අපේ සම බාහිර පරිසරයෙන් අපට ඇතිවිය හැකි හානිවලින් ආරක්ෂාවක් ලබාදෙනවා. නමුත් විවිධ හේතුන් නිසා සමට ආරක්ෂාව ලබාදීමේ හැකියාවක් නැතිවෙන්න පුළුවන්. එම අවස්ථාවල අපේ සමේ අභ්‍යන්තරයේ තිබෙන පටකවලට විසබීජ ඇතුළු වීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් විදිහට “සෙලියුලයිටිස්” (Cellulitis) හඳුන්වනවා.
අපේ සමට විෂබීජ ඇතුළුවන්නේ කොහොමද? දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. ඔව් අපට නොදැනෙන විදිහට බාහිරව තිබෙන විසබීජ අපේ සිරුරට ඇතුළුවන්න පුළුවන්.
සමේ තිබෙන තුවාල හරහා
eczema වැනි තුවාල ඇති අයගේ එම දද හරහා
අපි නිතරම කියන දියමිටියන් කෑම එහෙම නැත්නම් ඇගිලි කරු අතර ඇති තුවාල හරහා
ඉහතින් මා සඳහන් කළ විවිධ හේතු නිසා අපේ සිරුරට සම යටින් විෂබීජ ඇතුළුවන්න පුළුවන්.ඒ විතරක් නොවෙයි. කකුලේ බත්කෙණ්ඩ ඇති ප්‍රදේශයට නිතර නිතර විෂබීජ ඇතිවිට සමහර අයට බහුලව මේ තත්ත්වය ඇති වෙනවා. එම තත්ත්වය තවත් විශේෂ කොට බහුල වන්නේ
නිදන්ගත හෘද රෝග සංකුලතාවන් ඇති රෝගීන්ගේ කකුලේ ඇති ඉදිමුම නිසා
බරවා රෝගීන් ( කකුලේ ඉදිමුම නිසා )
නහර ගැට ගැසීමේ රෝග තත්ත්වයෙන් පසු වෙන පුද්ගලයන්ගේ එම තුවාල හරහා
ප්‍රතිශක්ති දුර්වලතාවයෙන් පසුවන පුද්ගලයන් ,මේ අයට රෝග තත්ත්වයන්ට විරුද්ධව ප්‍රතික්‍රියා කිරීමට ඇති දුර්වලතාවන් නිසා.
ඉහත රෝගීන් සෙලියුලයිටිස් රෝග තත්ත්වයට පත් වීමට වැඩි අවදානමක් තිබෙන්නේ ඇයි?
මේ රෝගීන්ගේ සම සහ පටක සාමාන්‍ය පුදගලයන්ට වඩා වෙනස්. අපි නිතරම දියවැඩියා රෝගීන්ට තමන්ගේ පාද ගැන සැලකිළිමත් වෙන්න කියනවා. ඔවුන්ගේ සමේ ඇති සංවේදන දැනීමේ හැකියාව අඩුයි. එම නිසා පහසුවෙන් විෂබීජ ඇතුළුවන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ සම ආසාදනය වුණොත් සුවය ලැබීමටත් කාලය ගතවෙනවා.
සමහර විට පාද කපා ඉවත් කරන්න පවා සිදුවනවා. ඒ අනුව නිදන්ගත දියවැඩියා රෝගීන් Cellulitis තත්ත්වයට පත්වීමට වැඩි අවදානමක් තිබෙනවා. එසේම ඉහත සඳහන් රෝගී තත්වයන් නිසා සමේ පටක ඉදිමීම වගේම දුර්වල වීමටත් පුළුවන්. මේ හේතුව නිසා එම රෝගීන්ගේ සමේ බැක්ටීරියා ආසාදන ඇතිවීමේ සම්භාව්‍යතාව වැඩියි.
cellulitis රෝග ලක්ෂණ
සෙලියුලයිටිස් රෝග තත්ත්වයට පත් වූ රෝගියෙකුගේ රෝග ලක්ෂණ කීපයක් අපට දැකගන්න පුළුවන්.
අදාළ ප්‍රදේශයේ සම රතුවීම
එම ස්ථානයේ දැනෙන වේදනාව
කුද්දටි ඇතිවීම
උණ ගැනීම
විසර ගෙඩි වැනි ස්වභාවයක් ඇතිවීම
සෙලියුලයිටිස් වැඩි වශයෙන් ඇතිවන්නේ දණහිසෙන් පහළ වළලුකරට ඉහළින් ඇති “බත් කෙණ්ඩ” ප්‍රදේශයේ. නමුත් මේ සීමාව කියලා අපට සහතික වීමක් නැහැ. සමහර විට සිරුරේ ඕනෑම ස්ථානයක් සෙලියුලයිටිස් ආසාදනයට පත් වෙන්න පුළුවන්.
සෙලියුලයිටිස් රෝග තත්ත්වයට ප්‍රතිකාර
සෙලියුලයිටිස් රෝගයට සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. බොහෝ රෝගීන් තමන්ගේ රෝග තත්ත්වය ඔවුන් විසින්ම නරක තත්ත්වයට පත්කර ගන්නවා. මෙවැනි ආසාදන තත්ත්වයක් ඇති වුණොත් අනවශ්‍ය අන්දමින් ප්‍රමාද වීම සුදුසු නැහැ.
හැකි ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත්.වෛද්‍යවරයාට රෝග ලක්ෂණ අනුව රෝග තත්ත්වය සෙලියුලයිටිස් බැව් තහවුරු කරගන්න පුළුවන්. ඒ අනුව මුල් අදියරේදී ප්‍රතිකාර වෙත යොමුවුණොත් ඉතාම පහසුවෙන් සුවය ලබාගන්න හැකියාව තිබෙනවා.
සෙලියුලයිටිස් රෝගියා මුල් අදියරේදී ප්‍රතිකාර වෙත යොමු වුණොත්?
රෝගියෙක් මුල් අවසථාවේදී ප්‍රතිකාර වෙත යොමුවුණොත් මුඛ මාර්ගයෙන් ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ මගින් සුවය ලබාගන්න පුළුවන්. රෝග තත්ත්වය කල්ගිය සෙලියුලයිටිස් රෝගියෙකුට නම් එවැනි රෝගීන්ට අපි ප්‍රතිජීවක ඖෂධ එන්නත් විදිහට ලබාදෙනවා.
වරක් වැළඳුන රෝගියෙකුට නැවත වතාවක් රෝගය වැළඳෙන්න ඉඩක් තිබෙනවාද?
ඔව්. එකම රෝගියාට විටින් විට මේ රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්. දෙතුන් වතාවක් එකම ස්ථානයක සෙලියුලයිටිස් ආසාදනයට පත්වුණාම එතැන ක්‍රමයෙන් විශාල වෙනවා.
සෙලියුලයිටිස් ආසාදනයට පත් නොවී සිටින්නට නම් ලබා දෙන උපදෙස් මොනවාද?
මේ රෝගය වැළඳීමට හේතු වගේම රෝගයට අවදානම් කණ්ඩායම් ගැන මම මුලින් සඳහන් කළා. රෝගයෙන් ආරක්ෂා වන්න නම් අපි රෝග නිධානය හඳුනාගෙන ඒ හේතු පාලනය කරගැනීම අවශ්‍යයි.
විසබීජවලට නිරාවරණය නොවන සේ පාවහන් පැළඳ අවදානම් ( මඩ, පල්වුණ ජලය) ස්ථානවලට යෑම
කකුල හොඳින් සෝදා වියළිව තබාගැනීම
පාදවල තුවාල ඇත්නම් ඒවාට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබාගැනීම
නිතරම ඔබේ පාදවල දද, තුවාල තිබෙනවාදැයි පරීක්ෂාකාරී කිරීම ( විශේෂයෙන් දියවැඩියා රෝගීන් )
දියවැඩියා රෝගීයෙකු නම් තමන්ගේ පාද නීරෝගීව තබාගැනීම සඳහා වෛද්‍යවරයා විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කිරීම
දෙපා ඉදිමී, රතු වී ඇත්නම් එය වෙනත් ( වකුගඩු, හදවත් රෝග ) රෝගයක් නිසා වීමටත් ඉඩ ඇති නිසා ඒ ගැනත් සැළකිළිමත් වෙන්න.
තරබාරු පුද්ගලයෙකුට සෙලියුලයිටිස් රෝග තත්ත්වය ඇතිවුණ විට සිරුරේ බර කකුලට දැනෙන නිසා අපහසුතාව වැඩිවීමට පුළුවන්. ඒ නිසා එදිනෙදා ජීවිතයේ ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය යහපත් ලෙසින් පවත්වා ගැනීම සෙලියුලයිටිස් රෝග තත්ත්වයේදී අවදානමක් ඇති නොවීමට හේතුවක්.ඒ නිසා එදිනෙදා ජීවිතයේදී ඔබේ සම, පාද ආශ්‍රිතව දක්වන සැළකිලිමත් බව සෙලියුලයිටිස් රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට හේතු වනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා