවන රටාවක් මගින් කොලෙස්ටරෝල් ගිණුම හිතකර පරිදි පවත්වා ගැනීම ඔබේ වගකීමක්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️