සෙප්සීස් රෝග තත්ත්වය වගේම මේ නිසා ඇතිවන කම්පනය ( Septic Shock ) අද ලෝකයේ බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වී තිබෙනවා. සෑම වසරකදීම පුද්ගලයන් තුන් දෙනෙකුගෙන් එක් අයකු සෙප්සීස් රෝග තත්ත්වය නිසා මරණයට පත්වන අතර පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයකු රෝගය නිසා ආසාදිත බවට පත්වනවා.
සෙප්සිස් රෝග තත්ත්වය කුමක්ද?
අපේ සිරුරට ඇතුළුවන ආගන්තුක බැක්ටීරියා සහ වෛරස වෙනුවෙන් සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය නොමැති වීම නිසා ආගන්තුක ආසාත්මිකතා අංශු අපේ සිරුරට ඇතුළු වී රෝග කාරකයන් ගුණනය වීම නිසා පටක හානි වී ඉන්ද්‍රියන්ගේ නීරෝගිතාවට හානි සිදුවීම “සෙප්සිස් ” යනුවෙන් හැඳින්වෙනවා.
සෙප්සීස් ඇතිවිය හැකි ආකාර කීපයක් තිබෙනවා
ආසාදනයක් ( Infection )
රුධිරයට බැක්ටීරියාවක් සම්ප්‍රේෂණය වීම (Bacteraemia)
රුධිරයේ බැක්ටීරියා ඉතා දරුණු ලෙසින් ගුණනය වීම ( Septicaemia )
දුර්වල අවයවයන් නිසා ආගන්තුක බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් නොමැති විම උදාහරණ ලෙස අක්මාව, වකුගඩු අක්‍රීය වීම වැනි අවස්ථාවන්හිදී මේ තත්ත්වය ඇතිවිය හැකිය.
අවයවයක් අක්‍රීය වීම ඇස්මේන්තු කිරීම
මෙමගින් Sequential Organ Failure Assessment (SOFA) අවදානම් රෝගීන් හඳුනාගැනීමට හැකියාව තිබෙනවා. Sequential Organ Failure Assessment හි අගය 2 හෝ ඊට වඩා වැඩි අගයක පැවැතීම සෙප්සීස් දරුණු රෝග සංකුලතාවන් ඇතිකිරීමේ හැකියාව ඇති රෝග තත්ත්වයක්. මෙහිදී ඇතිවන දරුණු ආසාදන තත්ත්වයන් නිසා පටකවලට පවා හානි සිදුවන්න පුළුවන්.
Septic Shock – රුධිර පීඩනය නිසා සෙප්ටික් කම්පන තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා නිතරම රුධිර පීඩනය 65 mm Hg අගයක පවත්වා ගැනීම වැදගත්. ලෝකය පුරා සිදුවන මරණ වලින් 40% කටත් වැඩි පිරිසක් සෙප්සිස් කම්පනය නිසා මරණයට පත්වන බැව් වාර්තා වෙනවා.
ව්‍යාධිජනකයන් Pathogenesis
ව්‍යාධිජනකයන් විසින් Neutrophils සහ Monocytes ආසාදනය කිරීම නිසා ප්‍රදාහ තත්ත්වයන් ඇතිවීම.
සෙප්සීස් ඇතිවුණොත් ?
සෙප්සීස් සිරුරේ ඕනෑම අවයවයකට බලපාන්න පුළුවන්.
රෝග තත්ත්වය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රතිචාර දැක්වීම
අපේ සිරුරේ ඇති ප්‍රතිශක්තිය මත Macrophagesiy and Neutrophils මගින් Cytokines නිෂ්පාදනය කරනවා. මෙහි ක්‍රියාකාරීත්වය lymphocytes මත පමණක් නොව හෘද මාංශ පටකවල රුධිර වාහිනී සහ වෙනත් සෛල සඳහාද බලපානවා. ඒ නිසා ප්‍රතිශක්තිකරණ සෛලවලින් Interlrukin (IL) උත්තේජනය වීම සිදුවනවා. සෙප්සීස් රෝග තත්ත්වයේදී මෙම උත්තේජනය TNF, IL1, IL6, IL8 වැඩි අගයක් ගන්නවා.
අවදානම් අය කවුද?
ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්
වයස්ගත වැඩිහිටියන්
දියවැඩියාව, පෙනහලු ආබාධ, පිළිකා සහ වකුගඩු, අක්මා රෝග වැනි නිධන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන්
අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්
වෙනත් රෝගවලට ප්‍රතිකාර ලබද්දී සෙප්සීස් අවදානමක් තියෙනවාද?
සමහර අවස්ථාවලදී රෝගියා ප්‍රතිකාර ලබන්නේ සෙප්සීස් රෝග තත්ත්වය සඳහා නොවේ. එහෙත් ප්‍රතිකාර ලබන රෝග තත්ත්වයේ අතුරු ප්‍රතිපලයක් විදිහට සෙප්සීස් රෝගයේ ගොදුරක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සඳහන් කළොත් දියවැඩියාව, අවයව බද්ධ කිරීම වැනි රෝග සඳහා ප්‍රතිකාර ලබන විට ආගන්තුක ඉන්ද්‍රිය ශරීරය පිළිගනීම සඳහා ප්‍රතිශක්තිය දුර්වල කරනවා. එවැනි අවස්ථාවක ඉතා පහසුවෙන් සෙප්සිස් රෝග තත්ත්වයට ගොදුරු වෙන්න පුළුවන්.
පිළිකා ප්‍රතිකාර ලබන රෝගීන්
පිළිකා රෝග තත්ත්වය වෙනුවෙන් රසායනික චිකිත්සක ( chemotherapy ) ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රතිකාර නිසා සෙප්සිස් රෝග තත්ත්වයට පත්වන අවදානමක් තිබෙනවා. පිළිකා සෛල වර්ධනය කිරීමේදී අපේ සිරුරේ සුදු රුධිරාණු අඩු වනවා. මේ අතරින් නියුට්රොසිල් (Neutrophil) සුදු රුධිරාණු වර්ගය වඩාත් වැදගත්. ඒ නිසා රෝගියාගේ ප්‍රතිශක්තිය දුර්වල වීම සමග සෙප්සීස් රෝග තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
සෙප්සිස් රෝග ලක්ෂණ
හෘද වේගය වැඩිවීම
උණ, වෙව්ලීම සහ තද සීතල සිහිය වෙනස් වීම, ව්‍යාකුල බව
වේගයෙන් හුස්ම ගැනීම
අධික දහඩිය
සෙප්සීස් හඳුනාගැනීම
රුධිර පරීක්ෂණ වාර්තා ලබාගැනීම ( WBC/DC )
රුධිරයේ රසායනික මට්ටම පරීක්ෂා කිරීම ( සෝඩියම්, ක්ලෝරයිඩ් මැග්නීසියිම්, කැල්සියම් පොස්පේට්, ග්ලූකෝස් ලැක්ටේට )
වකුගඩු ආශ්‍රිත පරීක්ෂණ ( Creatinine, Blood Urea )
අක්මාවේ ක්‍රියාකාරීත්වය (Bilirubin, alkaline phosphatase, alanineaminotransferase, aspartate aminotransferase, albumin)
රුධිර ( Blood Culture )සහ මුත්‍රා වගා (Urine culture) කිරීම පිළිබඳ පරීක්ෂණ
ප්‍රෝටීන් පරීක්ෂාව (CRP)
ඉහත පරීක්ෂණයන්ට අමතරව පහත සඳහන් පරීක්ෂණ සිදුවේ.
උදරය ආශ්‍රිතව සිදුකරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව ( US Ccan of Abdomen )
හෘදය වස්තුව ආශ්‍රිතව සිදුකරන Echocardiogram පරීක්ෂාව
පපුව සහ උදරය ආශ්‍රිතව සිදුකරන Radiography පරීක්ෂාව
උදරය සහ හිස ආශ්‍රිතව සිදුකරන CT ( Computed tomography ) පරීක්ෂණය
සෙප්සිස් සඳහා ප්‍රතිකාර
සෙප්සිස් රෝග තත්ත්වයට ඉක්මණින් ප්‍රතිකාර ලබාදීම අවශ්‍යයි. සමහර විට දැඩි සත්කාර ප්‍රතිකාර පවා අවශ්‍ය විය හැකියි. ඒ අනුව රෝගියාගේ ආසාදන තත්ත්වය පිළිබඳව දැඩි සේ නිරීක්ෂණය කරමින් රුධිර පීඩන තත්ත්වය, ශ්වසන පහසුකම් ලබාදීම, රුධිර මට්ටම පරීක්ෂා කිරීම සහ ඔක්සිජන් ලබාදීම මගින් අතුරු රෝග තත්ත්වයන් පාලනය කරනවා. සෙප්සීස් රෝගය සඳහා ප්‍රතිජීවක ලබාදීම සිදුවනවා. සමහර අවස්ථාවලදී චරෝගියා ප්‍රතිජීවක වෙනුවෙන් ප්‍රතිරෝධීතාවක් දක්වන්න පුළුවන්. ඒ නිසා සමේ දද, කුෂ්ට, ඇතිවීම, වමනය, ඔක්කාරය සහ පාචනය වැනි රෝග ලක්ෂණ ඇතිවීමට ඉඩ තිබෙනවා. ඊට අමතරව ප්‍රතිජීවක නිසා C. Difficile වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.
සෙප්සීස් රෝග තත්ත්වය බෝ වෙන්නේ කොහොමද?
ඔබගේම සිරුරෙන්
වෙනත් රෝගීන්ගෙන්
සෞඛ්‍ය සේවකයන්ගෙන්
වෛද්‍ය උපකරණ මගින්
මේ නිසා සෙප්සිස් තත්ත්වයට අවදානමක් ඇති බැව් දැන් ඔබ දන්නා නිසා සෙප්සිස් රෝග තත්ත්වයේ ගොදුරක් නොවී ඔබේ ජීවිතය පවත්වා ගැනීම ඉතාම වැදගත්.
අවදානමක් ඇති පුද්ගලයෙක් ආරක්ෂා වෙන්නේ කොහොමද?
- නිතර නිතර අත් සෝදන්න. මුව ආවරණ පළඳින්න. රෝගියා සමීපයේ සිටින අයත් අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳීම වැදගත්.
- අවදානම් සහිත නම් සෙනග ගැවසෙන ස්ථානවලින් දුරස් වන්න.
- අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්න.
- සමේ තෙතමනය තබාගන්න. මේ වෙනුවෙන් ආලේපන භාවිත කරන්න.
- මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් තෝරාගන්න.
- රෝගියා පරිහරණය කරන භාජන වෙන්කර තබන්න.
- පලතුරු හොඳින් සෝදා ආහාරයට ගන්න.
- සතුන්ගේ මළමුත්‍ර ස්පර්ශ වීමෙන් ප්‍රවේසම් වන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා